slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කිට්ටු කරයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයවූ අද (28 දා) දිවා භෝජනය සදහා ක්‍රීඩාව තර කර දමනා විට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියැළී සිටින අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 121 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වී සිටියහ. ලකුණු 212 ක් පසුපසින් සිට ඉනිමක පරාජයේ සටන ආරම්භ කළ අයර්ලන්ත කණ්ඩායම, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට නම් තවත් ලකුණු 91 කට වැඩියෙන් ලබා ගත යුතුය.

වෙනදා මෙන් නොව ගාලු තණතීරුව පස්වැනි දිනයටත් පිතිකරුවන්ට යෝග්‍ය විය. වෙනදා මෙන් එහි තියුණු ලෙස පන්දුව දඟ කැවීම දැක ගත නොහැකි නිසා නායක දිමුත්ගේ තීරණය වූයේ එක් අන්තයකින් වේග පන්දු ය වන්නකු කැඳවීමය. එහි වගකීම භාර දුන් අසිත ප්‍රනාන්දු නායකයාගේ වගකීම අකුරටම ඉටු කරමින් අයර්ලන්ත පිතිකරුවන්ව තැති ගැන්මකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනිණ.

වේගය මුසු බවුන්සර් පන්දු මෙන්ම යෝකර් පන්දු වලින් ගහණ වූ අසිතගේ එක් පන්දුවක් නායක බැල්බර්නිගේ හිස් ආවරණයේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා පිලට තරගයේ වාසිය දෝලනය වූයේ ඉන් අනතුරුවය.

බැල්බර්නිගේ තාවකාලික නික්ම යෑමත් සමග පිටියට පිවිසි පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පෝල් ස්ටර්ලිංග්ට පිටියේ රැදී සිටීමට අවස්ථාව අදාවූයේ පන්දු 5 ට පමණි. ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ස්ටර්ලිංග්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මෙම කඩුල්ල දවා ගැනීමට මත්වීමත් සමඟ ලොව වේගයෙන්ම කඩුලු 50 පසුකර ගිය දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සියතට ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිණ. සිය 7 වැනි ටෙස්ට් තරගයේදී ප්‍රභාත් එම දක්ෂතාව දක්වද්දී ඊට වසර 71 කට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ඇල්ෆ් වැලන්ටයින් එම වාර්තාවේ පැරැණි හිමිකරු වූවේය. වමතින්ම දඟ පන්දු යැවූ වැලන්ටයින් එම කඩුලු 50 බිද දැමීම සදහා තරග 8 කට ක්‍රීඩා කර තිබිණ. මෙහි සමස්ථ වාර්තාව ජයසුරියට සංසන්දනය කරන කල්හි ඔහු එහි දෙවැනි තැන සිට ගනියි. ජයසූරියට ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කරන ලද වේග  පන්දු යවන්නකු වන චාලි ටර්නර් කඩුලු 50 දවා ගෙන ඇත්තේ ටෙස්ට් තරග 6 කට සහභාගිවෙමිනි.

අනතුරුව ලෝකන් ටකර් (13) සහ කර්ටිස් කැම්පර් (12) ඉනිම ගොඩ නැගීමේ කාර්යයක නිරත දිවා භෝජනයට පෙරම ඔවුන් දැවී යෑම නිසා පිටියෙන් ඉවතට ගිය නායක ඇන්ඩි බැල්බර්නි නැවතත් පිටියට පැමිණීමට සිදුවිය. තරගය නිමා වූයේ බැල්බර්නිගේ නමට ලකුණු 29 කුත් හැරී ටෙක්ටර්ගේ නම ලකුණු 35 කුත් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee