slc
logo
Home   |    News
මැයි 10, 2023
ශ්‍රී ලංකා නැගීඑන පිල ජපාන ජාතික පිල පරදවයි

sinhala editor

ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ජපාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුන 97 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

එම ඉලක්කය හඹා යෑමේදී මුලු ලකුණු සංඛ්‍යාව 50 ක්ව තිබියදී කඩුලු 5 ක් දැවී ගියද 6 වැනි කඩුල්ලට එක් වුණු නායක ඩෙලෝන් පීරිස් (17*) සහ රන්මිත් ජයසේන (25*) ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියහ. ජපාන ජාතික කණ්ඩායම වෙනුවෙන් ඊබ්‍රහිම් ටකහාෂි කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පීඩනයකට ලක් කළේය. එහෙත් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී ඉනිමේ තවත් පන්දු 27 ක ඉතිරිව තිබිණ.

ජපාන කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ලකිලන් ලේක් හතරේ පහර 3 ක් සමඟින් ප්‍රාහාරාත්මක ආරම්භයක් ලබා දුන්නද සිතුම් දිසානායකගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. එම දැවී යෑමෙන් පසු මුලු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී තවත් කඩුලු 2 ක් දවා ගනිමින් ජපාන ඉනිමේ ආරම්භය දෙදරවීමට දනාල් හේමානන්ද සහ නායක පීරිස් සමත්වූහ.

ජපාන පිලේ නායක කඩොවකි ෆ්ලෙමිංග් මුලු ලකුණු සංඛ්‍යාව 57 ක්ව තිබියදී ලකුණු 21 කට දැවී යෑම ඔවුන්ට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමට තිබූ ඉඩ කඩ අහිමිවීමට ප්‍රධාන හේතුවිය. ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහර නායකයාගේ නම දිරියෙන් සනිටුහන් වදදී ඔහුගේ ඉනිම සඳහා හේ පන්දු 15 කට පමණක් මුහුණ දී තිබුණේය. දැවී යන විටත් ඊබ්‍රාහිම් ටකාහාෂි සමග එක්වුනු ෆ්ලෙමිංග් ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාව (ලකුණු 29) පැවැත්වීමට සමත්වී සිටියහ.

ජපාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරවීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු නායක ඩෙලෝන් පීරිස් පන්දුවාර 4 ක් යවා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේය. ඔහුට අමතව දනාල් හේමානන්ද, ලක්ෂාන් ගමගේ සහ සිතුම් දිසානායක කඩුල්ල බැගින් දවා ගත්හ.

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (කඩොවාකි ෆ්ලෙමිංග් 21, රියෝ සකුරානෝ 14*, මාකස් තර්ගේට් 14*, ඩෙලෝන් පීරිස් 21/3,

ශ්‍රී ලංකාව පන්දුවාර 16.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 යි – (රන්තිමත් ජයසේන 25*, ඩෙලෝන් පීරිස් 17*, ඊබ්‍රහිම් තකහාෂි 17/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee