slc
logo
Home   |    News
ජූනි 1, 2023
ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි.  මෙදින පැවැති තරග අතුරින් බ්ලුම්ෆීල්ඩ්, ටැමිල් යුනියන්, කෝල්ට්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

කෝල්ට්ස් සහ නුගේගොඩ අතර තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ යශෝධ ලංකා (45) සහ උදිත් මධුෂාන් (17/3) දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු අටක පහසු ජයක් අත්වූයේ පන්දු වාර අටක්ම (පන්දු 48ක්) ඉතිරිව තිබියදීය.

  • ඒස් කැපිටල් කඩුලු 4කින් බදුරලිය පරාජය කරයි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ‘ඩී‘ කොටසට අයත් වූ මේ තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස ලකුණු 24කට කඩුලු හතරක් දවා පහසු ලකුණු 17ක් රැස් කරමින් තුන් ඉරියව්වේම දස්කම් දක්වා තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

බදුරලිය කණ්ඩායමේ රනේෂ් සිල්වා ලකුණු 51ක් ද ඒස් කැපිටල් කණ්ඩායමේ තනුක දාබරේ ලකුණු 37ක් ද (පන්දු 16යි හතරේ අටයි) රැස් කළේ කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වෙමිනි.

බදුරලිය සියල්ල දැවී 114 (පන්දු වාර 17.5යි) – (රනේෂ් සිල්වා 51, හසිත අමරසිංහ 16, අනුක් ප්‍රනාන්දු 22, රොෂාන් ජයතිස්ස 24/4, සිතුම් දිසානායක 18/2).

ඒස් කැපිටල් කඩුලු 6ට 115 (පන්දු වාර 14.2) – (තනුක දාබරේ 37, සකුන ලියනගේ 18, තීරක රණතුංග 18, රොෂාන් ජයතිස්ස 17, යෝසිත රූපසිංහ 30/2, චානක කොමසාරු 30/2යි).

 

  • කෝල්ට්ස් කඩුලු 8කින් නුගේගොඩ පරාජය කරයි.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ‘බී‘ කොටසට අයත් වූ මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ උදිත් මධුෂාන්ගේ දක්ෂ පන්දු යැවීම සහ යශෝධ ලංකාගේ දක්ෂ පිති හරඹය කෝල්ට්ස් පිලට කඩුලු 8ක ජයක් ගෙනඒමට මුල් විණි.

කෝල්ට්ස් ලකුණු 89ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී ප්‍රථම කඩුල්ලට යශෝධ ලංකා ලකුණු 45යි (පන්දු 34යි හතරේ තුනයි හයේ තුනයි) සහ සංගීත් කුරේ ලකුණු 26ක් ද (පන්දු 17යි හතරේ හතරයි) එක්ව පන්දු 31කදී ලකුණු 38ක් රැස් කරමින් ජයග්‍රහණය අසළට ළඟා විණි. කෝල්ට්ස් ජය ලැබුවේ පන්දු වාර 12කදීය.

නුගේගොඩ කඩුලු 9ට 88 (පන්දු වාර 20යි) – (තරිඳු කෞෂාල් 21, කෙවින් පෙරේරා 15, ශංඛ පූර්ණ 11, උදිත් මධුෂාන් 17/3, මුදිත් ලක්ෂාන් 14/2).

කෝල්ට්ස් කඩුලු 2ට 92 (පන්දු වාර 12යි) – (යශෝධ ලංකා 45, සංගීත් කුරේ 26, ශාලිත් ද මෙල් නොදැවී 16, ළහිරු ගමගේ 38/1, ටී.එම්. සම්පත් 18/1)

 

  • බ්ලුම්ෆීල්ඩ් කඩුලු 4කින් සෙබස්ටියනයිට්ස් පරාජය කරයි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ‘බී‘ කොටසට අයත් මේ තරගයේදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මාධව වර්ණපුර තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් බ්ලුම්ෆීල්ඩ් ජයග්‍රහණයට මුල් විය.

හිමේෂ රාමනායක පන්දු යැවීමේදී සහ නිපුන් කරුණානායක පන්දුවට පහරදීමේදී බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් දක්ෂතා දැක්වූහ. සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ අභිෂේක් ලියනආරච්චි පන්දු 40කට මුහුණදී හයේ තුනක් හතරේ තුනක් සමඟ ලකුණු 45ක් රැස් කරමින් මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

 සෙබස්ටියනයිට්ස් කඩුලු 7ට 116 (පන්දු වාර 20යි) – (අභිෂේක් ලියනආරච්චි 45, තරිඳු රත්නායක නොදැවී 21, මධුෂ රවිචන්ද්‍ර කුමාර් 19, ඉසිවර දිසානායක 17, මාධව වර්ණපුර 7/2, හිමේෂ් රාමනායක 12/2යි).

බ්ලුම්ෆීල්ඩ් කඩුලු 6ට 118 (පන්දු වාර 19යි) – (නිපුන් කරුණානායක 25, මාධව වර්ණපුර 20, සඳුන් වීරක්කොඩි 20, කසුන් අබේරත්න 17, අදීෂ තිලංචන නොදැවී 10, චරිත් රාජපක්ෂ 12/1, චාමිකර එදිරිසිංහ 12/1, සචිත ජයතිලක 15/1)

 

  • ටැමිල් යුනියන් ලකුණු 39කින් කුරුණෑගල යූත් පරාජය කරයි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ලසිත් අබේරත්න (ලකුණු 28), ශිරාන් ප්‍රනාන්දු (16/3) සහ රවීන් ද සිල්වා (21/3) දැක් වූ දක්ෂතා මූලික විණි.

ටැමිල් යුනියන් කඩුලු 7ට 128යි (පන්දු වාර 18යි) – (ලසිත් අබේරත්න 28, කවිඳු පතිරත්න 26, ෂම්මු අෂාන් 17, කවිඳු ප්‍රනාන්දු 15, නවෝද් පරණවිතාන 15, අරවින්ද ප්‍රේමරත්න 25/3, චමින්ද බණ්ඩාර 26/1යි).

කුරුණෑගල යූත් සියල්ල දැවී 89 (පන්දු වාර 17.5යි) – (තරිඳු විජේසිංහ 25, අරවින්ද ප්‍රේමරත්න 20, සචින්ත පීරිස් 18, ශිරාන් ප්‍රනාන්දු 11/3, රවීන් ද සිල්වා 21/3යි).

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest