slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
ප්‍රභාත් ජයසුරියගෙන් ලෝක වාර්තාවක්

sinhala editor

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය අද (28 දා) පෙරවරුවේදී සමත්වූවේය. අයර්ලන්තයට එරෙහිව ගාලලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී 50 වැනි කඩුල්ල ලෙසින් පෝල් ස්ටර්ලිංග්ගේ කඩුල්ල ප්‍රභාත් විසින් දවා ගත්තේ තම 7 වැනි ටෙස්ට් තරගයේදීය.  

ප්‍රභාත්ට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කියන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ඇල්ෆ් වැලන්ටන් වන අතර ඔහු තරග 8 කදී ‌එම දක්ෂතාව දක්වා තිබේ.

මේ අතර ප්‍රභාත්ගේ එම දක්ෂතාවය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් අතරේ දෙවැනි ස්ථානයටද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානයටද  පත්ව සිටියි. ඔස්ට්‍රේලියාවේ චාලි ටර්නර් ලෝක පන්දු යවන්නන් අතර ජයසුරියට ඉදිරියෙන් සිටින්නේ තරග 6 කදී කඩුලු 50 ක් දවා ගනිමිනි. ජයසූරිය කඩූ 50 ක් දවා ගැනීමට පෙර ඩිල්රුවන් පෙරේරා තරග 11 කදී දක්වන ලද දක්ෂතාවය මීට පෙර ශ්‍රී ලංකාවේ වේගවත්ම කඩුලු 50 ලෙසින් සටහන් විය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee