slc
Home   |    News
මැයි 11, 2023
අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් – වැඩිම ලකුණු මහනුවර පිලේ සංසලාගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට පිටම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් වෙමින් එම කාණ්ඩ‌යේ පෙරමුණ ගෙන සිටියි.

පල්ලකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ සංසලා වනිගසේකර පන්දු 61 කදී හතරේ පහර 6 ක් ද සමඟින් නොදැවී ලකුණු 72 ක් ලබා ගැනීමත් සමඟ එය මෙම තරග වාරයේ පිතිකාරිණියක් රැස් කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර ඉනිමක වැඩිම ලකුණු ලාභීණිය බවට පත්වූයේ ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි රැස් කරන ලද ලකුණු 52 විය.

පන්දුවට පහර දීමේදී මහනුවර කණ්ඩාමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් තිබියදී දැවී ගිය අතර අනතුරුව පිටියට එක් වුණු සංසලා වනිගසේකර සහ තරූෂා තත්සරණි (26) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී නොබිඳුණු ලකුණු 101 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පිල ජය මාවත වෙත රැගෙන යෑමට මුල් වූහ.

පිතෙන් එසේ දස්කම් දක්වද්දී පන්දු යැවීමෙන් කැපී පෙනුණු නිමේෂිකා සෙනෙවිරත්න ලකුණු 11 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තාය. ඇයගේ පන්දු යැවීම මෙවර තරග වාරයේ තෙවැනි හොදම පන්දු යැවීම ලෙසින් සටහන් විය. පන්දුවාර 3.1 ක් යැවූ නිමේෂිකා ලකුණු 11 කට කඩුලු 5 ක් දවා ගත්තාය.

ඒ හැරුණු විට අද පෑවති සෙසු තරග වලදී කලුතර කණ්ඩායමට එරෙහිව කොළම දකුණු කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කරද්දී කොළඹ උතුරු සහ ගම්පහ අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

මහනුවර පිලට ලකුණු 82 ක ජයක්

මහනුවර කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 2 ට ලකුණු 130 යි – (සංසලා වනිගසේකර 72, තරුෂි තත්සරණි 26)

ත්‍රිකුණාමල කාන්තා කණ්ඩායම පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 48 යි – (මිතලි අයෝද්‍යා 12, නිමේෂිකා සෙනෙවිරත්න 11/5, ශනිල්කා සත්‍යාංගනී 17/2)

 

කොළඹ දකුණට කඩුලු 6 ක ජයක්

කලුතර කාන්තා කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 6 ට ලකුණු 98 යි – (ජනදි අනාලි 16, නවෝද්‍යා නෙත්මිනී 12, නිලූෂා ප්‍රනාන්දු 16, රෂිනි පෙරේරා 31, ඉමල්ෂි යසාරා 15/3)

කොළඹ දකුණ කාන්තා කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 4 ට ලකුණ් 99 යි – (ශිකාරි ද සිල්වා 35, දෙව්නි ජයසිංහ 16, චුෂාදි කෞෂල්‍යා 29)

 

කොළඹ උතුර – ගම්පහ අතර තරගය ප්‍රතිඵල රහිතයි

කොළඹ උතුර කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 100 යි – (මනුදි නානායක්කාර 47, ශෂිනි අයේෂිකා 24, නිකේෂා විජේසේකර 06/3)

ගම්පහ කාන්තා පිල පන්දුවාර 1 ක් අවසනදී කිසිවකු නොදැවී ලකුණු 02 යි

 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest