slc
logo
Home   |    News
මැයි 5, 2023
කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය SKKY සමූහය මිලදී ගනියි

sinhala editor

 ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස් ලෙස වෙනස්ව තරග වදිනු ඇත.

ඇමරිකානු එක්සත් ජනපදයේ වාණිජ ඉඩම් මිලදී ගනු ලබන SKKY ආයතනය ඊට අමතරව අවන්හල් මෙන්ම විනෝදාත්මක සේවා සපයන ප්‍රකට ආයතන රැසකටම සේවය ලබා දනු ලබන ආයතනයකි.

මෙහි හිමිකරුවා වන්නේ සාගර් ඛන්නා වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නෙකි. එම කරුණ ප්‍රධාන කොට ඔහු නිව්යෝර්ක්හි සුප්‍රසිද්ධ ක්‍රිකට් ෆ්‍රැන්චයිසයක් වන SKKY ස්ට්‍රයිකර්ස්හි සම ආරම්භකයාය.

“දකුණු ආසියාවේ වඩාත්ම කැපී පෙනෙන නගරයක් සමග අපගේ නම සම්බන්ධ කර ගැනීමට අවස්ථාව උදාවීම ගැන අපි සතුටට පත් වෙනවා. පොහොසත් ක්‍රිකට් ඉතිහාසයක්, ජනපිය ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වඩාත් උද්‍යෝගිමත් රසිකයින් සිටින ‌කලම්බු කණ්ඩායම සමඟ එක්වීමට ලැබීම අප සමාගමේ වර්ධනය වෙනුවෙන් වන උපාය මාර්ගයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇත. එල්.පී. එල්. තරගාවලියත් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත වේගයෙන්ම ලොව කීර්තිමක් ලීගයක් ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී. ජී. ආයතන සමග එක්ව කටයුතු කරමින් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඉදිරියට රැගෙන යෑමට බලාපොරොත්තු වෙනවා” යැයි සාගර් ඛන්නා සඳහන් කර සිටියි.

“එල්.පී.එල්. පවුලට SKKY ව්‍යාපාර සමූහය සාදරයෙන් පිළිගනු ලබනවා. මෙම තරගාවලිය ගෙවුණු වසර කීපයේදීම ඉතාමත් හොද වර්ධනයක් පෙන්නුම් කළ තරගාවලියක්. ඒ වගේම ඔවුන් මෙම ලීගය සඳහා දක්වනු ලබන උනන්දුව යහපත් වනු ඇත. මෙය අනාගතයේදී ලොව හොඳම විස්සයි-20 ලීගය බවට පත් කිරීම සඳහා අප සතු අරමුණ කරා යෑමට මෙම හවුල්කාරීත්වය අපිට විශාල පිටිවහලක් වනු ඇති බව මට විශ්වාසයි” යැයි මෙම හවුල්කාරීත්වය පිළිබඳව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සමාජික සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මිලදී ගැනීම පිළිබඳව තරගාවලියේ නිල සහකරුවා ලෙසින් කටයුතු කරනු ලබන අයි.පී.ජී.හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් සදහන් කර සිටින්නේ, “SKKY ආයතනය සහ සාගර් ඛන්නා මහතාව අපේ පවුල සමග එක්වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා” යනුවෙනි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar