slc
logo
Home   |    News
මැයි 23, 2023
තෙනුක ඒකනායක කඩුලු 10 න් 9 ක්ම දවා ගනියි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ.

මඩකපුව දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තෙනුක ලකුනු 10 ක් ඇතුළත කඩුලු 9 ක් දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වුවේය. දකුණතින් මඳ වේග පන්දු යවන තෙනුක එම තරගයේ පන්දුවාර 6.4 ක් යවමින් නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 10 කට කඩුලු 9 ක් දවා ගත්තේය

ප්‍රතිවාදී කන්ඩායේම ආරම්භක පිතිකරු වූ මතිස බනුමන්ගේ කඩුල්ල තරණ විමලධර්ම දවා ගැනීම හැරුණු කොට සසු සියලුම කඩුලු තෙනුක සමත්වුවේය.  මෙම දක්ෂතාව නිසා මඩකලපුව කණ්ඩායම පන්දුවාර 15.4 කදී ලකුණු 54 කදී නිමාවට පත්විය.

ඒ හැරුනු කොට එම තරගයේදීම මහනුවර කලාප 1 පිල වෙනුවෙන් අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දිමට පැමිණි සුපුනු වඩුගේ නොදැවී ලකුණු 123 ක් ලබා ගැනීමට සමත්වූවේය. පන්දු 143 කට මුහුණ දුන් සුපුන්ගේ එම නොබිඳුණු ලකුණු 123 සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් එල්ල කර තිබුණේය.

අද දිනයේදී කොළඹ උතුරු කලාප 1 කණ්ඩායම ගම්පහ කලාප 1 පිල පරාජයට පත් කරන ලද්දේ පිට පිටම පස්වැනි වතාවටය. මෙවර තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ කොළඹ උතුරු කලාප 1 කණ්ඩායම එම තරග 5ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවේ.

 

මහනුවර කලාප 1 කණ්ඩායමට ලකුණු 281 ක ජයක්

මහනුවර කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකූනු 335 යි – (සුපුන් වඩුගේ 123*, (143) 4ං8 6ං2), කුසල් විජේතුංග 18, රහල් අමරසිංහ 38, දිනූෂා පීරිස් 36, විබවිත් ඇහැලේපොල 19, ජයාවි ලියන‌ගම 18, ලක්වින් අබේසිංහ 60*, එෆ්. එම්. ෆතා 60/2)

මඩකලපුව පනදුවාර 15.4 කදි සියලු දෙනා දැවී ලකුණු 54 යි – (එෆ්. එම් අෆ්නික් 26, තෙනුක ඒකනායක 10/9)

 

කොළඹ උතුර කලාප 1 ට කඩුලු 2 ක ජයක්

ගම්පහ කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 218 යි – (නෙත්මල් ද සොයිසා 29, කේෂව කුරත්න 70, උවිඳු පෙරේරා 30, අමිත සංදීප 37, ශාරිත් සුදීන 12, ගගන් චමෝද් 21/3, සජිත විතානගේ 38/2, උවින් පෙරේ‌රා 43/2, මුදිත දිසානායක 22/2)

කොළඹ උතුර කලාප 1 පන්දුවාර 49 කදී කඩුලු 8 ට ලකුණු 222 යි – (රුසිරු විලෝචන 39, අශාන් ඉසිර 17, අවින්ත ද අල්විස් 50, ලිිනාල් සුබසිංිංහ 15, එරංග ජයකොඩිගේ 15, මුදිත දිසානායක 48, සජිත විතානගේ 13, පැතුම් විහඟ 57/3)

 

කෑගල්ල කණ්ඩායමට ලකුණු 107 ක ජයක්

කෑගල්ල පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 236 යි – (රොෂේන් සස්මිත 62, දෙනුවන් මෙත්සර 20, මලීෂ් ආකාෂ් 16, කසුන් බණ්ඩාර 33, දස්සන ගම්ලත් 50*, කවිඳු ප්‍රභාෂ් 20*, පවන් රශ්මික 35/2, එම්. එස්. අරීබ් 41/2)

අම්පාර පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 129 යි – (තිලිණප පූර්ණ 36, අරූෂ මෙන්ඩිස් 17, එච්. එම්. ලයන් 17, මසිත් ප්‍රහාර්ෂ 20, කවිඳු ප්‍රදීප් 14*, කවිඳු ප්‍රකාශ් 35/4, අචින්ත මයුරංග 30/3)

 

මන්නාරම් කණ්ඩායමට ලකුණු 111 ක ජයක්

මන්නාරම් කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 281 යි – (ටී. තජීපන් 68, එම්. ජේ. සජිත් 50, ජේ. කිතුසන් 75, ඒ. සජෝන් 41, ඒ. දාස් 14*, ෂෙහාන් මදුසංක 68/4)

මුලතිව් කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 170 යි – (අරුන්තවරාස ශනුජාන් 21, නාදරාස ඩිලක්සාන් 10, ළහිරු අමාස් 14, පී. නිරුජන් 35, නාතන්කමාර දිලක්සාන් 24, සෙල්වන්තිරන් පිරාතීපන් 21, සුගීර් ශර්මා 18.4, එම්. ජේ. සජිත් 23/2, එස්. ජනුස්ටන් 49/3)

 

හම්බනතොට කණ්ඩායමට ලකුණක ජයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 36 කදී ඉලක්කය ලකුණු 159 යි)

මොනරාගල පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 186 යි – (අශාන් ශනිල්ක 10, සිතුම් හසරංග 29, පන්සිලු දිසානායක 50, චාමික දෙනුවන් 31, ඔෂාන් තේනුක 15/3, විහඟ සංකලන 26/2, අදිත අබිලාශ 16/2)

හම්බන්තොට කණ්ඩායම පන්දුවාර 36 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 159 යි – (අදිත අබිලාෂ 66, ඔඃෂාන් තේනුක 39, නිම්සර දිසානායක 30, චතුම් ගීනාත් 22/2)

 

ගම්පහ කලාප 2 කණ්ඩායමට කඩුලු 3 ක ජයක්

කොළඹ උතුරු කලාප 3 පන්දුවාර 37.4 කදී සියලු දෙනා දැවි ලකුණු 167 යි – (තනුජ රාජපක්ෂ 44, යෙශිත් කලුපහන 15, රශ්මික හිරූෂාන් 49*, ඔමේෂ් උදාර 33, තරූෂ කොඩිකාර 38/4, පූර්ණ කල්හාර 28/2)

ගම්පහ කලාප 3 කණ්ඩායම පන්දුවාර 43.1 කදී කඩුලු 7 කට ලකුණු 171 යි – (පූර්ණ කල්හාර 11, මොහොමඩ් මුසාඩ් 20, හෙලංක විදුරංග 32, සනිර වික්‍රමසිංහ 33, දෙනුර දෙමන්සිත් 29, රශ්මික හිරූෂාන් 23/3)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee