slc
logo
Home   |    News
මැයි 26, 2023
ගාල්ල – ගාල්ල අතර තරගය සමවෙයි

sinhala editor

දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන් විය.

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කලාප 2 කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කර ගත්තේය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ගාල්ල කලාප 3 කණ්ඩායමට තරගය ජය ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද අංක 9 පිතිකරු ලෙසින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි චානක ජනංගව දුවද්දී දවා ගැනීමට හසු කරගත් ගාල්ල කලාප 2 ක්‍රීඩකයෝ තරගය සමව අවසන් කරගත්හ.

පැතුම් ශමින්ද විසින් පන්දුව රැගෙන කඩුල්ලටම එල්ල කිරීමෙන් ජංනංග ලකුණු 32 කට දුවද්දී දැවී යන විට ගාල්ල කලාප 3 කණ්ඩායමේ ඉනිමද පන්දුවාර 47.5 කදී ලකුණු 165 කට සීමා විණ. එම හඹා යෑමේදී පළමු කඩුලු 6 ම ලකුණු 36 කදී දවා ගැනීමට ගාල්ල කලාප 2 පන්දු යවන්නන් සමත් වුවත්, 7 වැනි සහ 8 වැනි කඩුලු වලට එක් වුණු ෂෙහාන් රශ්මික (23), ධනුෂ්ක මදුශංක (46) සහ චානක ජනංග ගාල්ල කලාප 3 කණ්ඩායම අවසානය දක්වා රැගෙන ගියහ.

මේ අතර බදුල්ල කණ්ඩායමට එරෙහි තරගයේදී රත්නපුර කණ්ඩායමට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වුවත් බදුල්ල කණ්ඩායමේ චතුම් ලක්ප්‍රිය කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීම සමඟ එම අවස්ථාව රත්නපුර කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය සමයි

ගාල්ල කලාප 2 පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (තරින්ද නිර්මාල් 63, ඉරුෂික තිරමිර 43, කවීෂ ඉඳුරුව 14*, ධනුෂ්ක මදුශංක 34/3, පැතුම් මලිත 25/2, සෙනිත හැළඹගේ 23/2, රිවිෂාන් නෙත්සර 27/2)

ගාල්ල කලාප 3 පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (ෂෙහාන් රශ්මික 23, ධනුෂ්ක මදුශංක 46, චානක ජනංග 32, කවීෂ කල්පන 11, කවීෂ ඉඳුවර 13/3, ඉරුෂ්ක තිමිර 20/2, තරින්ද නිර්මාල් 44/2)

 

බදුල්ලට ලකුණු 27 ක ජයක්

බදුල්ල පන්දුවාර 35.4 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (කුෂාන් හර්ෂණ 10, එසිත ගීම්හාන් 19, චතුම් ලක්ප්‍රිය 10, විහාර අත්තනායක 08/4, රුවිදු දිදුලක 13/3, චානුක ධනංජය 28/2)

රත්නපුර පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 81 යි – (තුහින අනුවන් 38, දිනෙත් මදුරංග 12, චතුම් ලක්‍ප්‍රිය 31/6, සෙනාර දිලීප් 12/2)

 

මහනුවර කලාප 1 ට ලකුණු 160 ක ජයක්

කැන්ඩි කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුනු 279 යි – (කුසල් විජේතුංග 56, රහල් අමරසිංහ 30, සුපුන් වඩුගේ 65, විබවිත් ඇහැලේපොල 29, ලක්වින් අබේසිංහ 54, මසිත් ප්‍රහර්ෂ 52/4, ඒ.සී, දිනෙත් 60/2, අරූෂ මෙන්ඩිස් 34/2, මසිත් ප්‍රහාර්ෂ 52/4)

අම්පාර පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 119 යි – (තිලිණ පූර්ණිම 37, එෆ්. එම්. සහීෆ් 20, අරූෂ මෙන්ඩිස් 14, මසිත් ප්‍රහර්ෂ 16, ජයවි ලියනගම 32/4, දිනුක තෙන්නකෝන් 27/3)

 

මහනුවර කලාප 3 ට ලකුණු 75 ක ජයක්

මහනුවර කලාප 3 පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – (මලිත් ලක්ෂාන් 88, කන්ක වික්‍රමසිහ 37, ශාමාල් ප්‍රීයබාෂණ 26, කවිජ ගමගේ 62, යෝගරාජ් ටිෂෝන් 32/3)

මඩකලපුව පන්දුවාර 41. කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (එම්. රිෆාස් 11, එම්. එස්. වසීම් 17, නිතියා තර්ෂාන් 53, යෝගරාජා ටිෂෝන් 15, එෆ්. එම්. අෆ්නික් 41, ෂෙවාන් කනිශස් 30/3, කවිශ්ක ඉමේස් 43/2, අකිල වික්‍රමසිංහ 30/2)

 

කොළඹ උතුරු කලාප 2 ට කඩුලු 2 ක ජයක්

ගම්පහ කලාප 3 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 273 යි – (සොනාල් නෙත්මින 52, සචිරු හංසල 14, කවීන් ප්‍රනාන්දු 66, සවිඳු පෙරේරා 38, ශෆනි ඩීන් 39*, ශකිල අෂේන් 12, වෙන්කට් රාජේන්ද්‍රන් 59/2, රුවිෂාන් පෙරේරා 472, ඉසුරු අයේෂ් 45/2)

කොළඹ උතුරු කලාප 2 පන්දුවාර 43.4 කදී කඩුලු 8 ට ලකුණු 276 යි – (ෆයිසුර් රෙහ්මාන් 66, කංචන දි ලිවේරා 31, විදුනෙත් විල්සන් 12, ෂෙනෙල් සමරතුංග 49, අර්ශාන් ජෝසප් 64*, අලෝක නිමේෂ් 67/3, ෂේන් ආදිත්‍ය 50/3)

 

පොලොන්නරුවට ලකුණු 156 ක ජයක්

පොලොන්නරුව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 259 යි – (කවිඳු උමේෂ් 37, සසිදු රශ්මික 51, මදුරංග ජයලත් 98, සොාල් අශ්වින් 10, ශානුක ශ්‍රීමාල් 11*, කේ. කිරුසිකන් 39/3, ‌සී. කිතුශාන් 35/3)

වවුනියාව පන්දුවාර 34.4 කදී සියලු දෙනා දැවී ලකුණු 103 යි – (ජේ. ඩැනියල් 24, එස්. කවිශාන් 11, වී. විතුෂාන් 11, සී. කිතුෂාන් 14*, මාධව රවිඳු 20/3, ශානුක ශ්‍රීමාල් 10/3, සොනාල් අශ්වින් 27/3)

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

USD United States (US) dollar