slc
logo
Home   |    News
මැයි 13, 2023
නැගීඑන ක්‍රීඩකයෝ ජපානෙට එරෙහි තරගාවලිය කළින්ම දිනති

sinhala editor

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ.

සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ජපාන ජාතික කණ්ඩායමට ආරාධනර කර සිටියේය. වෙනස්කම් 3 ක් සිදුකරමීන් අවතීිර්ණ වුණු මෙම තරගයේදී නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී ජපාන කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 97 කදී නවතාලීමට සමත්විය.

ජපාන පිල වෙනුවෙන් නායක කෙන්ඩල් ෆ්ලෙමිංග්, පන්දු 29 ක් තුළ හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 43 ක් ලබා ගනීමන් කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වූවේය. නායක ඩෙලෝන් පීරිස්ගේ පන්දුවක් හමුවේ ෆ්ලෙමිංග් දැවී යන විටත් ජපාන ඉනිම පන්දුවාර 10.4 කදී කඩුලු 3 කට ලකුණු 64 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් දක්ෂතා අතරට පිවිසීම නිසා අවසන් පන්දු 56 තුළ ප්‍රතීවාදී ජපාන ජාතික කණ්ඩායමට කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 34 ක් පමණි. පන්දු යැවීමේදී හර්ෂණ වික්‍රමසීංහ ලකුණු 14 කට කඩුලු 2 ක් ද නායක පීරිස් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර ඉතිරි කඩුලු 5 න් 3 ක්ම දුවද්දී දැවී යෑම් වලට හසුව දැවී ගියහ.

එම ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි නැගී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 14 කදී දවා ගනිමින් පීඩනය එල්ල කිරීමට සත්කාරක ප න්දු යවන්නන් සමත් වුවත්, අංක 3 සහ අංක 5 පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ ෂෙහාන් ප්‍රනාන්දු සහ සකුණ ලියනගේ ලකුණු 43 ක සම්බන්ධතාවක් පවත්වමින් සංචාරක පිල අවධානමෙන් මුදවා ගත්හ. මෙහිදී ෂෙහාන් ලකුණු 24 ක් සහ සකුණ ලකුණු 26 ක් ලබා ගත්හ.

අනතුරුව පිටියට එක් වුණු නායක ඩෙලෝන් පීරිස් සහ රන්මිත් ජයසේන 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක සම්බන්ධාවත් ගොඩ නඟමින් ශ්‍රී ලංකාව ජයකණුව කරා රැගෙන යෑමට දායකත්වය දැක්වූහ. ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහණය සනිටුහන් කරන ලද්දේ 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදීය. දෙරට අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි-20 තරගය හෙට (14 දා) සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 97 යි – (සුපුන් නවරත්න 14, කෙන්ඩල් ෆ්ලෙමිංග් 43, සබරෝෂි රවිචන්ද්‍රන් 11, ඩෙලෝන් පීරිස් 23/2, හර්ෂණ වික්‍රමසිංහ 15/2)

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුනු 101 යි – (ෂෙහාන් ප්‍රනාන්දු 24, සකුණ ලියනගේ 26, ඩෙලෝන් පීරිස් 21*, රන්මිත් ජයසේන 12, කොහෙයි කුබෝටා 18/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee