slc
logo
Home   |    News
ජූනි 27, 2023
අවුරුදු 19 න් පහළ යූත් ලීග් හෙට ‌ඇරඹෙයි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් ගැනෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (28 වැනිදා) මහනුවර ක්‍රීඩාංගණ 2 ක් ‌කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ පෑවත්වෙන මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් වන අස්ගිරිය සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් කණ්ඩායම් 5 ම මේ වන විට නම් කර තිබෙන අතර දඹුල්ල, ගාල්ල, මහනුවර, කොළඹ උතුර සහ කොළඹ දකුණ වශයෙන් එම කණ්ඩායම් නම් කර තිබේ.

පාසල් මට්ටමේ පසුවන ක්‍රීඩකයින්ට ජාතික තලයට පැමිණීම සඳහා කදිම වේදිකාවක් වන මෙම යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 05 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත. නම් කර ඇති සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු බැගින් ඇතුළත් කර තිබෙන අතර මූලික වටය යටතේ එක් කණ්ඩායමක් තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

 

දඹුල්ල

  1. පසිඳු මේනක (මලියදේව විදුහල – කුරුණෑගල)
  2. තිසර මදුශාන් (ශා.සෙබස්තියන් විදුහල – කුරුණෑගල)
  3. ජයමිනී මුතුකුමාරණ (මලියදේව විදුහල – කුරණෑගල)
  4. ගයන වීරසිංහ (මලියදේව විදුහල – කරුණෑගල)
  5. මදුරංග ජයලත් (රාජකීය විදුහල, පොලොන්නරුව)
  6. අමේෂ් තෙන්නකෝන් (මලියදේව විදුහල – කුරුණෑගල)
  7. ගිහාන් විමලසූරිය (අනුරාධපුර මැදි මහ විදුහල)
  8. චතුමල් නිමේෂ් (ශා. සෙබස්තියන් විදුහල – කටුනේරිය)
  9. ජනිත් ප්‍රනාන්දු (ශා. ජෝශප් විදුහල – වෙන්නප්පුව)
  10. විශ්ව රාජපක්ෂ (ශා. ජෝසප් විදුහල – වෙන්නප්පුව)
  11. ගීතික ද සිල්වා (ශා. ආනා විදුහල – කුරුණෑගල)
  12. ශිවාන් රාජි (ආනන්ද විදුහල – පුත්තලම)
  13. අශාන් ඉසුරංග (අනුරාධපුර මැදි මහ විදුහල)

මහනුවර

  1. රහල් අමරසිංහ (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  2. පුලිඳු පෙරේරා (ධර්මරාජ විදුහල – මහනුවර)
  3. සුපුන් වඩුගේ – (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  4. ලක්වින් අබේසිංහ (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  5. කවීජ ගමගේ (කිංග්ස්වුඩ් විදුහල – මහනුවර)
  6. දිනූෂ පීරිස් (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  7. තරණ විමලධර්ම (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  8. කවීෂ පියුමාල් (ශා. අන්තෝනි විදුහල – මහනුවර)
  9. දිනූක තෙන්නකෝන් (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  10. තේනුක ඒකනායක (සුමංගල විදුහල – මහනුවර)
  11. අබ්දූල් හකම (කිංග්ස්වුඩ් විදුහල – මහනුවර)
  12. මනුල කුලරත්න (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  13. තිසර ඒකනායක (ශා. අන්තෝනි විදුහල – මහනුවර)

කොළඹ උතුර

  1. කවිඳු අමමෙත් (මහානාම විදුහල – කොළඹ)
  2. ලිනාල් සුබසිංහ (වෙස්ලි විදුහල – කොළඹ)
  3. තනුජ රාජපක්ෂ (තර්ස්ටන් විදුහල – කොළඹ)
  4. හිරාන් ජයසුන්දර (ශාන්ත ජෝෂප් විදුහල – මරදාන)
  5. හිරුන් කපුරුබණ්ඩාර (ශා. ජෝෂප් විදුහල – මරදාන)
  6. සර්ජන් ශම්මුගනාදන් (ශා. බෙනඩික් විදුහල – කොටහේන)
  7. ප්‍රවීන් මනීෂ (රාජසිංහ විදුහල – හංවැල්ල)
  8. ඉනූක කරන්නාගොඩ (මහනුවර විදුහල – මහනුවර)
  9. විහස් තෙව්මික (තර්ස්ටන් විදුහල – කොළඹ)
  10. දුවිඳු රණතුංග (මහානාම විදුහල – කොළඹ)
  11. රුවිසාන් පෙරේරා (ආනන්ද විදුහල – කොළඹ)
  12. උවින් පෙරේරා (වෙස්ලි විදුහල – කොළඹ)
  13. රශ්මික හිරුශාන් (මහානාම විදුහල – කොළඹ)

කොළඹ දකුණ

  1. රිවිත් ජයසූරිය (වේල්ස් කුමර විදුහල – මොරටුව),
  2. විමත් දන්සර (ශා. සෙබස්තියන් විදුහල – මොරටුව)
  3. රුශඳ ගමගේ (ශා. පීතර විදුහල – බම්බලපිටිය)
  4. තෙනුශ්ක නානායක්කාර (තිස්ස මැදි විදුහල – කලුතර)
  5. ගවිරු සෙනෙහස් (ඩී.එස්. සේනානායක විදුහල – කොළඹ)
  6. කවිඳු ගයත්‍ර (ශ්‍රී සුමංගල විදුහල – පානදුර)
  7. යුතික ද සිල්වා (කලුතර විද්‍යාලය)
  8. ශෙනන් රුද්‍ර‌ගු (ශා. පීතර විදුහල – බම්බලපිටිය)
  9. ඉමල්ක මදුශාන් (ශ්‍රී සුමංගල විදුහල, පානදුර)
  10. දුමිඳු සෙව්මින (ලුම්බිනි විදුහල – විදුහල)
  11. සහන් මිහිර (ශා. ජෝන් විදුහල – පානදුර)
  12. පසිදු විමන්ස (සිරිකුරුස විදුහල – කලුතර)
  13. විශේන් හැළඹගේ (ශා. පීතර විදුහල – බම්බලපිටිය)

ගාල්ල

  1. මල්ෂ තරුපති (රිච්මන්ඩ් විදුහල)
  2. චෙහාන් සුබසිංහ (රිච්මන්ඩ් විදුහල)
  3. දිනුර අබේවික්‍රමසිංහ (ශා. සර්වේශ්‍රස් විදුහල – මාතර)
  4. රිවිශාන් නෙත්සර (පී. ද එස්. කුලරත්න – ගාල්ල)
  5. හිරුන් ගාල්ලගේ (මහින්ද විදුහල – ගාල්ල)
  6. ධනුජ ඉඳුවර (මහින්ද විදුහල – ගාල්ල)
  7. චාර්ය පරණවිතාන (ශා. ඇලෝසියස් විදුහල – ගාල්ල)
  8. සෙනිත හැළඹගේ (ධර්මාශෝක විදුහල – අම්බලන්ගොඩ)
  9. එස්. කබිලේස්වරම් (ඉසිපතන විදුහල – බදුල්ල)
  10. යූරි කොත්තිගොඩ (රිච්මන්ඩ් විදුහල – ගාල්ල)
  11. දමින්ද තරූෂ (ශා. සර්වේශ්‍රස් විදුහල – මාතර)
  12. පැතුම් මලිත (ධර්මාශෝක විදුහල – අම්බලන්ගොඩ)
  13. කලන පැතුම් (ශා. ඇලෝසියස් විදුහල – ගාල්ල)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar