slc
logo
Home   |    News
මැයි 20, 2023
කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි ජය ලෙසින් සටහන් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හිමිකර ගෙන ඕවර් 37.3කදී ලකුණු 246ක් ලබාගත් අතර, කලුතර පිලට ලබා ගැනීමට හැකි වූයේ ඉලක්ක ගත පන්දු ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179ක් පමණි.

අද පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල කළාප 3 හා ගාල්ල කළාප 1 අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්විය.

කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ඕවර් 37.3කදී ලකුණු 246යි – රෙහාන් පීරිස් 18, ගවිරු සෙනහස් 36, සෙනුරු සිල්වා 35, මලිත පෙරේරා 43, උවිදු වීරසේකර 21, සහන් කෞෂල්‍ය 34 ( සහන් මිහිර 70/2, විශ්ව ළහිරු 28/2, රුසිත් ජයවර්ධන 43/2, මෙවිදු කුමාරසිරි 24/2)

කලුතර කළාප 2 කණ්ඩායම ඕවර් 38කදී කඩුලු 6කට ලකුණු 179යි – දුරන්ක සිල්වා 23, විශ්ව ළහිරු 48, රුසිත් ජයවර්ධන 15, සචිර දේමෙන් 44, කවිදු ගයාත්‍ර 15 ( දුමිදු සෙව්මිණ 34/3)

නුවරඑළියට කඩුලු 2ක ජයක්

මහනුවර කළාප 2 පිල ඕවර් 23.3කදී ලකුණු 99 – කවිදු සෙහාන් 20, ඉදුවර ගලපිටගේ 23, රවිදු කපුකොටුව 32 (රනේෂ් හේරත් 33/3, යසිත් මෙනූෂාන් 25/4)

නුවරඑළිය ඕවර් 38කදී කඩුලු 8කට ලකුණු 100 – තරූෂ දුලාන් 16, යසිත් මෙනූෂාන් නොදැවී 24 ( ඉදුවර ගලපිටගේ 25/2, නිමන්ද සොයිසා 26/2, කවීෂ පියුමාල් 20/2, තිසර ඒකනායක 27/2)

මඩකළපුව කඩුලු 3කින් ජය ලබයි

ත්‍රිකුණාමලය ඕවර් 41.1කදී ලකුණු 133යි – තරිදු භාග්‍යවන්ත 16, සුපුන් චානක 39 ( එෆ්. එම්. අෆ්නික් 20/2, අකිස්ට් අහමඩ් 29/2, යු. එල්. එම්. ඉම්දත් 15/2)

මඩකළපුව ඕවර් 26කදී කඩුලු 7කට ලකුණු 134
මතීෂ බනුමන් 24, අකිස්ට් අහමඩ් 22, එෆ්. එම්. අෆ්නික් 17, අබ්දුල් හසන් 23 (සුපුන් චානක 41/5)

රත්නපුරට කඩුලු 7ක ජය

මොනරාගල පිල ඕවර් 47.5කදී ලකුණු 150යි
ගිහාන් ලක්ෂිත 51, සිතුම් හසරංග 16 ( විහාර අත්තනායක 22/2, නිමන්ත හංසක 20/2, රුවිදු දිදුලක 23/2, ලතික ජයසුන්දර 21/2)

රත්නපුර ඕවර් 28. 2කදී කඩුලු 3කට ලකුණු 151යි
හසිදු රාජපක්ෂ 26, නිමේෂ් නෙරංජන 63, තුහීන අනුවන් නොදැවී 33, චානුක ධනංජය නොදැවී 18 ( ප්‍රවීන් මධූසංඛ 42/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee