slc
logo
Home   |    News
මැයි 18, 2023
අම්පාර – මඩකලපුව අතර තරගය සමව අවසන් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (18 දා) පැවැති අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන්වීම කැපී පෙනිණ. මඩකලපුවේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට ලකුණු 200 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී මඩකලපුව කණ්ඩායම පන්දුවාර 43.2 කදී ලකුණු 200 කට සීමාවිය.

මඩකලපු කන්ඩායම 35 වැනි පන්දුවාරය වන විට කඩුලු 5 ට ලකුණ 178 ක් ලෙසින් ප්‍රභල තත්ත්වයක පත් වුවත්, ලකුණු 15 ක් ලබා සිටි අබුල් හරීෂ්ව දවා ගැනීමට අරූෂ මෙන්ඩිස් සමත්වීමත් සමග ඉතිරි කඩුලු 5 ම ලකුණු 22 කදී දවා ගැනීමට අම්පාර පන්දු යවන්නෝ සමත්වූහ. කැපී පෙනන පන්දු යැවීමක නිරත වුනු අරූෂ මෙන්ඩිස් ලකුනු 39 කට කඩුලු 4 ක් දවා ගනිද්දී එම්. එස්. අරීබ් සහ මසිත් ප්‍රහර්ෂ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මීට අමතරව අද පැවැති තරග වලදී ගම්පහ කලාප 2 කණ්ඩායමට එරෙහිව කොළඹ උතුරු කළාප 1 කණ්ඩායම ලකුණු 164 කින්ද, හම්බන්තොට පිලට එරෙහිව ගාල්ල කළාප 3 කණ්ඩායම ලකුණු 146 කින්ද වශයෙන් දැවැන්ත තරග ජය වාර්තා කළහ.

මේ අතර කලුතර කළාප 1 ට එරෙහිව පැවැති තරගය දිනයේ වේලාසනින්ම නිමාවට පත් කරන ලද්දේ කොළඹ දකුණ කළාප 3 කණ්ඩායම කඩුලු 4 ක ජයක් වාර්තා කරමිනි. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලුතර කළාප 1 කණ්ඩායම ලකුණ 123 කට දැවී ගිය අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට කොළඹ දකුණ කලාප 3 කණ්ඩායම සමත්විය.

 

අම්පාර – මඩකලපුව තරගය සමයි

අම්පාර පන්දුවාර 50 කදී කඩුලු 7 කට ලකුණ 200 යි – (උමන්ත මතීෂ 73, ඒ. එම්. ෆාෆිර් 19, මදුභාෂණ නයනජිත් 14, එච්. එම්. නයන් 37, ඒ. සී. දිනෙත් 13, අල් නායන් 55/4)

මඩකලපුව පන්දුවාර 43.2 කදී සියලු දෙනා දැවී ලකුණු 200 යි – (එන්.එම්. බහීජ් 38, ආකිස්ට් අහමඩ් 24, අල් නහයන් 42, මතිස බනුමන් 10, ඒ.අයි. සෆාහි 11, අබුල් හරීෂ් 15, අරූෂ මෙන්ඩිස් 39/4, මසිත් ප්‍රහර්ෂ 45/2, එම්. එස්. අරීබ් 34/2)

 

කොළඹ දකුණ කලාප 3 කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

කලුතර කලාප 1 පන්දුවාර 30.4 කදී සියලු දෙනා දැවී ලකුණු 123 යි – (සන්දිත් රණවීර 14, දේශාන් දිල්මිත් 16, නවෝද්‍යා ගිම්හාන 19, ජනිත් ධනංජය 32, දිශාන් කාවින්ද 11, තිනෙත් සාලිංග 42/4, උනෙත් පීරිස් 25/2, සංදේශ් ප්‍රනාන්දු 13/2)

කොළම දකුණ කලාප 3 පන්දුවාර 15.3 කදී කඩුලු 6 කට ලකුණු 127 යි – (රිවිත් ජයසූරිය 43, ඉසුරු නිදර්ශන 28, තරිඳු අමරසිංහ 23, මනුජය චරිත් 22/2, නවෝද්‍ය ගිම්හාන 25/3)

 

කොළඹ උතුර කළාප 1 කණ්ඩායමට ලකුණු 164 ක ජයක්

කොළඹ උතුර කළාප 1 පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 308 යි – (අවින්ත ද අල්විස් 77, රුසිරු විලෝචන 18, අශාන් ඉසිර 26, ලිනාල් සුබසිංහ 79, එරංග ජයකොඩිගේ 15, උවින් පෙරේරා 27, සනිතු අමරසිංහ 40*, ජනිත ෂෙහාන් 76/2, දහම් නිර්මාල් 15/2)

ගම්පහ කළාප 2 පන්දුවාර 39.3 කදී සියලු දෙනා දැවී ලකුණු 144 යි – (හෙලන්ක විදුරංග 13, දෙනුර දෙමන්සිත් 27, ජනිත ශෙහාන් 29, දහම් නිර්මාල් 33, උවින් පෙරේරා 23/3, මුදිත දිසානායක 23/2, සජිත විතානගේ 25/2)

 

ගාල්ල කලාප 1  කණ්ඩායමට ලකුණු 63 ක ජයක්

ගාල්ල කලාප 1 කණ්ඩායම පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 216 යි – (චාර්ය පරණවිතාන 32, ප්‍රමේෂ් මදුභාෂණ 23, හිරුන මන්දිල 25, විදුර ලක්ෂාන් 43, ඉඳුවර උදේන 57, එස්. කබිලේෂ්වරන් 41/5)

බදුල්ල පන්දුවාර 36.4 කදී සියලු දෙනා දැවී ලකුණු 153 යි – (නොශාන් තරිඳු 15, යෙසිත හේෂාන් 19, ගිම්හාන් කේශර 22, ප්‍රවිශ්ක නදීන් 19, කුෂාන් හර්ෂණ 12, චතුම් ලක්ප්‍රිය 10, උසාර මන්තිසු 13, ඉඳුවර උදේන 29/3, විදුර ලක්ෂාන් 08/2, කවිඳු අමරසිංහ 19/2)

 

ගාල්ල කලාප 3 කණ්ඩායමට ලකුණු 146 ක ජයක්

ගාල්ල කලාප 3 පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 238 යි – (චානුක ද සිල්වා 41, ෂෙහාන් රශ්මික 62, සෙනිත හැළඹගේ 19, ධනුෂ්ක මදුශංක 45, කවීෂ කල්පන 24, රන්දුල් සමරහේවා 16, මහීෂ ප්‍රභාෂණ 10, ඔෂාන් තේනුක 37/3, විදර්ශන විශ්මිත 44/2)

හම්බන්තොට පන්දුවාර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 92 යි – (ඔෂාන් තේනුක 17, දිනුක මදුභාෂණ 40, එම්. එස්. මොහොමඩ් 12, පැතුම් මලිත 09/2, වීෂ කල්පන 18/2, වනිත් ද සිල්වා 16/2, සෙනිත හැළඹගේ 11/2)

 

ගාල්ල කලාප 2 පිලට කඩුලු 7 ක ජයක්

රත්නපුර පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (නිමන්ත හංසක 27, රසිදු ඩිල්ෂාන් 77, දිනෙත් මදුරංග 13, ආර්. ප්‍රශාන් 16, චානුක ධනංජය 13, තුහින අනුවන් 33, ඉරුෂික තිමිර 18/3, ලිඳුල නුවංග 28/2)

ගාල්ල කලාප 2 පන්දුවාර 30.3 කදී කඩුලු 3 ට ලකුණු 214 යි – (චෙහාන් සුබසිංහ 71, පවන් සංදේෂ් 30, භානුක මනෝහර 53, තරින්ද නිර්මාල් 40*, සඳරු තීක්ෂණ 11*, චානුක ධනංජය 48/2)

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee