slc
logo
Home   |    News
මැයි 3, 2023
නැගීඑන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක

sinhala editor

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක් වන ජපාන ජාතික කණ්ඩායම සමග විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජපාන ජාතික කණ්ඩායම ලබන ජූලි මාසයේදී නැගෙනහිර ආසියානු කලාපීය අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයට සහභාගිවීම සඳහා වන සූදානම, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහි තරගාවලියේදී හොඳින් ලබා ගත හැකි බව ජපාන ක්‍රිකට් සංගමය විශ්වාසය වී තිබේ.

“මෙම පියවර ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහායවීමට අරමුණු කරගෙන ගනු ලැබූ අතර ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජපාන ක්‍රිකට් සංගමය අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වීමට ඉවහල් වනු ඇති බව මා විශ්වාස කරනවා” යැයි නැගීඑන කණ්ඩායම ජපානයට යැවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මස 08 වැනිදින ජපානය බලා පිටත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee