slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2023
බැල්බර්නි සහ ස්ටර්ලිංග් ශතක වලට කිට්ටු කරති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

දිවා ආහාරයෙන් පසු පිටියට පිවිසි ඇන්ඩි බැල්බර්නි සහ පෝල් ස්ටර්ලිංග් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන්හ. ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තේ පානය සදහා තරගය නිමා කරන විටත් අයර්ලන්ත ලකුණු පුවරුව තවත් ලකුණු 93 කින් ඉහළ දමා ගත්තේ කඩුලු 3 ට ලකුණු 199 ක් බවට පරිවර්තනය කරමිනි.

නායක්තවයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින බැල්බර්නිත් උප නායකයා වන ස්ටර්ලිංග් ශතක වලට ආසන්නව සිටිති. නායකයා සිය මංගල ශතකයට ලකුණු 10 ක් ඈතින් සිටිද්දී උප නායකයා සිය මංගල අර්ධ ශතකය වාර්තා කරගෙන සිටියි. තරගය නිමා කරන විට සටර්ලංග් පන්දු 129 කට මුහුණ දෙමින් ලකුණු 74 ක් ලබා සිටියි.

මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව 110කි. එම ලකුණු සංඛ්‍යාව අයර්ලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවයට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 4 කින් පමණි. කෙවින් ඔබ්‍රියන් සහ ස්ටුවර්ට් තොම්ප්සන් අතර 2018 වසරේදී පාකිස්තානයට එරෙහිව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කර ඇති ලකුණු 114 අයර්ලන්ත ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ‌ලෙසින් සටහන් වේ.

පන්දු යැවීම දෙස අවධානය යොමු කිරීමේදී ඒ අතරතුර කාලයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අයර්ලන්ත පිතිකරුවන් හමුවේ දැනෙන බලපෑමක් සිදු කිරීමට අපොහොසත් වූහ. දෙවැනි සැසිය අතරතුරදී යවන ලද පන්දුවාර 30 න් පන්දුවාර 10 ක් ජයසුරිය විසින් ක්‍රියාත්මක කළද ඊට හොඳින් ප්‍රතිචාර දැක්වීමට ස්ටර්ලිංග් සහ බැල්බර්නි සමත්වූහ.

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම අයර්ලන්ත සැලසුම විය. විශ්ව ප්‍රනාන්දු විසින් යවන ලද තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවම ප්‍රබල ඉල්ලීමකින් ආරම්භ වුවද එය විනිසුරු කුමාර් ධර්මසේන නිෂ්ප්‍රභා කළේය.

පිටියේ විනිසුරුවරයාගේ තීරණයෙන් සෑහීමකට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එය අභියෝගයට ලක් නොකිරීමට වග බලා ගත්තේ පන්දුව පා ඉන්න ප්‍රදේශයට පිටින් පතිත වූයේ ද යන්න සැකය හේතුවෙනි. එය එලෙසින්ම පා ඉන්නට පිටතින් පතිතවූ අයුරු පැහැදිළිවම දැකගත හැකි විය. යම් ලෙසකින් ධර්මසේන මහතාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාවක් අහිමිව යනු ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය සුපරුදු ඉලක්කයට ඉක්මනින් අනුගත වෙමින් පන්දු යවනු දැක ගත හැකි වුවත් රමේෂ් මෙන්ඩිස්ගෙන් එවන්නක් දැක ගත නොහැකි විය. දිවා භෝජනය තෙක් යවන ලද පන්දුවාර 8 දී කුණු 33 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පීටර් මුවර් දැවී නොගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් මහතා සදහන් කර සිටියත් එය ‌තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වදින පන්දුවක් ලෙසින් දිස්විය. එබැවින් මුවර් ලකුණු 05 කට දැවී ගියේය.

අසිත හරුණු කොට අද තරගයට ක්‍රීඩා කරන විශ්වට කඩුලු දවා ගැනීමට අවස්ථාව නොමැති වුවත් ඉතාම හොඳින් පන්දු ය වන ආකාරය දැක ගත හැකි විය. නිවැරදි ස්ථානයට පතිත කිරීම මෙන්ම පන්දුවේ දෝලනයද ඉතා හොඳින් දැක ගත හැකි වූ නමුත් එම සෑම අවස්ථාවකදීම විශ්වට වඩා අයර්ලන්ත පිතිකරුවෝ වාසනාවන්ත වූහ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee