slc
logo
Home   |    News
මැයි 13, 2023
පිතිකාරිණියන් 10 දෙනෙක්ම ලකුණු නොලබා දැවී යයි

sinhala editor

වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (මැයි 13 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැකගනු ලැබුවේ වාර්තා ගත ජයග්‍රහණයක් ද සමඟිනි. මඩකලපු කාන්තා කන්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රතිවාදීන්ට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් කැන්ඩි කන්ඩායම සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

මෙම තරගයේ ඇති විශේෂත්වය වූයේ මඩකලපු කාන්තා කණ්ඩායම ලකුණු 07 කට සීමා කිරීමට ඉසිරි මීගම්මන ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නියෝ සමත්වූහ. මඩකලපු ඉනිම පන්දුවාර 8.2 කදී සීමා වද්දී එම පිල වෙනුවෙන් ලකුණු වාර්තා කිරීමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ වින්මතී කතිරගමත්තම්බි (04) පමණි. සෙසු සියලුම පිතිකාරිණියන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට මහනුවර පන්දු යවන්නියෝ සමත්වීම කැපී පෙනෙයි. පන්දු යැවීමේදී ඉසිරි මීගම්මන පන්දුවාර 4 කදී නිලකුණු පන්දුවාර 3 ක් ද සමග එක් ලකුණකට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවාය.

එය හමා යෑමේදී රැස් ගත යුතුව තිබූ ලකුණු 08 ද රැස් කර ගැනීමේදී ඉන් ලකුණු 6 ක්ම අතිරේක ලකුණු වලින් මඩකලපු ක්‍රීඩිකාවන් ලබාදීමද කැපී පෙනෙයි. වයිඩ් පන්දු 5 ක් සහ නිපන්දුවකින් මහනුවර පිලට අතිරේක ලකුණු ලැබෙද්දී පන්දුවාර 2.1 කදී ජයග්‍රහණය සනිටුහන් වන විට කඩුලු 10ම අත ඉතිරිව තිබිණ.

මීට අමතරව අද පැවැති අනෙක් තරගය වූ‌ අම්පාර පිලට එරෙහි තරගය කඩුලු 4 කින් ජය ගැනීමට නුවරඑළි කණ්ඩායම සමත්විය.

 

මහනුවර කණ්ඩායමට කඩුලු 10 ක ජයක්

මඩකලපු කාන්තා කණ්ඩායම පන්දුවාර 8.2 කදී සියලු දෙනා දැවී ලකුණු 07 යි – (ඉසිරි මීගම්මන 01/5, නිමේෂිකා සෙනෙවිරත්න 05/2)

මහනුවර කණ්ඩඩායම පන්දුවාර 2.1 කදී කිසිවකු නොදැවී ලකුණ 08 යි

 

නුවරඑළිය කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

අම්පාර කණ්ඩායම පන්දුවාර 9.5 කදී සියලු දෙනා දැවී ලකුණු 35 යි – (ඩී.කිරුෂාන්ති 17/3, එන්. සඳුනිකා 00/3)

නුවරඑළිය කාන්තා පි පන්දුවාර 14.5 කදී කඩුලු 6 ට ලකුණු 36 යි – (මල්ෂානිනී සෙනුමිනී 07/3, එස්.පී. මෙත්සරා 07/2)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar