slc
Home   |    News
මැයි 24, 2023
කුරුණෑගල දිස්ත්‍රික් අභිබවමින් පුත්තලම අපරාජිතව පෙරමුණට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව පෙරමුණ ගැනීමට සමත්වූහ.

මෙහිදී පුත්තලම් දිස්ත්‍රික්කය වයඹ පළාතෙන්ද අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරු මැද සහ නැගෙනහිර පළා‌ත් කාණ්ඩයෙන්ද ගාල්ල 2 කණ්ඩායම දකුණ සහ ඌව පළාත් කාණ්ඩයෙන්ද පෙරමුණ ගෙන සිටිති. මෙහි ඇති විශේෂත්වය වන්නේ වයඹ පළාත නියෝජනය කරමින් කුරුණෑගල කණ්ඩායම් දෙකක්තරග වැදුණද එම කණ්ඩායම් දෙකම පසුකරමින් පුත්තලම් කණ්ඩායම අපරාජිතව එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ පැමිණ සිටීම වේ.

මේ අතර අද පැවැති තරග වලදී අනුරාධපුර කණ්ඩායම හමුවේ මුලතිව් කණ්ඩායම ලද කඩුලු 8 ක පරාජයත් සමග මෙවර තරගාවලියේ සිව්වැනි පරාජයට මුහුණ දුන්නේය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මුලතිව් පිල ලකුණු 69 කට සීමා වද්දී එය හඹා ගිය අනුරාධපුර පිල පන්දුවාර 8.4 කදී කඩුලු 2 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය.

මුලතිව් කණ්ඩායමට අමතරව අද දිනයේදී ලකුණු 70 ට ට අඩුවෙන් දැවී ගිය අනෙක් කණ්ඩායම වූයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කණ්ඩායම වන අතර ඔවුහු ලකුණු 66 කට දැවී ගියහ. එම ඉලක්කය හඹා ගිය මහනුවර කලාප 2 කණ්ඩායම පන්දුවාර 12.1 කදී කිසිවකු නොදැවී ඉලක්කය සපුරා ගියේය.

පුත්තලමට කඩුලු 5 ක ජයක්

කුරුණෑගල කලාප 1 පන්දුවාර 47.4 කදී සියලු දෙනා දැවී ලකුණු 188 යි – (ප්‍රවීන් සත්සර 48, යශාන් සවිඳු 20, මනාන් මුසම්මිල් 36, මහිම කොටුවිල 27, චතුමල් නිමේස් 29/3, මෙනූෂ පෙරේරා 33/2)

පුත්තලම පන්දුවාර 36.1 කදී කඩුලු 5 ට ලකුණු 190 යි – (විශ්ව රාජපක්ෂ 80*, තිසර මදුශාන් 33, මලීෂ නෙසිත 18, දසුන් පෙරේරා 14, මෙනූෂ පෙරේරා 10, මනාන් මුසම්මිල් 36/2)

 

අනුරාධපුරයට කඩුලු 8 ක ජයක්

මුලතිව් පන්දුවාර 26.5 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (නඩරාජ ඩිලක්සන් 11, නිර්මාල් දේවින්ද 11/2, කවිඳු ගිහාන් 06/2)

අනුරාධපුරය පන්දුවාර 8.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 73 යි – (අශාන් ඉසුරංග 41, දිාල් රණසිංහ 21*)

 

කලුතර කලාප 2 ට කඩුලු 3 ක ජයක්

කලුතර කලාප 3 පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 183 යි – (දිල්රුක් සිල්වා 36, අශාන් විශ්ව 27, ගයන්ත නදීෂ 29, පසිඳු විමන්ස 46, සොනාල් අවදික 16, සහන් මිහිර 32/3, රුසිත් ජයවර්ධන 18/2, විශ්ව ළහිරු 18/2)

කලුතර කලාප 2 පන්දුවාර 46.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 184 යි – (දුරන්ක සිල්වා 43, හිමේෂ් ප්‍රනාන්දු 15, සචින ඩිමේන් 67&, කවිදු ගයත්‍ර 18*, දිනුක තිසර 24/2, යංසක බ්‍රයන් 16/2, පසිඳු විමන්ස 35/2)

 

ගාල්ල කලාප 2 ට ලකුණු 73 ක ජයක්

ගාල්ල කලාප 2 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 277 යි – (චෙහාන් සුබසිංහ 79, පවන් සංදේශ් 10, දර්ශක සංදීප් 41, සඳරු තීක්ෂණ  20, දසුන් චමෝද් 72, සෙනෙත් සෙසාන් 20*, තරූෂ සංකල්ප 62/2, විශ්ව සුපුන් 44/3, කුෂාන් විජේරාම 43/2, භානුක ඉන්සමාල් 29/2)

මාතර  පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුනු 204 යි – (චමරිඳු නෙත්සර 50, මිතිල චාර්ල්ස් 49, විශ්ව සුපුන් 11, තරූෂ සංකල්ප 39, සදෙව් රිත්මක 19*, තරින්ද නිර්මාල් 41/4, ඉරුෂික තිමිර 38/3)

 

රත්නපුරට කඩුලු 4 ක ජයක්

හම්බන්තොට පන්දුවාර 40.4 කදී සියලු දෙනා දැවී ලකුණු 122 යි – (අදිත අබිලාෂ 11, එම්. එස්. මොහොමඩ් 42 රමිඳු නවෝද 15, හසිදු රාජපක්ෂ 27/3, විහාර අත්තනායක 29/2, රෙෂාන් දිල්හාර 13/4)

රත්නපුර පන්දුවාර 30.1 කදී කඩුලු 6 ට ලකූණු 123 යි – (නිමේෂ් නෙරංජන 18, තුහින අනුවන් 12, ආර්. ප්‍රශාන් 15, රෙශින් දිල්හාර 17, චානුක ධනංජය 34*, ඔෂාන් තේනුක 39/4)

 

මහනුවර කලාප 2ට කඩුලු 10 ක ජයක්

ත්‍රිකුණාමලය පන්දුවාර 21.3 කදී සියලු දෙනා දැවී ලකුණු 66 යි – (තරිඳු භාග්‍යවන්ත 14, සුපුන් චානක 14, කවීෂ පියුමාල් 30/4, ඉඳුවර කලපිටගේ 08/2, තිසර ඒකනායක 14/2)

මහනුවර කලාප 2 පන්දුවාර 12.1 කදී කිසිවකු නොදැවී ලකුණු 67 යි – (කවිඳු ශෙහාන් 33*, දිනෙත් අබේසේකර 27*)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest