slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2023
බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

sinhala editor

එක්දින සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට හිමි පුහුණු එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කර තිබේ.

ලබන 29 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පෙර සුදානමක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය කොළඹ ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට පාසල් වියේ පසුවන ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඉකුත් දා පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද දෙව්මි විහංගා සහ නෙත්මි සේනාරත්න එම ක්‍රීඩිකාවෝ වෙති.

ඊට අමතරව සෙසු ක්‍රීඩිකාවන් සියල්ලම නැගී එන කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් නියෝනියෝජනය කරමින් අත්දැකීම් ලබා සිටින ක්‍රීඩිකාවෝ වෙති. නායිකාව වන සත්‍යා සංදීපනී, රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටියි. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන සත්‍යා දකුණතින් පන්දුවට පහර දෙන්නීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – සත්‍යා සංදීපනී (නායිකා), උමේෂා තිමාෂිනී, කෞෂානි නුත්‍යාංගනා (උප නායිකා), පියුමි වත්සලා, සචිනි නිසංසලා, මදුෂිකා මෙත්තානන්ද, නෙත්මි මෙත්තානන්ද, නෙත්මි සේනාරත්න, තාරුකා ෂෙහානි, නිමේෂා මදුශානි, මල්කි මදාරා, අමාධි විජේසිංහ, සඳුනි නිසංසලා, නිලක්ෂණා සඳමිනී, නවෝද්‍යා නෙත්මි

 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee