slc
logo
Home   |    News
මැයි 10, 2023
අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – ගාල්ල අපරාජිතව ඉදිරියට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරාගාවලිය යටතේ රත්නපුර පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කළ ගාල්ල කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට සමත්ව සිටියි. මෙම ජය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද තෙවැනි ජයග්‍රහණය වේ.

ඊට අමතරව පැවැති තරග වලදී කිලිනොච්චිය, මොණරාගල, මාතර සහ ගම්පහ කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත්වූහ.

 

ගාල්ල පිලට කඩුලු 10 ක ජයක්

රත්නපුර කාන්තා පිල පන්දුවාර 17.1 දී සියලූ දෙනා දැවී ලකුණු 32 යි – (සුලීෂා සත්සරණි 07/2, ෂෙහාරා ඉඳුවරී 09/2)

ගාල්ල කාන්තා පිල පන්දුවාර 5.5 කදී කිසිවකු නොදැවී ලකුණු 33 යි

 

කිලිනොච්චි පිලට ලකුණු 03 ක ජයක්

කිලනොච්චි කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 103 යි – (බී. හරනි 15, වී. වනූෂා 12/2, එස්. රිතූෂා 14/2, එස්. තිනෝසියා 26/2)

වව්නියා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 100 යි – (එස්. කමාසා 19, කේ. කුෂ්ජන්තිනී 20/4, එස්. තත්සරණි 17/2)

 

මොණරාගල පිලට කඩුලු 8 ක ජයක්

හම්බන්තොට කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 56 යි – (චමුදි ප්‍රබෝධා 11/2)

මොණරාගල කාන්තා පිල පන්දුවාර 9.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 60 යි – (සේමිණී ශෂිකලා 19*)

 

මාතර පිලට කඩුලු 9 ක ජයක්

බදුල්ල කාන්තා පිල පන්දුවාර 5 කදී කඩුලු 5 ට ලකුණු 22 යි – (අෂිනි සෙව්වන්දි 02/2)

මාතර කාන්තා පිල පන්දුවාර 2.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 23 යි

 

ගම්පහ පිලට ලකුණු 36 ක ජයක්

ගම්පහ කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 124 යි – (සඳලි වීරසිංහ 20, උමායා රත්නායක 21*, දනුජි ප්‍රනාන්දු 19/2, දැහැමි සෙනෙත්මා 20/2)

කොළම උතුර කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 88 යි – (විදුෂිකා පෙරේරා 14/2, හසිනි විජේසිංහ 18/2, නිකේෂා නවෝදයා 20/2)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee