slc
logo
Home   |    News
මැයි 21, 2023
කිලිනොච්චියේ දෙනුරාජ්ගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

අනුරධපුරයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට  පහර දුන් කිලිනොච්චි කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 ට ලකුණු 215 ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී වවුනියා කණ්ඩායම පන්දුවාර 47කදී ලකුණු 135 කට සීමා විය.

මෙම තරගයේදී කිලිනොච්චි කණ්ඩායමේ අත්පුත්‍රෂා දෙනුරාජ් පන්දු 92 කදී නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනණි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද ඇතුළත්ව තිබිණ.

පීළිතුරු ඉනිම ක්‍රීඩා කළ වවුනියා කණ්ඩායම වෙනුවෙන් අංක 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි කේ. කිරුසිකන් පන්දු 83 කදී ලකුණු 54 ක් රැස් කර ගත්තේය. වවුනියා කණ්ඩායමේ පළමු කඩුලු 7 ම ලකුණු 51 කදී බිඳ වැටී තිබියදී අවසන් පිතිකරුවන් තිදෙනා ලකුණු 83 ක් එක් කරමින් වවුනියා ඉනිම ලකුණු 135 ක් දක්වා ඉහළ දැමූහ. පන්දු යැවීමේදී එස්. සුලක්සන් සහ ටී. අබිරාජ් කඩුලු 4 සහ 3 බැගින් දවා ගැනීමට සමත්වූහ.

මේ අතර අද පැවැත්වීමට නියමිත තිබූ අනෙක් තරගය වූ කොළඹ උතුර 3 සහ කොළඹ උතුර 2 කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත හැර දැමිණ.

කිලිනෝචචි කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 215 යි – (අත්පුත්‍රෂා දෙනුරාජ් 100*, කේ. කොබින්ෂන් 29, ටී. අබිරාජ් 12, වී. විතූෂාන් 33/2, ටී, තනෝජන් 37/2, පී, කිශාන්ත් 26/2)

වවුනියාව පන්දුවාර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 135 යි – (වී. විතුෂාන් 11, එස්. වින්ස්ලන් 21, කේ. කිරුසිකන් 54, එස්. කවිශාන් 10, එස්. සුලක්සන් 26/4, ටී, අබිරාජ් 36/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee