slc
logo
Home   |    News
ජූනි 7, 2023
එන් සී. සී. – මුවර්ස් සහ කෝල්ට්ස් – ඒස් කැපිටල් අවසන් පුර්ව වටයේ හැප්පෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සමත්වී සිටිති.

මූලික වටයේ තරග පැවැති අවසන් දිනය වූ අද (07 වැනිදා) දිනනයට පෙර ‘එ’ කාණ්ඩයෙන් තරග වැදි එන්. සී. සී. ‘බී’. කාණ්ඩයෙන් තරග වැදි කෝල්ට්ස් සහ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදි මුවර්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා සිටි නමුත් ‘සී’ කාණ්ඩය යටතේ අවසන් කණ්ඩායම් අතරට පැමිණෙන කණ්ඩායම කවුරුන්ද යන්න අද පැවැති ඒස් කැපිටල් සහ ටැමිල් යුනියන් අතර තරගයේ ප්‍රතිඵලය මත තීරණය වීමට තිබිණ.

ඒ අනුව අද දිනයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටල් කණ්ඩායම අවසන් කණ්ඩායමට 4 අතර තරගයට වටයට පැමිණියේ අපරාජිතවය. තරග 4 කට සහාගිවුණු ඒස් කැපිටලන් පිල තරග 4 ම ජය ගනිද්දි අද තරගය පරාජයට පත්වීම නිසා ටැමිල් යුනියන් කණ්ඩායම් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනිමට තිබූ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදුවිය.

ඒ අනුව‌ මේ මස 09 වැනිදා කොළඹ පී. සරා පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග වලදී ඒ කාණ්ඩයේ පෙරමුණ ගත් එන්. සී. සි. කණ්ඩායම, ‘ ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගත් මුවර්ස් ක්‍රීඩා සමාජයත් සමඟ පෙරවරුවේදීත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් කෝල්ට්ස් කණ්ඩායම ‘සී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි ඒස් කැපිටල් ක්‍රීඩා සමාජ පස්වරුවේදීත් තරග වදිනු ඇත.

අද පැවැති තීරණාත්මක ඒස් කැපිටල් සහ ටැමිල් යුනියන් කණ්ඩායම් අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 163 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී වර්ෂාව හරස්වීම නිසා ඉලක්කය පන්දුවාර 15 කදී ලකුණු 126 ක් වශයෙන් සංශෝධනය විය. ඒ අනුව එය හඹා ගිය ඒස් කැපිටල් පිතිකරුවෝ පන්දුවාර 14.4 කදී කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ඒස් කැපිටලන් පිල වෙනුවෙන් තනුක දාබරේ පන්දු 26 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් ලබා ගත්තේය.

මේ අතර අද දිනයේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය ජය වාර්තා කළද අවසන් කණ්ඩායම් 4 අතරට කෝල්ට්ස් කණ්ඩායමට එය බාධාවක් නොවීය.

ඒස් කැපිටල් කඩුලු 3 කින් ජය ගනියි

ටැමිල් යුනියන් පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 163 යි – (කමේෂ් නිර්මාල් 23, විජයකාන්ත් වියස්කාන්ත් 14, ලසිත් අබේරත්න 30, සලිඳු පතිරණ 29, රවිඳු ප්‍රනාන්දු 27, රොෂාන් ජයතිස්ස 40/2, වනුජ සහන් 18/2)

ඒස් කැපිටල් පන්දුවාර 14.4 කදි කඩුලු 7 ක් දැවී ලකුණු 126 යි – (තනුක දාබරේ 59, සිතාර ගිම්හන් 30. විජයකාන්ත් වියස්කාන්ත් 14/3, කවිඳු පතිරත්න 16/2)

 

නුගේගොඩට කඩුලු 5 ක ජයක්

රාගම පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලුණු 133 යි – (ළහිරු දවටගේ 33, බිනුර ප්‍රනාන්දු 54, චලනද සිල්වා 16/3, රාහුල් ගුණසේකර 36/2)

නුගේගොඩ පන්දුවාර 19.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 137 යි – (පැතුම් ඩිල්ෂාන් 23, තරිඳු කෞෂාල් 35, රාහුල් ගුණසේකර 24, රනිත ලියනාරච්චි 21*, ශෂික දුල්ශාන් 28/2)

 

සෙබස්තියනය්ට්ස් පිලට ලකුණු 27 ක ජයක්

සෙබස්තියනයිට්ස් පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 142 යි – (අභිෂේක් ලියනාරච්චි 23,‌ ලොහාන් ද සොයිසා 35, ශෂික පුස්සෙගොල්ල 22, අකිල ධනංජය 30/4, කවිෂ්ක අංජුල 25/2,මල්ක මදුශංක 08/2)

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 115 යි – (ෂෙරන් ෆොන්සේකා 49*, මුදිත ලක්ෂාන් 31, චාමිකර එදිරිසිංහ 22/2, ශෂ්‍රික පුස්සෙගොල්ල 23/2)

 

එස්.එස්.සී. කණ්ඩායමට කඩුලු 2 ක ජයක්

බදුරලිය පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 175 යි – (යෙසිත් රූපසිංහ 21, රනේෂ් සිල්වා 93, රොහාන් සංජය 28, කවිඳු නදීෂාන් 32/2)

එස්. එස්. සී. පන්දුවාර 16.5 කදී කඩුලු 8 ට ලකුණු 150 යි – (අවිශ්ක ප්‍රනාන්දු 30, ෂෙවෝන් ඩැනියල් 30, ලක්ෂිත මානසිංහ 19, අනුක් ප්‍රනාන්දු 22/3,

 

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee