slc
logo
Home   |    News
මැයි 19, 2023
ලකුණු 193 ක් පසිඳු මේනක රැස් කරද්දී පවන් සංදේශ්ගෙන් හයේ පහර 14 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී පිතිකරුවකු විසින් වාර්තා කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වේ.

පන්දු 126 කින් සමන්විත වුණු පසිඳුගේ වේගවත් ඉනිම සදහා ඔහු හයේ පහර 6 ක් සහ හතරේ පහර 25 ක් එල්ල කර තිබුණි. මීට පෙර ඉනිමක වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේ අනුරාදපුර කණ්ඩායමේ අශාන් ඉසුරංග වන අතර ඔහු මන්නාරම දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව ලකුණු 144 ක් ලබාගත්තේය.

පසිඳු මේනකට අමතරව අද දිනයේ අනෙක් ශතක ලාභියා වූ ගාල්ල කලාප 2 කණ්ඩායමේ පවන් සංදේශ් සිය ඉනිම සදහා හයේ පහර 14 ක් එල්ල කිරීමට සමත්වීම කැපී පෙනිණ. ලකුණු 149 ක දැවැන්ත ඉනිමක් වූ පවන් සංදේශ් හයේ පහර 14 ට අමතරව හතරේ පහර 8 ක්ද එල්ල කර තිබුණේ තම ඉනිම සදහා පන්දු 104 ක් පමණක් වැය කරමිනි. පවන්ගේ ඉනිම මේ වන විට මෙවර තරග වාරයේ පිතිකරුවකු වාර්තා කරන ලද දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ.

මීට අමතරව අද දිනයේ පැවැති සෙසු තරග 9 අතරින් කුරුණැගල කලාප 2 කණ්ඩායමේ සෙමින යසස් (21/5), හම්බන්තොට කණ්ඩායමේ ඔෂාන් තේනුක (29/6), මහනුවර කලාප 1 දිනුක් තෙන්නකෝන් (27/5) සහ ගාල්ල කලාප 3 සෙනිත් හැළඹගේ (21/5) පන්දු යැවීමෙන් කැපී පෙනුණහ.

 කුරුණෑගල කලාප 2 පිලට ලකුණු 167 ක ජයක්

කුරුණැගල කලාප 2 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 337 යි – (පසිදු මේනක 193, ජයමින් මුතුකුමාරණ 39, අමේෂ් තෙන්නකෝන් 33, ගයන වීරසිංහ 13, චමත්කර් හෙට්ටිආරච්චි 13, චතුරංග බණ්ඩාර 10, ප්‍රවීන් ප්‍රභාකරන් 63/2, දිමුත් ද සිල්වා 47/2, කවීෂ ලියනාරච්චි 61/2, ජේ. නිමේෂාන් 58/2)

මාතලේ පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී ලකුණු 170 යි – චමල්ක විජේරත්න 65, හෙලංක චින්තන 30, කවීශ ලියයනාරච්චි 35, සිතුම් ජයරත්න 11, සෙමින යසස් 21/5, ෂෙහාන් කුමාර 25/2)

 

කොළඹ උතුර කළාප 3 ට ලකුණු 164 ක ජයක්

කොළඹ උතුර කළා 3 පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 243 යි – (කවිදු අමමෙත් 28, තනුජ රාජපක්ෂ 29, ශෙිත් කලුපහන 36, ශනික්‍ය දේශප්‍රිය 46, ඉනුක කරන්නාගොඩ 122, තේමිය ගුණරත්න 40, රශ්මික හිරූෂාන් 11, විරංග යේෂාන් 17, සමෝද් නිම්සර 52/2, අලෝක නිමේෂ් 31/2)

ගම්පහ කලාප 3 පන්දුවාර 26.3 කදී සියලු දෙනා දැවී ලකුණු 79 යි – (කවීන් ප්‍රනාන්දු 16, සවිඳු පෙරේරා 30, සහන් විරාජ් 21/2, ඉනුක කරන්නාගොඩ 14/2, ඔමේෂ් උදාර 06/2)

 

ගාල්ල කලාප 1 කණ්ඩායමට ලකුණු 39 ක ජයක්

ගාල්ල කලාප 1 පන්දුවාර 36.4 කදී සියලු දෙනා දැවී ලකුණු 181 යි – (චාර්ය පරණවිතාන 19, ප්‍රමේෂ් මදුභාෂණ 16, ධනුජ ඉඳුවර 14, හිරුන මන්දිල 65, හරීන් අචින්ත 11, හසිත සුරංග 14, ඔෂාන් තේනුක 29/6)

හම්බන්තොට පන්දුවාර 39.3 කදී සියලු දෙනා දැවී ලකුණු 142 යි – (සෙනුර මනෙත් 25, නිම්සර දිසානායක 28, අදිත අබිලාෂ 16, එම්. එස්. මො‌හොමඩ් 27, කවිඳු මදුශංක 13, තරූෂ ඩිල්ෂාන් 23/4, ඉඳුවර උදේන 32/2, කවිඳු අමරසිංහ 26/3)

 

කොළඹ දකුණ 1 පිලට ලකුණු 32 ක ජයක්

කොළඹ දකුණ කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 252 යි – (සෙනුර සිල්වා 70, ගවිරු සෙන්හස් 28, උවිදු වීරසේකර 29, සහන් කෞෂල්‍ය 40, රමිරු පෙරේරා 25, මනුර පීරිස් 20, හිවින් කෙනුල 48/3, සොනාල් අවදික 27/2, දිල්රුක් සිල්වා 42/2)

කලුතර කලාප 3 කණ්ඩායම පන්දුවාර 46 කදී කඩුලු 9 ට ලකුණු 220 යි – (අශාන් විශ්ව 54, ටෙනුෂ්ක නානායක්කාර 94, සසිඳු කෞෂාන් 15, සොනාල් අවදික 15, දසිස් මංචනායක 36/2, දුමිදු සෙව්මිණ 49/2)

 

ගම්පහ කලාප 1 ට කඩුලු 4 ක ජයක්

ගම්පහ කලාප 2 පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 210 යි – (මොහොමඩ් මුසාද් 19, සෙනුර වික්‍රමසිංහ 22, ජනිත ශෙහාන් 11, දෙනුර දෙමන්සිත් 39, තෙමිර මිකාසන 63, ‌දහම් නිර්මාල් 11, ගරුක සංකෙත් 66/2, සිතුම් නෙත්සර 35/2, පැතුම් විහඟ 44/2, රවිදු ජයසංක 24/2)

ගම්පහ කලාප 1 පන්දුවාර 45.5 කදී කඩුලු 6 ට ලකුණ 211 යි – (නෙත්මාල් ද සොයිසා 26, කේෂව කුලරත්න 29, උවිඳු පෙරේරා 35, ශරිත් සුදීන 34, ශාන් සමරදිවාකර 49, පූර්ණ කල්හාර 30/3)

 

මහනුවර කලාප 1 කණ්ඩායමට ලකුණු 34 ක ජයක්

මහනුවර කලාප 1 පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 259 යි – (කුසල් විජේතුංග 28, රහල් අමරසිංහ 19, සුපුන් වඩුගේ 84, දිනූෂ පීරිස් 11, විබවිත් ‌ඇහැලේපොල 49, ලක්වින් අබේසිංහ 18, තරණ විමලධර්ම 10, ඉඳුවර ගලපිටිගේ 56/2, තිසර ඒකනායක 36/2, කවීෂ පියුමාල් 60/2)

මහනුවර කළාප 2 පන්දුවාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 225 යි – (කවිඳු ෂෙහාන් 24, තිසර ඒකනායක 93, නිම්නද සොයිසා 10, ඉඳුවර ගලපිටගේ 53, දිනුක තෙන්නකෝන් 27/5, තරණ විමලධර්ම 25/2, ජයවි ලියනගම 40/3)

 

ගාල්ල කලාප 2 ට ලකුණු 159 ක ජයක්

ගාල්ල කලාප 2 පන්දුවාර 36.2 කදී සියලු දෙනා දැවී ලකුණු 224 යි – (පවන් සංදේශ් 149, තරිඳු නිර්මාල් 35, චතුම් ගීනාත් 32/3, විනූෂ තීක්ෂණ 21/4)

මොණරාගල පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 65 යි – (මෙනූෂ චතුරංග 21, ශෙරන්ත රවීෂාන් 15, ඉරුෂික 10/4, දසුන් ඩිල්ෂාන් 10/2, කවීෂ ඉඳුවර 10/3)

 

අම්පාරට කඩුලු 7 ක ජයක්

ත්‍රිකුණාමල පිල පන්දුවාර 36.6 කදී සියලු දෙනා දැවී ලකුණු 153 යි – (මෙනුර ආකර්ශන 59, අෂේන් ඉඳුවර 16, උදේශ් කුමාරතුංග 36, සුපුන් චානුක 15, අරූෂ මෙන්ඩිස් 48/2, පවන් රශ්මික 05/2, කවිඳු ප්‍රදීප් 01/2)

අම්පාර පන්දුවාර 33.3 කදී කඩුලු 3 ට ලකුණු 154 යි – (එම්. සහීෆ් 19, උමන්ත මතීෂ 19, පවන් රශ්මික 75*, කවීන් කල්හාර 31/3)

 

කොළඹ දකුණ කලාප 2 ට කඩුලු 5 ක ජයක්

කලුතර කලාප 1 පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 140 යි – (හිමේෂ මදුභාෂණ 11, ශහාන් දිව්‍යාංජන 10, දේශාන් දිල්මිත් 18, නවෝද්‍ය ගිම්හාන 11, ජනිත් ධනංජය 33, කොවිඳු වික්‍රමසිංහ 18, අවිශ්ක ඩිල්ෂාන් 13*, අකාෂ් ප්‍රනාන්දු 22/2, ෂෙනෝන් රොද්‍රගෝ 27/2, නිමුතු ගුණවර්ධන 13/2, චාරුක පීරිස් 27/3)

කොළඹ දකුණ කලාප 2 පන්දුවාර 24 කදී කඩුලු 5 ට ලකුණු 146 යි – (ඔවීන් සල්ගාදු 26, නිමුතු ගුණවර්ධන 16, රොමේෂ් මෙන්ඩිස් 17, රුසඳ ගමගේ 25, මහිත් පෙරේරා 44, කොවිඳු වික්‍රමසිංහ 40/2)

 

නුවර කළාප 3 ට කඩුලු 6 ක ජයක්

නුවරඑළිය පන්දුවාර 37.3 කදී සියලුදෙනා දැවී ලකුණු 114 යි – (ෂෝන් ප්‍රනාන්දු 23, සේසත් තිලකරත්න 16, ආදිත්‍ය කලල්පිටිය 17/3, අකිල වික්‍රමසිංහ 23/2)

මහනුවර පන්දුවාර 19.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 යි – (කනක වික්‍රමසිංහ 44, ‌ශමාල් ප්‍රියභාෂණ 18, කවිජ ගමගේ 13, චාරුක මිත්‍රසිංහ 21*, ඩිලන්ක සුසන්දික 26/3)

 

ගාල්ල කලාප 3 ට ලකුණු 78 ක ජයක්

ගාල්ල කලාප 3 පන්දුවාර 37 කදී සියලු දෙනා දැවී ලකුණු 137 යි – (රවීෂාන් නෙත්සර 13, ෂෙහාන් රශ්මික 26, සෙනිත් හැළඹගේ 15, ධනුෂ්ක මදුශංක 33, සෙනෙර දිලීප් 16/2, එස්. කබිලේශ්වරන් 22/2,නිකාෂ් පෙරේරා 37/2, චතුම් ලක්ප්‍රිය 27/3)

බදුල්ල පන්දුවාර 31.4 කදී සියලු දෙනා දැවී ලකුණු 59 යි – (ප්‍රවිශ්ක 13, සෙනිත් හැළඹගේ 21/5, සිතුම් විහඟ 08/2)

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar