slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2023
ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නෑ

sinhala editor

අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම සංචිතය සදහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පළපුරුදු පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කර අතර ඔවුන් දෙපළ අයර්ලන්ත පිලේ දැවී ගිය කඩුලු 20 න් කඩුලු 15 ක් දවා ගැනීමට සමත්වූහ.

මෙහිදී වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදී කඩුලු 7 කුත් දෙවැනි ඉනිමේදී කඩුලු 3 කුත් වශයෙන් සමස්ථ තරගයේදී ලකුණු 108 කට කඩුලු 10 ක් දවා ගත්තේය. මෙය ඔහුගේ තරග 6 කින් සමන්විත ටෙස්ට් තරග දිවියේ කඩුලු 10 ක් දවා ගත් දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 50 ඉක්මවා ගියේ වේගයෙන්ම එම දස්කම දැක්වූ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙ‌රේරාගේ වාර්තාව සම කරමිනි. ඩිල්රුවන් මෙන්ම රමේෂ් සිය 11 වැනි ටෙස්ට් තරගයේදී එම කඩඉම ඉක්මවාලීමට සමත්වූවේය.

දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කෙසේ වෙතත් පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත තරග ජයක් අත්කරගත් දිමුත් කරුනාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමු ගෙන සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, නිශාන් මදුශ්ක, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee