slc
logo
Home   |    News
මැයි 12, 2023
ශ්‍රී ලංකා කාන්තාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

sinhala editor

By Chamila Karawita

 අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී, පිටියේදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (12 දා) පස්වරුවේ සමත්වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 සීමාව ඉක්මවා ලූ දෙවැනි සම්බන්ධතාව ලෙසින් සටහන් වුණු එම සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවත් සමඟ පන්දුවාර 20 අවසනදී කඩුලු 3 කට ලකුනු 159 ක ඉලක්කයක් සත්කාරක පිල හමුවේ තැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එම ඉලක්කය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසන් වන විට බංග්ලදේශ කණ්ඩායම ලකුණු 114 කදී නවාලූයේ කඩුලු 7 ක්ද දවා ගනිමිනි.

මෙම ජයත් සමඟම තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් ලෙස ජය වාර්තා කළේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 8 කට පසු තම මව්බිමේදී තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් විය. ශ්‍රී ලංකා පිල අවසන් වරට ශ්‍රී ලංකාවේදී විස්සයි-20 තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2015 වසරේදී පාකිස්තානු කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයේදීය. තරග 3 ක් ඇතුළත් වුණු එම තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තාවෝ ජයගත්හ.

කාසි‌යේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගනු ලැබුවේ පෙර තරගය පැවැති තනතීරුවේදීම අද තරගයත් පැවැති බැවිනි.

පෙර තරග වල පරිදිම විශ්මි ගුණරත්න සමඟ ඉනිම ආරම්භ කළද සිය සහායිකාව අඩු ලකුණු වලට දැවී යද්දී චමරි සිය ප්‍රහාරාත්මක පිතිකරණයේ නිරත වූවාය. සිය දක්ෂතාව මොනවට ප්‍රයෝජනයට ගත් චමරි, බංග්ලාදේශ පන්දු යවන්නියන් තුට්ටුවකට මායිම් නොකළ පන්දුවට පහර දුන්නද ඇයගේ සංයම නොමැතිවීම නිසා අවාසනාවන්ත ලෙස ලකුණු 32 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට සිදුවූවාය. ඒ වන විටත් තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් චමරි එල්ල කර තිබුණාය.

අද තරගයේදී බලාපොරොත්තු තබමින් අනුෂ්කා සංජීවනීව අංක 4 ස්ථානයෙන් පන්දුවට  පහර දීමට කැඳෙව්වද ඇයට කණ්ඩායම වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වූයේ ෆාහිමා ඛටුන් විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් බැවිනි. චමරි සහ සංජීවනී ලකුණු 13 ක් ඇතුළත දැවී ගියද බර කරට ගත් හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා පිළේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.

මෙහිදී පූර්ණ බර කරට ගත් හර්ෂිතා පන්දු 42 කදී නොදැවී ලකුණු 51 ක් එක් කළේ හතරේ පහර 6 ක්ද තම ඉනිමට ඇතුළත් කරමිනි. ශරීරයෙන් කුඩා ක්‍රීඩිකාවක් වුවත්, දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් එල්ල කළ නිලක්ෂි පන්දු 39 කදී රැස් කරන ලද ලකුණු 63 කලකට අමතක නොවන ඉනිමක් බවට පත්විය.

මොවුන් දෙදෙනා එක්ව නහිදා අක්ටර් යවන ලද අවසන්  පන්දුවාරයේ අවසන් පන්දු ලකුණු 24 ක් එක් කළහ. එහිදී අවසන්  පන්දු 5 ට මුහුණ දුන් නිලක්ෂි ලකුණු 6, 6, 4, 6 සහ 1 වශයෙන් ලකුණු 23 ක් රැස් කළාය. මෙය නිලක්ෂි ගේ මංගල විස්සයි-20 අර්ධ ශතකය වන අතර හර්ෂිතාගේ සිවුවැන්න බවට පත්විය.

10 වැනි පන්දුවාරයේදී සංජීවනී දැවී යන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 56 ක් වූ නමුත් ඉතිරි පන්දු 65 දී ලකුණු 102 ක් එක් කිරීමට හර්ෂිතා සහ නිලක්ෂි සමත්වූහ. ‌ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම සම්බන්ධතාවටද හිමිකම් කියන්නේ නිලක්ෂි සහ හර්ෂිතා වේ. ඔවුන් 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 104 ක සම්බන්ධතාව හොඳම සම්බන්ධතාව වේ. එයද බංග්ලාදේශ පිලට එරෙහිවම රැස් කිරීම දෛවෝපගත කරුණකි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුනු 158 යි – (නිලක්ෂි ද සිල්වා 63*, හර්ෂිතා මාධවී 51*, චමරි අතපත්තු 32, විශ්මි ගුනරත්න 02, අනුෂ්කා සංජීවනී 04)

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 114 යි – (නිගර් සුල්තානා 31, ෂෝබනා මොස්ටරී 30, ෆර්ගනා හක් 10, රිටූ මෝනි 11, උදේශිකා ප්‍රබෝධනී 17/2, කාව්‍යා කාවින්දි 28/2, ඉනෝකා රණවීර 17/2)

විස්සයි-20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණු හර්ෂිතා සමරවික්‍රම එම කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගත් අවස්ථාව

 

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරීපත්වූ නිලක්ෂි ද සිල්වා එම කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සහ තරගාවලි සංවිධායක කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගත් අවස්ථාව.

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee