slc
logo
Home   |    News
ජූනි 15, 2023
දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ඉහළින්ම දිනයි

sinhala editor

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් සදහා යළි එම අවස්ථාව උදාකර දීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ‌විසින් සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව අද (15 දා) පැවැති ඇඟ උණුසුම් කර ගැනීමේ තරගයෙන් ලකුණු 198 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව ඉකුත්දා නෙදර්ලන්තය සමග තරගයද ජය ගනිමින් සුදුසුකම් ලබා ගැනීමට පෙර සාර්ථක පෙරහුරුවක් ලබා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

බුලවායෝහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 392 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවීය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුනාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කළ අතර එහිදී දිමුත් (111) වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 100 කට මුහුණ දුන් වමත් ආරම්භක පිතිකරුවා ඒ සඳහා පන්දු 100 කට මුහුණ දුන්නේ හතරේ පහර 15 ක්ද හතරේ සීමාවට යොමු කරමිනි.

දිමුත්ගේ ඉනිම නතර කර දැමීමට ඇමරිකානු එකම පන්දු යවන්නකුට හෝ ඔහු අවස්ථාව ලබා දුන් නමුත් සෙසු ක්‍රීඩකයින්ට පන්දුවට පහර දීම සඳහා අවස්ථාව සලසාලමින් ඔහු පිටියෙන් ඉවත් වූවේය.

සදීර සමරවික්‍රම (09) සහ ධනංජය ද සිල්වා අඩු ලකුණු සඛ්‍යාවන් වලට දැවී ගියද 6 වැනි කඩුල්ලට එක් වූ දසුන් සහ චරිත් අසලංක ලකුණු 112 ක් එක් කළේ පන්දු 50 ක් පමණක් වැය කරමිනි. එහිදී චරිත් අසලංක පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 37 කදී නොදැවී ලකුණු 62 ක් ද දසුන් ශානක පන්දු 30 දී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් ද සමඟ නොදැවි ලකුණු 61 ක්ද වාර්තා කළහ.

පළමු පිතිකරුවා ලෙසින් පැතුම් නිස්සංක (25) මුලු ලකුණු සංඛ්‍යාව 39 දී දැවී ගියත් දෙවැනි කඩුල්ලට එක් වුණු දිමුත් සහ කුසල් යුගල ලුණු 191 ක දැවැන්ත සම්බන්ධතාවක් පැවැත්වූහ. අලි ඛාන්ගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් ලකුණු 105 ක් ලබා සිටියදී දැවී ගියේ මුහු දුන් 91 වැනි පන්දුවේදීය. ඒ වන විටත් හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් කුසල් තම ඉනිමට එල්ල කර තිබුණේය.

පන්දු යැවීමේදී වැඩිම ඵල නෙළා ගත් පන්දු යවන්නා බවට පත්වූයේ මතීෂ පතිරණ වන අතර ඔහු පන්දුවාර 6 කදී ිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙළීය. ඔහුට අමතරව කසුන් රජිත සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ වන ප්‍රධාන තරගාවලිය සඳහා ලබන 19 වැනිදා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග තරග වදිනු ඇත.

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 4 6
පැතුම් නිස්සංක ප.නෙට්‍රවල්කාර් 25 29 4 0
දිමුත් කරුණාරත්න ඉනිම අත්හිටුවූවා 111 100 15 0
කුසල් මෙන්ඩිස් ඇ.ජස්දීප් ප.අලි ඛාන් 105 91 7 6
සදීර සමරවික්‍රම ප.නෙට්‍රවල්කාර් 9 14 1 0
චරිත් අසලංක නොදැවී 62 37 5 4
ධනංජය ද සිල්වා කඩුල්ල මුවා කළා ප.උස්මාන් රාෆික් 6 3 1 0
දසුන් ශානක නොදැවී 61 30 7 2
අතිරේක 13
එකතුව පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 392
කඩුලු වැටීම / 1-39 (පැතුම් 6.2), 2-230 (කුසල් 31.6), 3-247 (36.6), 4-280 (ධනංජය 41.4)
පන්දු යැවීම
නෙට්‍රවල්කාර් 9-0-60-2 අලී ඛාන් 10-0-102-1
උස්මාන් රාෆික් 10-0-57-1 ජෙසී සිං 4-0-28-0
කයිල් පිලිප් 4-0-41-0 නොට්තුෂ් කෙනිගේ 4-0-28-0
ස්ටීවන් ටේලර් 5-0-33-0 නිසාරග් පටෙල් 4-0-40-0
ඇමරිකාව
ස්ටීවන් ටේලර් ඇ.සදීර සමරවික්‍රම ප.කසුන් රජිත 1 5 0 0
සුශාන් මොදනී ඇ.ධනංජය ද සිල්වා ප.කසුන් රජිත 1 6 0 0
මානන්ක් පටෙල් ඇ.සහ ප.මතීෂ පතිරණ 68 44 7 1
ආරෝන් ජෝන්ස් කඩුල්ල මුවා කළා ප.වනිදු හසරංග 18 7 0 0
එස්. මුක්කමල්ලා කඩුල්ල මුවා ළා ප.වනිදු හසරංග 2 7 0 0
ගජනාන්ද් සිං ඇ.මහීෂ් තීක්ෂණ ප.මතීෂ පතිරණ 5 9 0 0
ශ්‍යාන් ජහන්ගිර් නොදැවී 63 51 6 2
නිසාර්ග් පටෙල් ප.මතීෂ පතිරණ 0 1 0 0
ජෙසී සිං ප.වනිඳු හසරංග 7 11 0 0
නොස්තුෂ් කෙන්ජිගේ ඇ.සහ ප.දුෂාන් හේමන්ත 8 25 0 0
උස්මාන් රාෆික් දුවද්දී දැවී ගියා දුෂාන් හේමන්ත 1 4 0 0
අතිරේක 20
එකතුව පන්දුවාර 33.2 කදී සියලු දෙනා දැවී ලුණු 194
කඩුලු වැටීම / 1-03 (ස්ටීවන් 1.1), 2-10 (මොදනී 3.1), 3-89 (ජෝන්ස් 14.2), 4-93 (මුක්කමල්ලා 15.4), 5-105 (සිං 18.1), 6-106 (පටෙල් 18.3), 7-107 (නිසාග් 18.4), 8-138 (ජෙසී 23.4), 9-187 (කෙන්ජිගේ 31.6)
පන්දු යැවීිම
ළහිරු කුමාර 5-0-33-0 කසුන් රජිත 4-0-28-2
මහීීෂ් තීක්ෂණ 4-0-19-0 චාමික කරුාරත්න 6-0-53-0
වනිඳු හසරංග 7-0-32-2 මතීෂ පතිරණ 6-1-23-4
දුෂාන් හේමන්ත 1.2-0-1-1

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee