slc
logo
Home   |    News
මැයි 3, 2023
දක්ෂතම ක්‍රීඩකයාගේ නිර්දේශිතයන් අතරට ජයසූරියගේ නමත්

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අප්‍රේල් මසට අදාළව නම් කරනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නම් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියගේ නමද ඇතුළත්ව තිබේ.

අන්තර්ජාතික තරග වලදී විශේෂ දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩකයින් වෙනුවෙන් සෑම මාසයකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා ජයසූරියට අමතරව පාකිස්තානු පිතිකරු ෆකාර් සමාන් සහ නවසීලන්ත පිතිකරු මාක් කැම්ප්මන් ද ඇතුළත්ව සිටිති.

නිමාවට පත් වුණු අප්‍රේල් මාසයේදී අයර්ලන්ත පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2 ටම ක්‍රීඩා කළ ජයසූරිය කඩුලු 17 ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලද වමත් දඟ පන්දු යවන්නා එම තරගයේදී ලෝක වාර්තාවකටද හිමිකම් කීය.

අයර්ලන්ත පිලේ උප නායක පෝල් ස්ටර්ලිංග්ගේ කඩුල්ල දවා ගත් ජයසූරිය, අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවාකදී කඩුලු 50 සීමාව වේගයෙන්ම ඉක්මවාලූ දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාවද සියතට ගැනීමට සමත්විය. ඔහු එම දක්ෂතාව දක්වන ලද්දේ තමන් ක්‍රීඩා කරන ලද 7 වැනි ටෙස්ට් තරගයේදීය. ඊට අමතරව ඔහු ලොව දෙවැනියට වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් වන වර්නන් පිලෙන්දර් සහ ටොම් රිචර්ඩ්සන් සමඟ ද සම තැන් ගත්තේ ශ්‍රී ලංකාවේ එවැනි දස්කමක් දක්වන වේගත්ම පන්දු යවන්නා බවටද පත් වෙමිනි.

ප්‍රභාත් අදාළ සම්මානය සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර එනම් 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා මත ජූලි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමටද සමත්විය. එම මසදී ඔහු ටෙස්ට් තරග 3 කදී කඩුලු 29 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee