slc
logo
Home   |    News
මැයි 22, 2023
මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

sinhala editor

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට මහනුවර කලාප 3 කණ්ඩායමට අද (22 දා) හැකියාව ලැබිණ.

මොවුන් දෙදෙනාගේ ශතක හේතුවෙන් මහනුවර කලාප 3 කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 3 කට ලකුණ 378 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට අවස්ථාව උදාවිය. අම්පාර පිල පන්දුවට පහර දෙන අවස්ථාවේදී තරගයට වර්ෂාව හරස් වූයෙන් ඉලක්කය ප්නදුවාර 22 කදී ලකුණු 229 ක් වශයෙන් සංශෝධනය විණ. ඒ අනුව එම අවස්ථාව වන විට අම්පාර පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්ව සිටියේ කඩුලු 7 ක් දැවී ලකුණු 72 ක් පමණි.

අති විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුනු මලිත් ලක්ෂාන් සිය ලකුණු 155 සදහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 22 ක්ද, කවීජ ගමගේ නොබිඳුණු ලකුණු 128 සදහා ඔහු පන්දු 98 කට මුහුණ දුන්නේ හයේ පහරක් සහ හතරේ පහර 20 ක් ඇතුළත් කර ගනිමිනි. මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණ 188 ක් විය.

ඒ හැරුණු විට දිනයේ පැවැති සෙසු තරග වලදී ගම්පහ කලාප 2 කණ්ඩායමේ හෙලංක විදුරංග ලකුණු 30 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. ගම්පහ කලාප 3 ට එරෙහිව පැවැති තරගයේදී හෙලංක පන්දුවාර 6 කදී ලකුනු 30 කට කඩුලු 6 ක් දවා ගත්තේය. මෙම පන්දු යැවීම ප්‍රධාන කොට ගම්පහ කලාප 2 කණ්ඩායමට ලකුණු 61 ක අත්විණ.

මීට අමතරව අද පැවැති තරග වලදී කොළඹ උතුරු කලාප 1 කණ්ඩායම විසින් කොළඹ උතුරු කලාප 2 කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ජය මෙවර තරග වාරයේ ඔවුන් පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි ජය ලෙසින් සටහන් විය. එම ජයත් සමඟ ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහනේ පළමු ස්ථානයට පත්ව සිටියි.

මහනුවර කලාප 3 පිලට ලකුණු 156 ක ජයක් (පැරබෝලා ඉලක්කය පන්දුවාර 22 කදී ලකුණු 229 යි)

මහනුවර කලාප 3 පන්දුවාර 50 කදී කඩුලු 3 ට ලකුණු 378 යි – (මලිත් ලක්ෂාන් 155, කවිජ ගමගේ 129, කන්ක වික්‍රමසිංහ 39, ශාමාල් ප්‍රියභාෂණ 11)

අම්පාර පන්දුවාර 22 කදී කඩුලු 7 ක් දැවී ලකූණු 72 යි – (තිලිණ පූර්නිම 12, අරූෂ මෙන්ඩිස් 12*, නයන සත්සර 12, අකිල වික්‍රමසීංහ 21/4)

 

ගම්පහ කලාප 2 කණ්ඩායමට ලකුණු 61 ක ජයක්

ගම්පහ කලාප 2 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 228 යි – (මොහොමඩ් මුසාඩ් 23, තත්සර එෂාන් 21, සනිරු වික්‍රමසිංහ 16, ජනිත ෂෙහාන් 54, දෙනුර දෙමන්සිත 25, චතුම් ආදිත්‍ය 36, සිතුම් රමෝද් 13*, අලෝක නිමේස් 23/2, ෂේන් ආදිත්‍ය 33/2, සමෝද් නිම්සර 46/2)

ගම්පහ කලාප 3 පන්දුවාර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 167 යි – (සචිරු හංසල 12, සොනාල් නෙත්මිණ 40, ෂේන් ආදිත්‍ය 81, සවිදු පෙරේරා 23, හෙලංක විදුරංග 30/6, ජනිත ෂෙහාන් 30/2)

 

අනුරාධපුරට ලකුණු 68 ක ජයක් (පැරබෝලා ඉලක්කය පන්දුවාර 27 කදී ලකුණු 168 යි)

අනුරාධපුර පිල පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුනු 238 යි – (තීක්ෂණ වීරසිංහ 70, දිනාල් රණසිංහ 19, අශාන් ඉසුරංග 24, කනිශ්ක ලක්ෂාන් 20, සඳුන් රත්නායක 12, ප්‍රමෝද්‍ය රසාංජන 22, තිලිණ චන්දීප 13, දිමන්ත අරෝෂ 29, ශිවන්ත එෂාන් 45/2, ශානුක ශ්‍රීමාල් 41/2, ජිනජිත් දුල්මික 44/2)

