slc
logo
Home   |    News
මැයි 28, 2023
යාපනයේ නිසාන්තන්ගෙන් පන්දු 46 කදී ලකුණු 103 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම  ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක ජයක් වාර්තා කරමිනි.

මැයි 27 වැනි දින පැවැති මෙම තරග අතුරින් මන්නරම සහ යාපනය අතර තරගයේදී යාපනය දිස්තික් පිතිකරු නිසාන්තන් අජේ නොදැවී ලකුණු 103 ක් වාර්තා කරගැනීමට සමත්විය. පන්දු 46 කට මුහුණ දුන් අජේ සිය ඉනිම සදහා හතරේ පහර 11 ක් සහ හයේ පහර 5 ක් එල්ල කර තිබුණි. මෙම ශතකයේ ඇති විශේෂත්වය වූයේ නිසාන්තන් අජේ එම ලකුණු 103 රැස් කරන ලද්දේ ලකුණු 128 ක් තරම් අඩු ඉලක්කයක් යාපනය කණ්ඩායම හමුවේ තිබියදී වේ.

පළමුව පන්දුවට පහර දුන් මන්නාරම් කණ්ඩායම පන්දුවාර 33.2 කදී ලකුණු 127 කට සියලු දෙනා දැවී ගිය අතර එය හඹා යෑමේදී ඉන් 103 ක්ම නිසාන්තන් අජේගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනෙයි. මුලතිව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම වෙනුවෙන් කවීෂ ලියනාරච්චි ලකුණු 06 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වීමද කැපී පෙනුණි.

මීට අමතරව ගාල්ල කලාප 1 ට සහ මාතර කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගාල්ල පිල කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර එහිදී මාතර කණ්ඩායම ලකුණු 132 කට සීමා කිරීම වෙනුවෙන් ගාල්ල නායකයා  පන්දු යවන්නන් 9 දෙනෙකුම භාවිතා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

 

යාපනයට කඩුලු 9 ක ජයක්

මන්නාරම පන්දුවාර 33.2 කදී සියලු දෙනා දැවී ලකුණු 127 යි – එම්. ජේ. සජිත් 18, සී. අම්වරතන් 54, ජේ. එම්. අර්සන් 13, රජිත් කුමාර් 33/4, කුගතස් මතුලන් 24/2, කුමානතාසන් සරුෂාන් 20/2)

යාපනය පන්දුවාර 12.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 133 යි – (නිසාන්තන් අජේ 103*, එස්. අනුශාන්ත් 16)

 

මාතලේට කඩුලු 9 ක ජයක්

මුලතිව් පන්දුවාර 14.2 කදී සියලු දෙනා දැවී ලකුණු 34 යි – (කවීෂ ලියනාරච්චි 06/7, පවීන් ප්‍රභාකරන් 13/2)

මාතලේ පන්දුවාර 3.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 35 යි – (මතීෂ රශ්මික 21*)

 

ගාල්ල කලාප 1 ට කඩුලු 4 ක ජයක්  (පන්දු යවන්නන් 9 දනෛක් භාවිතා කළා)

මාතර පන්දුවාර 37.4 කදී සියලු දෙනා දැවී ලකුණු 132 යි – (මිතිල චාල්ස් 32, සසිනු බට්ටගේ 12, දිනිරු අබේවික්‍රමසිංහ 43, ඉඳුවර උදේන 19/3, තරූෂ ඩිල්ෂාන් 35/3)

ගාල්ල කලාප 1 පන්දුවාර 23.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 135 යි – (චාර්ය පරණවිතාන 18, ප්‍රමේෂ් මදුභාෂණ 33, ධනුජ ඉඳුවර 35, හිරුණ මන්දිල 13ල භාෂණ ද සිල්වා 11*, චිරාන් නේතෲ 15/3, චතුම් කුලසේකර 25/2)

 

කුරුණෑගල කලාප 1 ට කඩුලු 9 ක ජයක්

කිලිනොච්චි පන්දුවාර 28.1 කදී සියලු දෙනා දැවී ලකුණු 55 යි – (කේ. රොබින්ෂන් 18 මනාන් මුසම්මිල් 14/4, තරිදු ඩිල්ෂාන් 16/2, කලිදු විජේසිංහ 04/2)

කුරුණෑගල පන්දුවාර 4.4 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 56 යි – (බුද්ධිම සහන් 19, මහිම කොටුවිල 22*, පසිදු පලිපාන 14*)

 

ත්‍රිකුණාමලයට ලකුණ 120 ක ජයක්

ත්‍රිකුණාමලය පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 266 යි – (මෙනුර ආකර්ෂණ 90, නුවන් චාන්සකුමාර 46, තරිඳු භාග්‍යවන්ත 15, උදේශ් කුමාරතුංග 28, පසිඳු බිම්සර 31*, රෝහිත් ශ්‍රීනාත් 19/7)

නුවරඑළිය පන්දුවාර 30.4 කදී සියලු දෙනා දැවී ලකුණු 146 යි – (ෂෝන් ප්‍රනාන්දු 20, තරූෂ දුලාන් 29, ඩිලන්ක සුසන්දික 28, විනයසනූර්ති සනියොන් 12, සේසත් තිලකරත්න 18, කවීන් කල්හාර 23/2, පසිදු ඩිල්ෂාන් 17.5)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee