slc
logo
Home   |    News
මැයි 20, 2023
ශම්මි සිල්වා මහතා ක්‍රිකට් සභාපති ධුරයට යළිත් නිතරගයෙන්

sinhala editor

2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුනට පිට පිටම පත්වූූ තෙවැනි අවස්ථාව ලෙසින්ද මෙය සනිටුහන් විය. එමෙන්ම ඒ මහතා අදාළ ධුරයට නිතරගයෙන් තේරී පත්වූ දෙවැනි අවස්ථාව වීමද විශේෂත්වයක් වේ.

ඒ හැරුණු කොට උප සභාපතිවරුන් ලෙස ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුත්, ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතාත් තේරී පත්වද්දී භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියද්ද මහතාත් උප ලේකම් වශයෙන් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාත් නිතරගයෙන් තේරී පත්වූහ.

සභාපති – ශම්මි සිල්වා මහතා

උප සභාපතිවරුන් – ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න

උප ලේකම් – මොහාන් ද සිල්වා මහතා

භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද මහතා

උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee