slc
logo
Home   |    News
මැයි 10, 2023
දේශපාලන මැදිහත්වීම් සොයන්න ICC උප සභාපතිවරයා ක්‍රිකට් බලධාරීන් මුණ ගැසෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේදැයි සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10 දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

කවාජා මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ඉහතින් සඳහන් කළ දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේ දැයි කරුණු සොයා බැලීම වේ. එම කරුණු සෙවීමේ එක් කොටසක් ලෙසින් කවාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මුණ ගැසී සාකච්ඡා කරනු ලැබීය.

අදාළ සාකච්ඡාවේදී ක්‍රිකට් පරිපාලන කටයුතු සිදුකරගෙන යෑමේදී මුහුණ දීමට සිදුවන ගැටලු සහ එසේ සිදුවීමේදී ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි බලපානු ලබන කරුණු පිළිබඳව කවාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය.

කවාජා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 වසරේ මැයි මස 08 වැනිදා ලිපියක් යොමු කරමින් ගරු ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කර සිටි අතර එහිදී කවාජා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද එම ලිපිය ඔස්සේ වැඩිදුරටත් දැනුම් දී සිටියේය. 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee