slc
logo
Home   |    News
මැයි 10, 2023
අතිරේක ලකුණුවල පිහිටෙන් මඩකලපුව කඩුල්ලකින් ජය ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ අද (10 දා) පැවැති තරගයකදී මඩකලපුව කාන්තා කණ්ඩායම එක් කඩුල්ලක ජයක් වාර්තා කරන ලද්දේ එම ඉනිමේ වැඩිම ලකුණු වශයෙන් ප්‍රසාද ලකුණු 41 ක් සටහන්වීම හේතුවෙනි.

අම්පාර කාන්තා පිලට එරෙහිව පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ට ලකුණු 85 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී එම කණ්ඩායමේ පන්දු යවන්නියන් විසින් අතිරේක ලකුණු 41 ක් ලබා දීම නිසා කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට මඩකලපු කණ්ඩායමට හැකියාව ලැබිණ.

මෙම හඹා යෑමේදී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ සශංගි දෙනිෂා (13) පමණි. සෙසු සෑම ක්‍රීඩිකාවක්ම ලකුණු 10 ට අඩුවෙන් දැවී යද්දී අතිරේක ලකුණු එහි මුල් තැන ගනු ලැබුවේ ප්‍රතිවාදී පන්දු යවන්නියන් විසින් වයිඩ් පන්දු 34 ක් සහ නිපන්දු 4 ක් යැවීම හේතුවෙනි. පන්දු යැවීමේදී එස්. එස්. ධර්මදාස ලකුණු 22 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුවත් අතිරේක ලකුණු යෑම නිසා ඇයගේ වටිනා පන්දු යැවීමට නිසි වටිනාකමක් නොලැබිණ.

මේ අතර අද පැවැති සෙසු තරග වලදී ගාල්ල කණ්ඩායමට එරෙහිව තරග වැදි හම්බන්තොට කාන්තා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 න් කඩුලු 7 ක්ම දුවද්දී දැවී යෑම් ලෙසින් සටහන් වීම කැපී පෙනෙයි. මෙම හේතුව නිසා පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට පිල ලකුණු 40 කට සීමා වූ අතර එම ඉලක්කය හඹා යෑමේදී පන්දු වාර 3.5 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ඉලක්කය සපුරා ගැනීමට ගාල්ල ක්‍රීඩිකාවෝ සමත්වූහ. මෙම ජයග්‍රහණය ගාල්ල කණ්ඩායම පිට පිටම ලද සිව්වැනි තරග ජය ලෙසින් සටහන්වීමද කැපී පෙනෙයි.

මඩකලපුවට කඩුල්ලක ජයක්

අම්පාර කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 85 යි – (ගයනා ගුණතිලක 12, එස්.පී. මෙත්සර 17, මනෝරි කෞෂල්‍යා 13, ජුලියානා ජෙසුදාසන් 13/3, වින්මති කතිර්ගමත්තම්බි 26/3)

මඩකලපුව කාන්තා කණ්ඩායම ප්දුවාර 18.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 86 යි – (සශංගි දෙනිෂා 13, එස්.එස්. ධර්මදාස 22/5)

 

මහනුවර කඩුලු 10 ක ජයක්

කෑගල්ල කාන්තා කණ්ඩායම පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 48 යි – (ඩිල්ෂානි කුමාරසිරි 15, ශනිල්කා සත්‍යාංගනී 19/3, තරුෂි තත්සරණි 08/2)

මහනුවර කාන්තා  පිල පන්දුවාර 7.3 කදී කිසිවකු නොදැවී ලකුණු 49 යි – (ශලනි දසනායක 22*, ඩියෝනි නර්මලා 17*)

 

ගාල්ල කණ්ඩායමට කඩුලු 10 ක ජයක්

හම්බන්තොට කාන්තා කණ්ඩායම පන්දුවාර 17.2 කදී සියලු දෙනා දැවී ලකුණු 40 යි

ගාල්ල කාන්තා කණ්ඩායම පන්දුවාර 3.5 කදී කිසිවකු නොදැවී ලකුණු 41 යි – (සංජනා කාවින්දි 12*, හිරුනි හංසිකා 14*)

 

අනුරාධපුරට කඩුලු 3 ක ජයක්

පුත්තලම කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 102 යි – (තරුන්දි අකර්ෂා 11, ෂෙහාරා රෝෂනී 34, දිලීමා නෙත්මින් 21, අදිති රන්දිනී 12*)

අනුරාධපුර කාන්තා කන්ඩායම  පන්දුවාර 19 කදී කඩුලු 7 ට ලකුණු 103 යි – (නිලුක්ෂි කාවින්දයා 24, නිමාෂා මදුවන්ති 16, චමෝද්‍යා කිලානි 23*, ෂෙහාරා රොෂිනී 21/3)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee