slc
logo
Home   |    News
මැයි 11, 2023
ජපානයට ගිය නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

sinhala editor

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ අද ලද ජයග්‍රහණයත් සමග තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

තෝකියෝහි සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කිසියේ වාසිය ජපාන කණ්ඩායම සතු වුවත් පළමුව පන්දුවට පහර දීම සදහා ඔවුන් ශ්‍රී ලංකා නැගී එන පිලට ආරාධනා කර සිටියේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 125 ක් පමණක් ලබා ගත්තේය. අඩු ලකුණු වාර්තා වුණු එම ඉලක්කය හඹා යෑමේදී ජපාන ජාතික කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 57 ක් පමණි.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ජපාන ජාතික කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 23 ක් ඇතුළතදී දවාලමින් ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නෝ සමත්වූහ. එම කඩුලු 5 දැවී යන විට ජපාන ලකුණු පුවරුවේ පන්දුවාර 7 කුත් පන්දු 3 ක් සටහන්ව තිබිණ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ‌ගොඩ නැංවුණු ලකුණු 20 ක සම්බන්ධතාව හැරුනු කොට එම ඉනිමේ ඵලදායී වෙන කිසිවක් සටහන් නොවිණ.

පන්දු යැවීමේදී ඉම්තියාස් ස්ලාසා ලකුනු 05 කට කඩුලු 3 ක් දවා වැඩිම කඩුලු ලාභියා බවට පත් වද්දී ලක්ෂාන් මගේ, ඩෙලෝන් පීරිස් සහ හර්ෂණ වික්‍රමසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වද්දී ආරම්භක පිතිකරුවන් වූ දුනිත් ජයතුංග සහ සිතර හපුහින්න ඉක්මනින් දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුණු ෂෙහාන් ප්‍රනාන්දු සහ සාහිල් ඩයස් ලකුනු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් නැගී එන කණ්ඩායමට ජීවය එක් කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂෙහාන් වන අතර ඔහු පන්දු 33 කදී ලකුණු 30 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව සහිල් ඩයස් පන්දු 24 ක් ඇතුළත ලකුණු 22 ක් ලබා ගත්තේය. ඉනිමේ හරි අඩක් හෙවත් 10 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 58 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් පිතිකරණ ලැයිස්තුවේ 6 වැනි තැනට උසස්වීම් ලබා පැමිණි ඉම්තියාස් ස්ලාසා පන්දුවට පහර දෙමින් පන්දු 24 කදී වේගවත් ලකුණු 27 ක් රැස් කළේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වමිනි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (ෂෙහාන් ප්‍රනාන්දු 30, ඉම්තියාස් ස්ලාස් 27, රියෝ සකුරානෝ 25/4, පියුෂ් කුම්බරේ 22/2)

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 16 කදී සියලු දෙනා දැවී ලකුණු 57 යි – (සොවුටා වඩා 11, වතුරු මියුචි 10, ඉම්තියාස් ස්ලාසා 05/3, ලක්ෂාන් ගමගේ 06/2, හර්ෂණ වික්‍රමසිංහ 09/2, ඩෙලෝන් පීරිස් 11/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee