slc
logo
Home   |    News
මැයි 24, 2023
ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට

sinhala editor

2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

ජුනි මස 18 වැනිදා සිට ජූලි මස 09 වැනිදා දක්වා රටවල් 10 කගේ සහබාගිත්වයෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන අතර මූලික වටය කණ්ඩායම් 5 බැගින් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ 2 කට බෙදා තරග පවත්වනු ඇත. අයර්ලන්තය, ඔ්මානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති.

‘ඒ’ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ නේපාලය තරග වදිනු ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වෙන සියලුම තරග හරාරේ නුවරදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩයේ තරග සියල්ලම බුලවායෝහිදී පෑවත්වේ. තරගාවලියේ ආකෘතිය අනුව සමස්ථ තරගාවලිය තරග 34 කින් සමන්විත වන අතර අවසන් මහ තරගය ජූලි මස 09 වැනිදා හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් 3 අනතුරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේදී සැම කණ්ඩායමක්ම මූලික වටයේ ප්‍රතිවාදී කාණ්ඩයේ කණ්ඩායම් සමඟ තරග වදිනු ඇත.

එය අවසානයේ වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් පළමු ස්ථාන දිනා ගනු ලබන කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර ශූරයින් කවුරු වුවත්, එම කණ්ඩායම් දෙකම ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා වරම් ලබනු ඇත.

මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇඟ උණුසුම් කර ගැනීම සදහා තරග 2 කට සහභාගිවීමේ අවස්ථාව උදාවන අතර එහි පළමු තරගය ජුනි 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත්, ජුනි 15 වැනිදා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිවත් පැවැත්වෙනු ඇත.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාලය අතර තරගයෙන් හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ජුනි මස 18 වැනිදා ආරම්භ වන අතර එම තරගයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසල්වැසි ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ටකාශිංගා ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයට ජුනි මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව කුවීන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. එම තරගයෙන් පසු ශ්‍රී ලංකාව ජුනි 23 වැනිදා ඔ්මානයට එරෙහිවත්, ජුනි 25 වැනිදා අයර්ලන්තයට එරෙහිවත් සහ ජුනි 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිවත් තරග වදිනු ඇත.

මූලික වටය යටතේ පැවැත්වෙන තරග වලදී ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කිරීම හෙවත් විනිසුරු තීරණ විමසීමේ (විතීවි) අවස්ථාව කණ්ඩායම් වලට අහිමි වන නමුත්, සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේ සිට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව කණ්ඩායම්වලට හිමිවනු ඇත.

ජුනි 19 – ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් අතර බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩාංගණයේදී

ජුනි 23 – ශ්‍රී ලංකාව සහ ඕමානය අතර බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩාංගණයේදී

ජුනි 25 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩාංගණයේදී

ජුනි 27 – ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩාංගණයේදී

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar