slc
logo
Home   |    News
මැයි 10, 2023
අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සුලේෂණාගේ පන්දු යැවීමෙන් ගාල්ලට ලකුණු 82 ක ජයක්

sinhala editor

ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරනු ලබන දකුණත් පා දඟ පන්දු යවන්නයක වන සුලේෂා සත්සරණි විසින් ලකුනු 06 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීම හේතුවෙන් වයස අවුරුදු 23 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය යටතේ බදුල්ල දිස්ත්‍රික් පිලට එරෙහිව ලකුණු 82 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

බාළිකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් සකසාලීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් දිස්ත්‍රික් අවුරුදු 23 න් පහළ බාලිකා විස්සයි-20 තරගාවලිය යටතේ ගාල්ලට අමතරව වමාතර, මන්නාරම, කලුතර, යාපනය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික් කණ්ඩායම ජය වාර්තා කළහ.

 

ගාල්ලට ලකුණු 82ක ජයක්

ගාල්ල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 123 යි (සංජනා කාවින්දි 52, සුමුදු නිසංසලා 23, සඳුනි කෞශල්‍යා 21/2)

බදුල්ල පන්දුවාර 16.1 කදී ලකුණු 41 යි – (කළණි යාපා 16, සුලේෂා සත්සරණි 6/6)

 

මාතරට ලකුණු 22ක ජයක්

මාතර පන්දුවාර 19.3 කදී ලකුණු 89 යි – (රශ්මිකා සෙව්වන්දි 12, රිශ්මි සංජනා 12, අයේෂා මධුෂානි 10/3)

රත්නපුර පන්දුවාර 17.1 කදී ලකුණු 67 යි – (එම්. ලක්ෂියා 12, ඊ.පී. සුන්ධිකා 12, මල්ෂි නිරාෂා 22/4, රිශ්මි සංජනා 12/3)

 

මන්නාරමට ලකුණු 75ක ජයක්

මන්නාරම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 135යි – (ඒ. තිව්‍යා නොදැවී 19, සලෝමියා ඩයස් 18 කළණි හිමංසා 27/2)

මුලතිව් පන්දුවාර 17 කදී ලකුණු 60 යි – (සෙලෝමියා ඩයස් 9/3, එස්. යුකවර්ෂනී 11/3)

 

කළුතරට ලකුණු 9ක ජයක්

කළුතර පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 128 යි – නවෝද්‍යා නෙත්මිණි 47, සාවින්දි කුරේ 24

කොළඹ උතුර පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 119යි –  (මනුදි නානායක්කාර 51, සාවින්දි කුරේ 22/3)

 

යාපනයට කඩුලු 8ක ජයක්

කිලිනොච්චි පන්දුවාර 13.4 කදී ලකුණු 47 යි –  (කේ. තුස්ජාන්තිනී 31, ජෙගනාදන් තේවායි 18/5, සෙල්වරාසා ක්‍රිස්ටිගා 3/3)

යාපනය පන්දුවාර 8.2 කඩුලු 2 ට ලකුණු  48 යි –  (එස්. මුරුගනාදන් 12)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar