slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2023
ශ්‍රී ලංකා පිතිකරුවෝ රිසි සේ ලකුණු රැස් කරති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ රජ දහනක් කරගත් දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තේ පානයට පෙර නතර කර දමනා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 357 ක් දක්වා ඉහළ දැමූහ. එම ලකුණු රැස් කිරීමේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙතෙක් පිතිකරුවන් යුගලක් පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද හොදම සම්බන්ධතාවයේ වාර්තාවද තමන් සතු කර ගැනීමට දිමුත් සහ නිශාන් දෙදෙනා සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරනුයේ අයර්ලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 492 ට පිළිතුරු ඉනිම ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කඩුලු 9 ක් අතැතිව පසුපසින් සිටින්නේ ලකුණු 135 කිනි.

දිවා භෝජනයට පන්දු 2 ක් තිබියදී දිමුත් කරුණාරත්න කඩුල්ල අහිමි කර ගත්තද සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින නිශාන් මදුෂ්ක තරගය නිමා කරන විටත් නොදැවී ලකුණු 149 ක් ලබා සිටියේය.

අයර්ලන්ත ඉනිමේ එකම පන්දුවාරය යැවූ හැරී ටෙක්ටර් හමුවේ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමග මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නිශාන් මදුෂ්ක දිනය අවසන් වන විට පන්දු 234 කට මුහුණ දී සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 18 කින් තම ඉනිම සරසා ගනිමිනි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය ලබාදෙමින් සිටින කුසල් මෙන්ඩිස් පන්දු 96 කදී ලකුණු 83 ක් ලබා සිටින්නේ පළමු පෙළ තරගයකට හෝ ක්‍රීඩා නොකරමින් ටෙස්ට් වරම් දිනා සිටින මැතිව් හැම්ප්‍රිස්ගේ පන්දුවාරයේදී පිට පිට එල්ල කරන ලද හයේ පහර 3 ද සමඟිනි. එම හ‌යේ පහර 3 ට අමතරව තවත් හයේ පහර 2 ක් ද සිය ඉනිමට ඇතුළත් කළ මෙන්ඩිස් හතරේ පහර 7 කින්ද තම ඉනිම ශක්තිමත් කරගත්තේය.

කර්ටිස් කැම්පර්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර වැරදී යෑම නිසා ලකුණු සැණකෙළියක් වූ ගාල්ල තණතීරුවට අකමැත්තෙන් හෝ සමුදීමට දිමුත් කරුනාරත්නට සිදුවිය. ඒ සමඟම පළමු කඩුල්ලේ ලකුණු 228 ක වාර්තාගත සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 133 කට මුහුණ දුන් නායකයා දැවි යන විට ලකුණු 115 ක් ලබා සිටියේය. මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ සටහන් වුණු පස්වැනි ද්විත්ව ශතක සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය.

මෙය දිමුත්ගේ ටෙස්ට් තරග දිවියේ 16 වැනි ශතකය ලෙසින් සටහන් විය. ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් 6 වැන්න ලෙසින් සටහන් වුණු මෙම ශතකය ඔහුගේ තරග දිවියේ වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසින්ද සටහන් විය. මීට පෙර දිමුත් ලබා ගත් ශතක අතර 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පන්දු 123 කදී වාර්තා කරන ලද ශතකය වේගවත්ම ශතකය ලෙසින් සටහන් ව තිබුණේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 194 ඉක්මවාලීමත් නිශාන් සහ දිමුත් දෙදෙනා විසින් බිද හෙළන ලද්දේ වසර 2000 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය දෙදෙනා විසින් රැස් කරන ලද ලකුනු 193 ක සම්බනධතාවයයි. එම ටෙස්ට් තරගය ලෝක පූජිත පිතිකරු කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගය ලෙසින් සටහන් විය.

දිනය ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වුණු ආරම්භක පිතිකරුවන් දළ ලකුණු වේගය ලකුණු 5 කට ආසන්නයේ රඳවා ගැනීමට සමත්විය. එය ඇතැම් විටෙක වර්තමාන ටෙස්ට් තරග රටාවේ පෙරැලිකාර සලකුණක් ලෙසින් සැලකෙන ‘බස්බෝල්’ පිතිකරණ රටාව සිහි ගන්වන්නක් වුවේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee