slc
logo
Home   |    News
මැයි 26, 2023
තවත් තරගයක් ලකුණු සමවද්දී මාතර දිනුරගෙන් ලකුණු 145 ක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය.

බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම ලකුණු 138 බැගින් ලබා ගනිමිනි. පළමුව පන්දුවට පහර දුන් බදුල්ල පිල පන්දුවාර 46.4 කදී සියලු දෙනා දැවී ලකුණු 138 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී මොණරාගල පිල පන්දුවාර 47.2 කදී ලකුණු 138 කට සීමා කිරීමට බදුල්ල පන්දු යවන්නෝ සමත්වූහ.

මෙම තරගයේදී මොණරාගල පිල වෙනුවෙන් විනුෂ් තීක්ෂණ ලකුණ 12 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ඊට සරිලන දායකත්වයක් පිතිකරුවන්ගෙගන් නොලැබිණ. මෙම තරගය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුනු තෙවැනි තරගය බවට පත්විය. මීට පෙර ඊයේ (25 දා) දිනයේදී ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 කණ්ඩායම් අතර තරගය ලකුණු සමව නිමාවට පත් වුනු අතර ඊට පෙර අම්පාර සහ මටකලපුව අතර තරගය ලකුණු සමව අවසන් වුණු අනෙක් තරගය විය.

දිනයේ එකම ශතක ලාභියා වුණු දිනිරු අබේවික්‍රමසිංහගේ ලකුණු 145 ක ඉනිම සඳහා ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කළේය. ලකුණු 14 කට කඩුලු 3 ක් බිද වැටී තිබියදී පිටියට පිවිසි දිනිරු  මාතර ඉනිම අවසන් වන තෙක්ම සිය ඉනිම ආරක්ෂා කර ගත්තේ කණ්ඩායමේ කොදු නාරටිය බවට පත් වෙමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් විරාන් චමුදිත  පන්දු 85 කදී ලකුණු 64 ක් ලබා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ ඉනිම නිසා පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 කට ලකුණු 270 ක් රැස් කර ගැනීමට මාතර පිලට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් ඉලක්කය හඹා යෑමේදී ගාල්ල කලාප 3 කණ්ඩායමද ජයග්‍රහණය ආසන්නයට යෑමට සමත් වුවත්, ලකුණු 15 ක් මෑතින් සීයදී ඔවුන්ගේ ඉනිම හමාර කිරීමට මාතර පන්දු යවන්නෝ සමත්වූහ.

බදුල්ල සහ මොණරාගල තරගය සමයි

බදුල්ල පන්දුවාර 46.4 කදී සියලු දෙනා දැවී ලකූණු 138 යි – (ගිම්හාන් කේෂර 10, යෙසිත හේෂාන් 21, විනුත් තිසරක 45, කුෂාන් හර්ෂණ 13, එසිත් ගිම්හාන් 13, චතුම් ක්ප්‍රිය 11, විනුෂ් තීක්ෂණ 12/5, පන්සිලු දිසානායක 11/2)

මොණරාගල පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 138 යි – (මෙනුෂ චතුරංග 16, තේමිය ෂෙහ්රාන් 10, ෂෙරන්ත රිවිෂාන් 28, සිතුම් හසරංග 32, සිනෙත් සුදාරක 12, නික්ෂ පෙරේරා 22/3, චතුම ලක්ප්‍රීය 32/2, විනුත් තිසරක 22/2)

 

මාතර පිලට ලකුණු 15 ක ජයක්

මාතර කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 270 යි – (දිනුර අබේවික්‍රමසිංහ 145, මතිල චාල්ස් 12, විරාන් චමුදිත 63, පැතුම් මලිත 45/2, සිනෙත් හැළඹගේ 55/2, කුෂාන් මංජුක 26/2)

ගාල්ල කලාප 3 පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 255 යි – (රන්දුල් සමරහේවා 18, මහීෂ් ප්‍රභාෂණ 14, රිවිෂාන් නෙත්සර 66, කවීෂ ක්පන 12, චානුක ද සිල්වා 29, ධනුෂ්ක මදුහංක 36, ෂෙහාන් රශ්මික 16, කුෂාන් මංජුක 16, චානක ජනංග 18*, විරාන් චමුදිත 35/2, චිරන නෙත්තරු 26/3)

 

ගාල්ල කලාප 1 ට ලකුණු 89 ක ජයක්

ගාල්ල කලාප 1 කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 4 ට ලකුණු 255 යි – (චාර්ය පරණවිතාන 22, ධනුජ ඉඳුවර 78, හිරුණ මන්දිල 65*, හසිත සුරංග 50*)

ගාල්ල කලාප 2 පන්දුවාර 36.2 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (චෙහාන් සුබසිංහ 24, භානුක මනෝහර 20, දර්ශක සංදීප් 23, දසුන් චමෝද් 10, පැතුම් ශමින්ද 12, ඉරුෂික තිමිර 52, තරුෂ දිල්ශාන් 37/4, ඉඳුවර උදේන 39/3)

 

නුවරඑළියට කඩුලු 3 ක ජයක්

කෑඝල්ල පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 111 යි – (දෙනුවන් මෙත්සර 16, රොෂේන් සස්මිත 14, අකාෂ් සන්සිත් 15, දස්සන ගම්ලත් 23, තනුජ සම්පත් 18, යසිත් ගොඩහේන 34/3, සේසත් තිලකරත්න 18/3, රෝහිත් ශ්‍රීනාත් 24/2)

නුවරඑළිය පන්දුවාර 36.2 කදී සියලු දෙනා දැවී ලකුණු 113 යි – (රශ්මික විජේසිංහ 12, ෂෝන් ප්‍රනාන්දු 21, තරුෂ දුලාන් 11, ඩිලන්ක සුසන්දික 29, විනයාිබූර්ති සිනියොන් 24, චමෝද් ආකර්ෂ 16/3, කවිඳු ප්‍රකාශ් 20/2)

 

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee