slc
logo
Home   |    News
ජූනි 30, 2023
චමීර වෙනුවට මදුශංක කණ්ඩායමට

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සිටි දුෂ්මන්ත චමීර තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග වටය සඳහා ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය සඳහා සිදුකරන ලෙද පෙර පුහුණුවීම් අතරතුරදී චමීර උරහිසේ ආබාධයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය සුව අතට පත් නොවීම නිසා ඔහු කණ්ඩායම සමග විවේක සුවයෙන් රැදී සිටියද ඔහුගේ තත්ත්වය තවමත් සුව අතට පත්ව නොමැත.

චමීර කණ්ඩායමෙන් ඉවත්ව යෑම නිසා එම ස්ථානය සඳහා වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකට හිමිව තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි විස්සයි-20 තරගාවලිය සදහා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකමක් හිමි පන්දු යවන්නා බවට පත්වූවේද ඩිල්ෂාන් මදුහංකය. ඔහුට ලැබුණු වටිනා කම රුපියල් කෝටි 3 කට ආසන්නය. එක්දින ජාත්‍යන්තර තරග 2 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මදුශංක එහිදී කඩුලු 2 ක් දවා‌ගෙන තිබේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට සහසභාගිව ඇති වමත් වේග පන්දු යවන්නා කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්ව ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee