slc
logo
Home   |    News
මැයි 2, 2023
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහනේ සංශෝධනයක්

sinhala editor

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් බංග්ලාදේශ කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ කාල සටහනෙහි තරග සංශෝධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

නව සංශෝධනයට අනුව අද (මැයි 02) දින පන්දුවක් හෝ නොයවා ඇත හැර දැමුණු දෙවැනි එක්දින තරගය ලබන මැයි 04 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මූලික කාල සටහන අනුව එක්දින තරග 3 ම පී. සරා ඔ්වල් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් අවසන් එක්දින තරග 2 ම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 3 කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මැයි 09, 11 සහ 12 යන තෙදිනදී වෙනසකින් තොරව පැවැත්වෙන නමුත්, එම තරගාවලියට පෙර මැයි 07 වැනිදා බංග්ලාදේශ පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පැවැත්වීඹට නියමිතව තිබූ විස්සයි-20 පුහුණු තරගය අවලංගු කරමින් තෙවැනි එක්දින තරගය එදිනට යොදා ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest