slc
logo
Home   |    News
මැයි 14, 2023
ශ්‍රී ලංකා නැගීඑන පිල හමුවේ ජපාන ජාතික පිල සිව්වැනි වතාවටත් පරදියි

sinhala editor

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට අද (14 දා) සමත්වූවේය. මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20 තරගාවලිය 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය .

සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 131 කට දවාලීමට ජපාන පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙුණු කොහෙයි කුබෝටා ලකුණ 23 කට කඩුලු 4 ක් සහ මුනීබ් සිද්දික් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්හ.

එම ඉලක්කය හඹා යෑමේදී ජපාන ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ පන්දු යැවීමේ බලපරාක්‍රම හමුවේ පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුනු 02 කදී දවා ගැනීමට ඩෙලෝන් පීරිස් සහ සිතුම් දිසානායක සමත්වූහ. එහෙත් තෙවැනි කඩුල්ලට පිටියට එක්වූ කෙන්ඩල් ෆ්ලෙමිංග් සහ අලෙක්ස් පැට්මෝර් ලකුණු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් ආරම්භයේ වූ අතපසුවීම තරමක් සමනය කිරීමට සමත්වූහ. එහෙත් තීෂන් විතූෂාන් විසින් ෆ්ලෙමිංග් (33) දවා ගැනීමත් සමග ජපාන කණ්ඩායමේ කඩා වැටීම ඇරැඹිණ.

මෙවර තරගාවලියේ පළමු තරගයට සහභාගිවූ විතූෂාන් පන්දුවාර 4 කදී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර ලක්ෂාන් ගමගේ, සිතුම් දිසානායක, ඩෙලෝන් පීරිස් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ඉදිරි පෙළ යළි අසාර්ථක වීම කැපී පෙනුණු අතර තෙවැනි තරගයේ පරිදි යළිත් සකුණ ලියනගේ සහ රන්මිත් ජයසේන නැගීඑන කණ්ඩායම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. මුල් කඩුලු 3ම ලකුණු 27 කදී බිද වැටී තිබියදී දුනිත් ජයතුංග සහ හිරන්ත ජයසිංහ එක්ව ශ්‍රී ලංකා පිලට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කළහ. අනතුරුව පැමිණි සකුණ ලියනගේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 19 කදී ලකුණු 31 ක් රන්මිත් ජයසේන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 27 කදී ලකුණු 39 ක්ස රැස් කළහ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (සකුණ ලීයනගේ 31, රන්මිත් ජයසේන 39, ඉම්තියාස් ස්ලාසා 10, සිතුම් දිසානායක 13, දුනිත් ජයතුංග 10, කොහෙයි කුබෝටා 23/3, මුනීබා සිද්දික් 28/2)

ජපාන ජාතක කණ්ඩායම පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි – (කෙන්ඩල් ෆ්ලමෙිංග් 22, ඇලෙක්ස් පැට්මෝර් 18, තීෂන් විතූෂාන් 18/3, ලක්ෂාන් ගමගේ 16/2, සිතුම් දිසානායක 08/2, ඩෙලෝන් පීරිස් 19/2) )

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee