slc
logo
Home   |    News
ජූනි 6, 2023
ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම අවසාන ඕවරයේදී ලකුණු 13ක ජයක් ලැබීය.

ඒස් කැපිටල් කඩුලු 8කට ලකුණු 164ක් ලබාගත් අතර එස්.එස්.සී. එම ලකුණු ප්‍රමාණය හඔායද්දී වරක් කඩුල්ලකට ලකුණු 84ක් (නවවන ඕවරයේදී) ලබා සිටියත් පසුව ළඟ ළඟම කඩුලු දැවී ගියහ..

ඒස් කැපිටල් කණ්ඩායමේ සකුන ලියනගේ මෙදින පන්දු 37කදී ලකුණු 67ක් ලබා දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

  • කුරුණෑගල යූත් කඩුලු හතකින් බදුරලිය පරාජය කරයි

සරවනමුත්තු පිටියේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී කුරුණෑගල යූත් කඩුලු හතක පහසු ජයක් අත්කර ගත්තේ තවත් පන්දු වාර 10.4ක් (පන්දු 64ක්) ඉතිරිව තිබියදීය.

මේ තරගයේදී තුන් ඉරියව්වේම දස්කම් පෑ නවීන් ප්‍රනාන්දු ලකුණු 17කට කඩුලු දෙකක් දවා පසුව ලකුණු 25ක් ලබා ගත්තේ පන්දු 19කට මුහුණදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟය.

බදුරලිය කඩුලු 7ට 87 (පන්දු වාර 11යි) – යේසිත් රූපසිංහ 28, රොහාන් සංජය 26, නරේන් මුරලිදරන් 09, නවීන් ප්‍රනාන්දු 17/2, දිලංක අවුවාඩි 16/1යි)

කුරුණෑගල යූත් කඩුලු 3ට 90 (පන්දු වාර 9.2යි) – (මිතිර තෙනුර 28, නවීන් ප්‍රනාන්දු 25, දිල්ෂාන් කොල්ලුරේ 15, වෙනුර ගයාෂාන් 15/1යි)

 

ඒස් කැපිටල් ලකුණු 13කින් එස්.එස්.සී.පරාජය කරයි

සරවනමුත්තු පිටියේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී ඒස් කැපිටල් ලබාගත් ලකුණු 164 හඹායද්දී එස්.එස්.සී. නව වන ඕවරය වන විට කඩුලු එකකට ලකුණු 84ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියත් පසුව අවසාන කඩුලු නවයම ලකුණු 67ක් එක් වද්දී දැවී ගියේය.

ඒස් කැපිටල් වෙනුවෙන් සකුන ලියනගේ පන්දු 39කදී හතරේ තුනක් හයේ පහක් සමඟ ලකුණු 67ක් ද වනුජ සහන් කුමාර ලකුණු 21ක් ද රැස් කළහ. මොවුනගේ හොඳම සබඳතාව වූයේ හයවන කඩුල්ලට සකුන ලියනගේ සහ වනුජ සහන් පන්දු 42කදී රැස් කළ ලකුණු 62යි.

එස්.එස්.සී. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 41ක් ද ෂෙවෝන් ඩැනියල් පන්දු 31කදී හතරේ තුනක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 40ක් ද රැස් කළහ. ක්‍රිෂාන් සංජුල ලකුණු 26ක් ලබා ගත්තේ පන්දු 13කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟය.

ඒස් කැපිටල් කඩුලු 8ට 164 (පන්දු වාර 20යි) – සකුන ලියනගේ 67, වනුජ සහන් කුමාර 21, රොෂාන් ජයතිස්ස 18, පවන් රූපසිංහ 16, කළණ පෙරේරා 25/3, නිසල තාරක 22/2)

එස්.එස්.සී. සියල්ල දැවී 151 (පන්දු වාර 19.1යි) – (අවිශ්ක ප්‍රනාන්දු 41, ෂෙවෝන් ඩැනියල් 40, ක්‍රිෂාන් සංජුල 26, චමිඳු වික්‍රමසිංහ 12, රොෂාන් ජයතිස්ස 24/3, පවන් වීරසිංහ 32/2යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව […]
  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]

Pin It on Pinterest

USD United States (US) dollar