පොලොන්නරුව පන්දුවාර 27 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 100 යි – (හසිරු ලිලන්ත 37*, කවිඳු උමේස් 21, මතීෂ යෙහෙනිත් 32)

 

කොළඹ උතුරු කලාප 1 පිලට ලකුණු 47 ක ජයක්

කොළඹ උතුරු කළාප 1 කණ්ඩායම පන්දුවාර 42 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 193 යි – (රුසිරි විලෝචන 35, අශාන් ඉසිර 20, එරංග ජයකොඩිගේ 60, සජිත විතානගේ 11*, රුවෂාන් පෙරේරා 41/4, වෙන්කට් රා‌ජේන්ද්‍රන් 40/2)

කොළඹ උතුර කලාප 2 පන්දුවාර 37.5 කදී සියලු දෙනා දැවී ලකුණු 146 යි – (ෆයිසර් රෙහ්මාන් 11, විදුනෙත් විල්සන් 23, ඉරුත් ගිම්ශාන් 22, ශෙනාල් සමරතුංග 12, චමත් චාතුර්යය 19, අර්ශාන් ජෝසප් 20, ළහිරු අමරසේකර 22/2)

 

කොළඹ දකුණ කලාප 3 ට කඩුලු 56 ක ජයක්

කොළඹ දකුණ කලාප 3 පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 196 යි – (සනේෂ් ප්‍රනාන්දු 11, රිවිත් ජයසූරිය 46, විමත් දීනසර 17, දෙනෙත් සිතුමිණ 21, සුමල්ක ප්‍රනාන්දු 56, සෙතික දෙව්මිණ 15, ආකාෂ් ප්‍රනාන්දු 39/4, චාරුක පීරිස් 34/2)

කොළම දකුණ කලාප 2 පන්දුවාර 34.3 කදී සියලු දෙනා දැවී ලකුණු 140 යි – (තිසෙන් ඇහැළියගොඩ 15, රුසඳ ගමගේ 21, මහිත් පෙරේරා 35, සෙනේෂ් හෙට්ටිආරච්චි 23, නේතන් කල්දේරා 13, ගනිඳු වීරසිංහ 47/3, තිනෙත් සාලිංග 16/2, සදීෂ් පනාන්දු 18/1, උනෙත් පීරිස් 26/2)

 

කිලිනොච්චි කණ්ඩායමට කඩුලු 4ක ජයක්

කිලිනොච්ච් පිල පන්දුවාර 37.1 කදී සියලු දෙනා දැවී ලකුණු 136 යි – (ටී. තජීපන් 20, ඒ. සජෝන් 47, ජේ. කිතුසන් 13, ඒ දාස් 15, ටී. අබිරාජ් 42/4, එස්. මජුරාන් 35/3, ජී. කෞශිකාන් 42/2)

කිලිනොච්ච් පිල පන්දුවාර 35 කදී කුලු 6 ට ලකුණු 140 යි – (කේ. රොබින්ශන් 20, ටී. තමිසාන් 57, අත්පුත්‍රශා සෙනුරාජ් 12, කේ. සජන්තන් 11)

 

බදුල්ල පිලට කඩුලු 8 ක ජයක්

හම්බන්තොට පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 82 යි – (අදිත අබිලාෂ 30, හසල අබිලාෂ 13, මොහොමඩ් අෆාන්ස් 11, චතුම් ලක්ප්‍රිය 15/3, නිකාෂ පෙරේරා 17/3, එස්. කබිලේස්වරන් 27/2)

බදුල්ල පන්දුවාර 18 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 83 යි – (කුෂාන් හර්ෂණ 27*, ගිම්හාන් කේශර 39*, ඔෂාන් තේනුක 32/2)

 

මඩකලපුව පිලට කඩුලු 8 ක ජයක් (පැරබෝලා ඉලක්ක පන්දුවාර 20.1 කදී ලකුණු 95 යි)

මඩකලපුව කණ්ඩායම පන්දුවාර 41 කදී කඩුලු 8 ට ලකුණු 158 යි – (ආර්. එම් රිෆාස් 44, එම්. එස්. වසීම් 12, එස්. තිවෙර්සන් 37, එස්. එම්. හිසාම් 14*, දස්සන ගම්ලත් 35/3, කවිඳු ප්‍රකාශ් 32/2, චමෝද් ආකර්ෂ 23/2)

කෑගල්ල පන්දුවාර 20.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 86 යි – (දෙනුවන් මෙත්සර 28, නවීන් තේමිය 12, ආකාෂ් සන්සිත් 12, කවිඳු ප්‍රකාශ් 10*, එෆ්. එම්. අෆ්නික් 15/2)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest