slc
Home   |    News
මැයි 11, 2023
ජපානයට ගිය නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

sinhala editor

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ අද ලද ජයග්‍රහණයත් සමග තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

තෝකියෝහි සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කිසියේ වාසිය ජපාන කණ්ඩායම සතු වුවත් පළමුව පන්දුවට පහර දීම සදහා ඔවුන් ශ්‍රී ලංකා නැගී එන පිලට ආරාධනා කර සිටියේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 125 ක් පමණක් ලබා ගත්තේය. අඩු ලකුණු වාර්තා වුණු එම ඉලක්කය හඹා යෑමේදී ජපාන ජාතික කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 57 ක් පමණි.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ජපාන ජාතික කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 23 ක් ඇතුළතදී දවාලමින් ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නෝ සමත්වූහ. එම කඩුලු 5 දැවී යන විට ජපාන ලකුණු පුවරුවේ පන්දුවාර 7 කුත් පන්දු 3 ක් සටහන්ව තිබිණ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ‌ගොඩ නැංවුණු ලකුණු 20 ක සම්බන්ධතාව හැරුනු කොට එම ඉනිමේ ඵලදායී වෙන කිසිවක් සටහන් නොවිණ.

පන්දු යැවීමේදී ඉම්තියාස් ස්ලාසා ලකුනු 05 කට කඩුලු 3 ක් දවා වැඩිම කඩුලු ලාභියා බවට පත් වද්දී ලක්ෂාන් මගේ, ඩෙලෝන් පීරිස් සහ හර්ෂණ වික්‍රමසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වද්දී ආරම්භක පිතිකරුවන් වූ දුනිත් ජයතුංග සහ සිතර හපුහින්න ඉක්මනින් දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුණු ෂෙහාන් ප්‍රනාන්දු සහ සාහිල් ඩයස් ලකුනු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් නැගී එන කණ්ඩායමට ජීවය එක් කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂෙහාන් වන අතර ඔහු පන්දු 33 කදී ලකුණු 30 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව සහිල් ඩයස් පන්දු 24 ක් ඇතුළත ලකුණු 22 ක් ලබා ගත්තේය. ඉනිමේ හරි අඩක් හෙවත් 10 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 58 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් පිතිකරණ ලැයිස්තුවේ 6 වැනි තැනට උසස්වීම් ලබා පැමිණි ඉම්තියාස් ස්ලාසා පන්දුවට පහර දෙමින් පන්දු 24 කදී වේගවත් ලකුණු 27 ක් රැස් කළේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වමිනි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (ෂෙහාන් ප්‍රනාන්දු 30, ඉම්තියාස් ස්ලාස් 27, රියෝ සකුරානෝ 25/4, පියුෂ් කුම්බරේ 22/2)

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 16 කදී සියලු දෙනා දැවී ලකුණු 57 යි – (සොවුටා වඩා 11, වතුරු මියුචි 10, ඉම්තියාස් ස්ලාසා 05/3, ලක්ෂාන් ගමගේ 06/2, හර්ෂණ වික්‍රමසිංහ 09/2, ඩෙලෝන් පීරිස් 11/2)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest