slc
logo
Home   |    News
මැයි 31, 2023
යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු 59කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 81ක් රැස් කරමින් යුද හමුදා ජයග්‍රහණයට මූලිකව ක්‍රියා කළේය.

එන්.සී.සී. සහ ගුවන් හමුදාව අතර තරගයෙන් එන්.සී.සී. කඩුලු පහක ජයක් අත්කර ගත් අතර එන්.සී.සී. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල නැවත වරක් ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 27ක් ලබා ගත්තේ පන්දු දහයකට මුහුණදී හතරේ දහයක් ද එල්ල කරමිනි.

පාණදුර, සී.සී.සී, ගෝල්, මුවර්ස්, එන්.සී.සී. සහ යුද හමුදාව අද (31) දිනයේ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

පාණදුර ලකුණු 10කින් චිලව් මේරියන්ස් පරාජය කරයි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ පාණදුර කණ්ඩායමේ නිමන්ත පීරිස් මේ තරගයේදී තුන් ඉරියව්වේම දැක් වූ දක්ෂතා පාණදුර ජයග්‍රහණයට බෙහෙවින් දායක විණි.

පාණදුර කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන පන්දු 26කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 32ක් රැස් කරමින් මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

පාණදුර කඩුලු 7ට 122 (පන්දු වාර 20යි) – (සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, ළහිරු දිල්ෂාන් 17, නිමන්ත පීරිස් 14, කවිඳු නිර්මාණ 25/2, ලසිත් ලක්ෂාන් 9/1

චිලව් මේරියන්ස් කඩුලු 7ට 112 (පන්දු වාර 18.3යි) – (කසුන් විදුර 29, චමෝද් සඳරු 28,  කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 28/3, අසේල සම්පත් 26/2, කෝසාන් ජයවික්‍රම 22/2

  • එන්.සී.සී. කඩුලු හතකින් ගුවන් හමුදාව පරාජය කරයි.

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ මෙම තරගයේදී ගුවන් හමුදාව ලබාගත් ලකුණු 118 හඹා යාමේදී එන්.සී.සී. කණ්ඩායමේ සිව්වන කඩුල්ලට කවීන් බණ්ඩාර නොදැවී 51ක් ද (පන්දු 34යි හතරේ පහයි හයේ දෙකයි). කවීෂ අභිෂේක් නොදැවී ලකුණු 26ක් ද (පන්දු 19යි හතරේ දෙකයිි හයේ පහරයි) එක්ව නොදැවී ලකුණු 76ක සබඳතාවයකින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරාගෙන ගියහ.

පන්දු යැවීමේදී අසේල් සිගේරා ලකුණු 11කට ගුවන් හමුදා පිතිකරුවන් තිදෙනෙකුම දවාලමින් ගුවන් හමුදාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් විය.

ගුවන් හමුදාව කඩුලු 8ට 111යි (පන්දු වාර 20යි) – (ආදිත්‍ය සිරිවර්ධන 32, ප්‍රවීන් සිල්වා 31, මොවින් සුබසිංහ 14, කෙමිර විජේනායක 10, අසේල් සිගේරා 11/3, චාමික ගුණසේකර 17/1)

එන්.සී.සී. කඩුලු 3ට 115 (පන්දු වාර 12.3යි) – ( කවීන් බණ්ඩාර නොදැවී 51, නිරෝෂන් දික්වැල්ල 27, කවීෂ අභිෂේක් නොදැවී 26, කෙමිර විජේනායක 18/2, මොවින් සුබසිංහ 26/1යි)

  • ශ්‍රී ලංකා යුද හමුදාව කඩුලු පහකින් පොලීසිය පරාජය කරයි.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ මේ තරගයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුද හමුදාවේ අසේල ගුණරත්න නොදැවී ලකුණු 81ක් රැස් කරමින් සහ යුද හමුදා පස්වන කඩුල්ලට ලක්ෂාන් එදිරිසිංහ (34) සමඟ ලකුණු 75ක සබඳතාවයක් තබාගනිමින් යුද හමුදා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරාගෙන ගියහ.

අසේල ගුණරත්නගේ නොදැවුණු ලකුණු 81ක ඉනිම පන්දු 59කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ වාර්තා විණි. පොලීසියේ චතුරංග ජයතිලක මෙදින ලකුණු 40ක් රැස් කිරීමට සමත් විණි.

 පොලීසිය සියල්ල දැවී 142 (පන්දු වාර 19.2යි)  – (චතුරංග ජයතිලක 40, නදීර බාලසූරිය 20, ප්‍රියමල් පෙරේරා 22, සුපුන් මධුශංඛ 16, ලිලාන් රංගන 26/3, මනුෂ්ක සමිත් 27/2යි)

යුද හමුදාව කඩුලු 5ට 145 (පන්දු වාර 19.2) – (අසේල ගුණරත්න නොදැවී 81, ලක්ෂාන් එදිරිසිංහ 34, හර්ෂජිත් රුෂාන් 09, දනල් හේමන්ද 28/2, නදීර බාලසූරිය 20/2යි)

  • සී.සී.සී. කඩුලු පහකින් බී.ආර්.සී. පරාජය කරයි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් වූ මේ තරගයේදී සී.සී.සී. කඩුලු පහකින් ජයගත්තේ පන්දු වාර 11.1ක් ඉතිරිව තිබියදීය. බී.ආර්.සී. පන්දුවට පහරදෙන අවස්ථාවේ සී.සී.සී. කණ්ඩායමේ සඳුන් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීම මත බී.ආර්.සී. ඉනිම ලකුණු 74කදී නිමා විය. භානුක රාජපක්ෂ පමණක් පන්දු 25කදී හතරේ තුනක් හයේ දෙකක් සමඟ ලකුණු 34ක් ලැබීය.

සී.සී.සී. පන්දුවට පහරදෙනවිට උමේෂ් මොරායස් ලකුණු හයකට කඩුලු තුනක් දවාලීමෙන් ජයග්‍රහණය කරායනවිට මොවුනගේ කඩුලු පහක් ද බිඳ වැටිණි.

බී.ආර්.සී. සියල්ල දැවී 74 (පන්දු වාර 15.2යි) – භානුක රාජපක්ෂ 34, මොහමඩ් ශිරාෂ් 10, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 10, සඳුන් මෙන්ඩිස් 21/3, නුවන් තුෂාර 15/2, විශ්ව ප්‍රනාන්දු 15/2)

සී.සී.සී. කඩුලු 5ට 75 (පන්දු වාර 8.5යි) – නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21, මිනෝද් භානුක 12, උමේෂ් මොරායස් 6/3යි)

  • ගෝල් ලකුණු 22කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි.

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් වූ මෙම තරගයේදී ගෝල් කණ්ඩායමේ තරූෂ් දමිඳු ලකුණු 25කට කැන්ඩි කස්ටම් පිතිකරුවන් හතරක්ම දවාලීම මත කැන්ඩි ලකුණු 117කට දැවී ගොස් ගෝල් ලකුණු 22කින් ජය ලැබීය.

ගෝල් කණ්ඩායමේ ෂානුක ගලගොඩ (30) සහ නායක ඕෂද ප්‍රනාන්දු (21) මෙදින ලකුණු අතරට පිවිසීමට සමත් විය.

ගෝල් කඩුලු 7ට 139 (පන්දු වාර 20යි) – (ෂානුක ගලගොඩ 30, ඕෂද ප්‍රනාන්දු 21, විශ්ව විජේරත්න 21, ඉන්සික සිරිවර්ධන 21, ගයාන් සිරිසෝම 22/2,  සසිත් මනුරංග 18/2යි)

කැන්ඩි කස්ටම් සියල්ල දැවී 117 (පන්දු වාර 19.1) – (හසිත රාජපක්ෂ 47, නිමන ප්‍රනාන්දු 34, මිතුන් ජයවික්‍රම 12, තරුෂ් දමිඳු 25/4, තරිඳු ගුරුගේ 27/2)

 

  • මුවර්ස් කඩුලු 8කින් නිගම්බු පරාජය කරයි.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් වූ මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ ළහිරු සමරකෝන්ගේ විශිෂ්ට පන්දු යැවීම සහ ආරම්භක පිතිකරු සොහාන් ඩි ලිවේරා නැවත වරක් ලකුණු අතරට පිවිසීමෙන් ඔවුනට කඩුලු 8ක පහසු ජයක් අත්විය.

නිගම්බු මුල් ඉනිම සියල්ල දැවී ලකුණු 88 (පන්දු වාර 19.4යි) – (ෂෙෂාන් ප්‍රනාන්දු 32, ඉරෝෂ් ප්‍රනාන්දු 22, හිමාස ලියනගේ 18, ළහිරු සමරකෝන් 7/3, මල්ෂා තරුපති 11/2, රමේෂ් මෙන්ඩිස් 22/2යි)

 මුවර්ස් කඩුලු 2ට 90 (පන්දු වාර 12.4යි) – (ෂොහාන් ඩි ලිවේරා නොදැවී 48, ජනිෂ්ක පෙරේරා 22, ෂෙෂාන් ප්‍රනාන්දු 14/1යි)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest