slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ජය ගනියි

sinhala editor

සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු ඔක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක් හඹා ගිය නවසීලන්ත පිලේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය සමවූ නමුත් අවසන් සුපිරි පන්දුවාරයේදී පන්දු 3 කට ලකුණු 12 ක් ලබා ගත් චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් තරගයේ ජයග්‍රහණය පමණක් නොව තරගාවලියද 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන ආහ.

‌මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී සුපිරි පන්දුවාරය යැවූ මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවාරය ලකුණු 08 කට සීමා කළේය. අනතුරුව පිතිහරඹය ඇරැඹි ශ්‍රී ලංකා පිලේ කුසල් මෙන්ඩිස් පළමු පන්දුවේදී එක් ලකුණක් ලබා ගත් අතර දෙවැනි පන්දුවාරය යැවූ ඇඩම් මිලින්ට හයේ පහරක් එල්ල කළේය. තෙවැනි පන්දුව කඩුලු රකින්නාට ඉහළින් හතරේ සීමාවට යැවීමට අසලංක සලස්වද්දී එය එය නිපන්දුවක් ලෙසින්ද සටහන් වීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 5 ක් හිමිවිය. ඒ අනුව සුපිරි පන්දුවාරයේ පන්දු 4 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටි අතර ටොම් ලේතම් සිතූ පරිදිම පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගියේය. කලකට පසු පිටියට පිවිසි කුසල් පෙරේරා කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 19 කදී ලකුණු 47 ක් රැස් කළහ. එම වේගවත් පිති හරඹය නිසා අධිවේගී පන්දුවාර 6 අවසන් වන විට ශ්‍රී ලංකාවට ලකුණු 72 ක් ලබා ගැනීමට හැකිවිය. එහෙත් එම පන්දුවාර 6 දී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා‌ගේ කඩුලු දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

කෙසේ වෙත්ත කුසල් පෙරේරාට එක් වුණු චරිත් අසලංක ශ්‍රී ලංකා පිලට අවශ්‍ය සම්බන්ධතාව ගොඩ නැංවූහ. ලකුණු 103 සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 68 ක් පමණි.

ඒ අතරතුරදී පන්දු 41 කට මුහුණ දුන් චරිත් අසලංක හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 67 ක් ලබා තරගයේ වීරයා සම්මානයට පාත්‍රවීමට තරම් දක්ෂතාවක් දැක්වීය. වසර එකහමාරකින් පසු නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසි කුසල් පෙරේරා තම අන්තය ආරක්ෂා කර ගනිමින් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 45 කට ක්‍රීඩා කරමිනි. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කළ වමත් කස කරුවා ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 20 ම අවසන් වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. මැද පෙළින් පැමිණි වනිඳු හසරංග හයේ පහර 2 ක් සමග පන්දු 11 කදී ලකුණු 21 ක් ලබා ගත්තේ සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි.

රශින් රවීන්ද්‍රන් විසින් එල්ල කරන ලද අනපේක්ෂිත වේගවත් ඉනිම නිසා ලකුණු 196 ක ඉලක්කය ආසන්නයට පැමිණීමට නවසීලන්ත පිලට හැකියාව ලැබිණ. පන්දු 13 කදී ලකුණු 26 ක් ලබා ගැනීමට රවීන්ද්‍ර සමත් වීම නිසා අවසන් පන්දු 6 දී නවසීලන්ත පිලට අවශ්‍ය වූයේ ලකුණු 13 ක් පමණි. දසුන් ශානකය යැවූ එම පන්දුවාරයේ පළමු පන්දුවේදී රවීන්ද්‍ර දැවී ගියත් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ඉස් සෝධි සමත්වීමත් නිසා දෙපිළේම ලකුණු සමව තරගය නිමාවට පත්විය. එම හයේ පහරත් සමග නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 196 ක් ලෙසිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන අප්‍රේල් මස 05 වැනිදා ඩනඩෙින් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණ 196 යි – (චරිත් අසලංක 67, කුසල් පෙරේරා 53*, කුසල් මෙන්ඩිස් 25, ධනංජය ද සිල්වා 15, වනිඳු හසරංග 21*, ජේම්ස් නිශම් 30/2, ඇඩම් මිලින් 42/1, බෙන්ජමින් ලිස්ටර් 43/1, හෙන්රි ශිප්ලි 43/1)

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 196 යි – (ඩැරල් මිචෙල් 66, ටොම් ලේතම් 27, මාර්ක් චැප්මන් 33, ජේම්ස් නීශම් 19, රශින් රවීන්ද්‍ර 26, ඉෂ් සෝධි 10*, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 20/2, ප්‍රමෝද් මදුශාන් 37/2, මහීෂ් තීක්ෂණ 22/1, ඩිල්ෂාන් මදුශංක 45/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee