slc
Home   |    News
මැයි 18, 2023
නවසීලන්ත කාන්තාවෝ ජුනි 23 ශ්‍රී ලංකාවට එති

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායම ජුනි මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ද්වී පාර්ශ්වික තරගාවලියක් සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

නවසීලන්ත කාන්තා කණ්ඩායම 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණ ඇතත් ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පැමිණෙන්නේ පළමු වතාවටය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ද්වී පාර්ශ්වික තරගාවලිය මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල 2015 වසරේදී පළමු තරගාවලියට නවසීලන්තයේදී සහභාගිවිය.

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන එක්දින තරගාවලිය ජුනි මස 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. අනෙක් තරග ජුනි 30 සහ ජූලි 03 වැනි දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජූලි මස 08 වැනිදා පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වන අතර ඊට පෙර ජූලි මස 06 වැනිදා නවසීලන්ත කාන්තා පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සමඟ පුහුණු තරගයකට සී.සී.සී. පිටියේදී සහභාගිවීමට නියමිතය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest