slc
logo
Home   |    News
මැයි 10, 2023
අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ගාල්ල අපරාජිතව ඉදිරියට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරාගාවලිය යටතේ රත්නපුර පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කළ ගාල්ල කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට සමත්ව සිටියි. මෙම ජය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද තෙවැනි ජයග්‍රහණය වේ. ඊට අමතරව පැවැති තරග වලදී කිලිනොච්චිය, මොණරාගල, මාතර සහ ගම්පහ කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත්වූහ.

 ගාල්ල පිලට කඩුලු 10 ක ජයක්

රත්නපුර කාන්තා පිල පන්දුවාර 17.1 දී සියලූ දෙනා දැවී ලකුණු 32 යි – (සුලීෂා සත්සරණි 07/2, ෂෙහාරා ඉඳුවරී 09/2)

ගාල්ල කාන්තා පිල පන්දුවාර 5.5 කදී කිසිවකු නොදැවී ලකුණු 33 යි

 

කිලිනොච්චි පිලට ලකුණු 03 ක ජයක්

කිලනොච්චි කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 103 යි – (බී. හරනි 15, වී. වනූෂා 12/2, එස්. රිතූෂා 14/2, එස්. තිනෝසියා 26/2)

වව්නියා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 100 යි – (එස්. කමාසා 19, කේ. කුෂ්ජන්තිනී 20/4, එස්. තත්සරණි 17/2)

 

මොණරාගල පිලට කඩුලු 8 ක ජයක්

හම්බන්තොට කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 56 යි – (චමුදි ප්‍රබෝධා 11/2)

මොණරාගල කාන්තා පිල පන්දුවාර 9.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 60 යි – (සේමිණී ශෂිකලා 19*)

 

මාතර පිලට කඩුලු 9 ක ජයක්

බදුල්ල කාන්තා පිල පන්දුවාර 5 කදී කඩුලු 5 ට ලකුණු 22 යි – (අෂිනි සෙව්වන්දි 02/2)

මාතර කාන්තා පිල පන්දුවාර 2.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 23 යි

 

ගම්පහ පිලට ලකුණු 36 ක ජයක්

ගම්පහ කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 124 යි – (සඳලි වීරසිංහ 20, උමායා රත්නායක 21*, දනුජි ප්‍රනාන්දු 19/2, දැහැමි සෙනෙත්මා 20/2)

කොළම උතුර කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 88 යි – (විදුෂිකා පෙරේරා 14/2, හසිනි විජේසිංහ 18/2, නිකේෂා නවෝදයා 20/2)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee