slc
logo
Home   |    News
මැයි 17, 2023
අවු. 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් – වැඩිම ලකුණු අනුරාධපුරයේ අශාන් ඉසුරංගගෙන්

sinhala editor

2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්‍රීඩකයින් සොයා යෑමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට අනුරාධපුර කණ්ඩායමේ අශාන් ඉසුරංග සමත්විය. මන්නාරමට එරෙහිව පැවැති මෙම තරගයේදී පන්දු 151 කට මුහුණ දුන් අශාන් හයේ පහර 5 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 144 ක් රැස් කරමින් මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගත්තේය. මෙම ඉනිම ප්‍රධාන කොට අනුරාධපුර කණ්ඩායම ලකුණු 293 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස මන්නාරම් පිලට රැස් කරගත හැකි වූයේ ලකුනු 72 ක් පමණි.

ඒ අනුව ලකුණු 221 ක විශිෂ්ඨ ජයක් අනුරාධපුර කණ්ඩායමට හිමිවිය. මන්නාරම කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජේ. ජනුස්ටන් පන්දුවාර 10 කදී ලකුණු 46 කට කඩුලු 5 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මීට අමතරව අද පැවැති මහනුවර කළාප 1 කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 392 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අතර එම ලකුණු සංඛ්‍යාව ප්‍රධාන කොට නුවරඑළිය කණ්ඩායමට එරෙහිව ලකුණු 282 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවිය. එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී නුවරඑලිය කන්ඩායමට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 110 ක් පමණි.

මෙම තරගයේදී මහනුවර කලාප අංක 1 වෙනුවෙන් දිනූෂ පීරිස් පන්දු 77 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් ද සමඟින් ලකුණු 98 ක් ලබා ගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් විභවිත් ඇහැලේපොල පන්දු 73 කදී ලකුණු 90 ක් රැස් කර ගැනීමට සමත්විය.

මේ අතර තියුණු තරගයක් තිබූ කොළඹ දකුණ 3 කලාප පිලට එරෙහි තරගයේදී තියුණු තරගයකින් පසු කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට කලුතර කලාප 2 කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ සහන් මිහිර පන්දුවාර 10 කදී නිලකුනු පන්දුවාරයක්ද සමඟින් ලකුනු 59 කට කඩුලු 5 ක් බිඳ හෙළීය. මෙම දක්ෂතාව ‌නිසා කොළඹ දකුණ 3 පිලට කඩුලු 9 කදී රැස් කරගත හැකි වූයේ ලකුනු 259 ක් පමණක් වන අතර එය හඹා යෑමේදී කලුතර කලාප 2 කණ්ඩායම පන්දුවාර 49.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගියේය.

මහනුවර කලාප 1 පිලට ලකුණු 282 ක ජයක්

මහනුවර කලාප 1 පිල පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 392 යි – (කුසල් විජේතුංග 34, රහල් අමරසිංහ 66, දිනූෂ පීරිස් 98, විබවිත් ඇහැළේපොල 90, ලක්වින් අබේසිංහ 30, ඉසුරු ‌පන්නල 32, කවීෂ් ප්‍රින්ස්ටන් 67/3, රනේෂ් හේරත් 48/2)
නුවරඑළිය පිල පන්දුවාර 25.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (ෂෝන් ප්‍රනාන්දු 24, තරුෂ දුලාන් 24, අවිශ්ක ඉමේස් 15, කවීෂ් ප්‍රින්ස්ටන් 14, දිනූක තෙන්නකෝන් 58/4, තරණ විමලධර්ම 11/5)

කලුතර කළාප 2 ට කඩුලු 2 ක ජයක්

කොළඹ දකුණ 3 කලාපය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 259 යි – (තරිඳු අමරසිංහ 10, ඉසුරු නිදර්ශන 23, සනේස් ප්‍රනාන්දු 61, රිවිත් ජයසූරිය 11, විමත් දින්සර 61, සුමල්ක ප්‍රනාන්දු 14, සෙතික දිල්මිත් 30, සංදේෂ් ප්‍රපාන්දු 13, සහන් මිහිර 10-1-59-5, අක්මාල් ෆාස්ලි 87/2)
කලුතර කළාප 2 පන්දුවාර 49.1 කදී කඩුලු 8 ට ලකුණු 263 යි – (රුසිරු ප්‍රනාන්දු 37, හිමේෂ් ප1නාන්දු 55, දිනෙත් ප්‍රියංග 46, සචිර ඩේමියන් 16, කවිදු ගයාත්‍ර 34, ඉමල්ක ප්‍රනාන්දු 41, සංදේශ් ප්‍රනාන්දු 51/2, තිනෙත් සාලිංග 35/3)

අනුරාධපුරට ලකුණු 221 ක ජයක්

අනුරාධපුර කණ්ඩායම පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 293 යි – (අශාන් ඉසුරංග 144, (151 _ 4-14 6-5, එස්.ටී. වීරසිංහ 10, කනිෂ්ක ලක්ෂාන් 13, තිලිණ චන්දප 49, යසොත් සන්කලන 13, අතිරේක 40, ජේ ජනුස්ටන් 1-0-46-5-)
මන්නාරමට පන්දුවාර 27.1 කදී සියලු දෙනා දැවී ලකුණු 72 යි – (ඒ සජෝන් 15, තනූෂන් කෲස් 12, කාවින්ද දයාරත්න 12/2, තිලින චන්දීප 24/2, කවිඳු ගිහාන් 09/3,සිතිජ ගීත් 05/2)

මාතර කණ්ඩායමට ලකුණු 116 ක ජයක්

මාතර පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 219 යි – (චමරිඳු නෙත්සර 24, තිරාන් නෙත්තරු 13, විශ්ව සුපුන් 50, පෙසඳු සංජන් 38, විරාන් චමුදිත 40, කුෂාන් විජේරත්න 17, තත්සර ඩිල්ෂාන් 14, විහාර අත්තනායක 41/3, හසිදු රාපක්ෂ 25/)
රත්නපුර කණ්ඩායම පන්දුවාර 30.1 කදී සියලු දෙනා දැවී ලකුණු 103 – (රෙෂාන් දිල්හාර 10, නිමේෂ් නෙරංජන 13, තුහින අනුවන් 24, රිසිදු ඩිල්ෂාන් 17, නිමන්ත හංසික 13, තරූෂ දම්මිඳු 21/3, භානුක ඉන්සමාල් 11/2)

පොලොන්නරුව පිලට ලකුණු 163 ක ජයක්

පොලොන්නරුව පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 295 යි – (හසිරු ලිලන්ත 41, ජිනජිත් 54, ජනිත් රත්නසිරි 63, මතීෂ යෙහෙනිත් 54, සොනාල් අශ්වින් 19, මදුරංග ජයලත් 50, එස්. නිරුක්සාන් 29/2, ඒ. සින්තුජන් 59/2)
මුලතිව් කණ්ඩායම පන්දුවාර 42.2 කදී සියලු දෙනා දැවී ලකුණු 132 යි – (එස්. නිරුක්සන් 12, ඒ. සිංතුජන් 10, කේ. අමලන් 21, කේ. එම්. ළහිරු 10, ඒ. සෙහාන් 11, එන්. නිරාතීපන් 32, ශිවන්ත ඒෂාන් 18/5, මදුරංග ජයලත් 31/2)

මහනුවර කළාප 3 ට කඩුලු 4 ක ජයක්

මහනුවර කළාප 2 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 224 යි – (මොහොමඩ් ආකිල් 13, කවිදු ෂෙහාන් 12, රවිදු කස්තුරිආරච්චි 30, රහන් අන්තෝනිස් 40, නිම්නද සොයිසා 43, රවීඳු කපුකොටුව 15, දිනෙත් අබේසේකර 13, තරූෂ සම්ත් 23, විසල් ගාර්දිවසම් 14*, අකිල වික්‍රමසිංහ 39/3, ෂෙවාන් කනිශස් 26/2)
කැන්ඩි ‌කලාප 3 පන්දුවාර 44.3 කදී කඩුලු 6 ට ලකනු 228 යි – (මලිත ලක්ෂාන් 49, කන්ක වික්‍රමසිංහ 42, ශාමල ප්‍රියභාෂන 28, කවිජ ගමගේ 13, කවිශ්ක ඉමේස් 13, චාරුක අයේෂාන් 23, චාරුක මිතරසිංහ 28, අමේස් රූපසිංහ 11*, කවීෂ පියුම්ලා 35/2)

යාපනය පිලට ලකුණු 22 ක ජයක්

යාපනය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 232 යි – (එස්. අනුශනාත් 16, අනන්තන කජාන් 45, රොබින්සන් ශියාන්ත්සන් 50, මනිමරන් කබීෂන් 29, රජිත් කුමාර් 12, ප්‍රවීන් ප්‍රභාකරන් 45/3, කවීෂ ලියනාර්චිචි 27/2,
මාතලේ පන්දුවාර 46.4 කදී සියලු දෙනා දැවී ලකුණු 210 යි – (ඉම්ෂාල් සියාර්ඩ් 34, චමල්ක විජේරත්න 46, හෙලන්ක චින්තන 10, අනුරාධ රණසිංහ 37, කවීෂ ලියනාරච්චි 40, සිතුම් ජයරත්න 10, නිපුන් ලියනගේ 11, රජිත් කුමාර් 31/3, ජයචන්ද්‍රන් අස්නාත් 51/4,

කොළඹ දකුණ කළාප 2 ට ලකුණු 29 ක ජයක්

කොළඹ දකුණ කළාප 2 පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 218 යි – (නිමුතු ගුණවර්ධන 24, රොමේෂ් මෙන්ඩිස් 13, රුසඳ ගමගේ 28, විහංග පතිරණ 43, සෙනේෂ් හෙට්ටිආාරච්චි 47, කවිඳු චානුක 14, රනුක මලවිආරච්චි 22/3,රන්දීෂ බන්ඩාරනායක 32/2, රමිරු පෙරේරා 34/2)
‌කොළඹ කලාප 1 පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී ලකනු 189 යි – (ගවිරු සෙන්හස් 30, මලිත පෙරේරා 19, උවිඳු වීරසේකර 18, මනුර පීරිස් 35, රමිරු පෙරේරා 20, අදීෂ බණ්ඩාරනායක 11, දුමිඳු සෙව්මින 19, ලකිදු සචින් 54/3, ෂෙනෝන් රොද්‍රගෝ 24/2, නිමුතු ගුණවර්ධන 26/3)

ගම්පහ කළාප 1 කඩුලු 2 ක ජයක්

කොළඹ උතුර කලාප 2 පන්දුවාර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (ෆයිසුර් රෙහ්මාන් 35, විදුනෙත් විල්සන් 64, කිත්ම විතානපතිරණ 11, අර්ෂාන් ජෝසප් 15, චමත් චාතුර්ය 21*, වෙන්කෙට් රාජේන්ද්‍රන් 18, අමිත සංදීප 27/3, තුෂාන් උදයංග 26/2, රවිඳු ජයසංක 42/3)
ගම්පහ කලාප 1 පන්දුවාර 46.4 කදී කඩුලු 8 ට ලකුණු 192 යි – (සමිදු මදුරංග 26, උවිඳු පෙරේරා 45, අමිත සංදීප 69*, කිත්ම විතානපතිරණ 40/3)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee