slc
logo
Home   |    News
ජූනි 2, 2023
පළමු ශතකය උපුල් තරංගගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 67 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස් කරන ලද ලකුණු 101 සදහා  හතරේ පහර 6 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් කරගත්තේය. ‌මෙම ඉනිම ප්‍රධාන කොට එන්.සී.සී. කණ්ඩායම මෙම තරගයෙන්ග ලකුණු 56 ක පහසු ජයක් අත්කරගත්තේය. මෙහිදී අහන් වික්‍රමසිංහට එක් වූ උපුල් තරංග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 112 ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙනිණ.

යුද හමුදා – ගුවන් හමුදා තරගයේදී ගුවන් හමුදාව පන්දු වාර 17.2කදී ලකුණු 66කට දවාලු යුද හමුදාව කඩුලු දෙකක් දැවී ලකුණු 69ක් ලබා ජය ගත්තේ පන්දු වාර දහයක්ම ඉතිරිව තිබියදීය.

පානදුර කණ්ඩායමේ රජීව වීරසිංහ සහ කොෂාන් ජයවික්‍රමතුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත්වීම මත පානදුර කණ්ඩායමට විසින්  ප්‍රබල පොලීසිය පරදා ලකුණු 12ක ජයක් ලැබීය.

බී.ආර්.සී. සහ ගෝල් අතර තරගයේදී බී.ආර්.සී. කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ලකුණු 14කට කඩුලු පහක් බිඳ හෙළීය. තරගයේ 13 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් දිනිරු අබේවික්‍රමසිංහවත් දෙවැනි පන්දුවෙන් තරිිිි නිර්මාල්වත් සහ තෙවැනි පන්දුවෙන් සුභානු රාජපක්ෂවත් දවා ගනිමින් දිල්රුවන් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට බී.ආර්.සී.කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්විය

  • බී.ආර්.සී. ලකුණු 45කින් ගෝල් පරාජය කරයි

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී’ කොටසට අයත් වූ මේ තරගයේදී හිටපු       ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බී.ආර්.සී. කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා ලකුණු 23ක් රැස්කර පසුව ලකුණු 14කට කඩුලු පහක් දවා බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වේදීම විශිෂ්ට අයුරින් දක්ෂතා පෙන්වීය.

 බී.ආර්.සී. කඩුලු 8ට 143 (පන්දු වාර 20යි) – (භාග්‍යා දිසානායක 50, දිල්රුවන් පෙරේරා 23, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, මොහමඩ් ශිරාෂ් 10, හර්ෂණ ද සිල්වා 28/3, තරිඳු ගුරුගේ 22/3යි).

ගෝල් සියල්ල දැවී 98 (පන්දු වාර 16.5යි) – ( ෂානුක ගලගොඩ 36,  ඕෂද ප්‍රනාන්දු 15, දිනුරු අබේවික්‍රමසිංහ 14, දිල්රුවන් පෙරේරා 14/5, උමේෂික මොරායස් 9/2යි).

 

  • මුවර්ස් ලකුණු හතරකින් සී.සී.සී. පරාජය කරයි

මුවර්ස් කණ්ඩායමේ මොහමඩ් ෂමාස් පන්දු 33කදී හතරේ දෙකක් හයේ තුනක් සමඟ ලකුණු 50ක් රැස් කරමින් ද එම කණ්ඩායමේ ළහිරු සමරකෝන් ලකුණු 31කට කඩුලු හතරක් දවාලමින් ද මුවර්ස් ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දුන්හ.

සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 39කදී හතරේ පහක් හයේ හතරක් සමඟ අගනා ලකුණු 66ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක නියැලුනත් සී.සී.සී. ජයග්‍රහණය ආසන්නයටම ළඟාවෙමින් සිටියදී ලකුණු 156කට ඉනිම නිමා විය.

මුවර්ස් කඩුලු 9ට 160 (පන්දු වාර 20යි) – (මොහමඩ් ශිරාස් 50, පසිඳු සුරියබණ්ඩාර 33, දිනුක දිල්ෂාන් 19, සොහාන් ඩි ලිවේරා 17, විශ්ව ප්‍රනාන්දු 26/2, චතුරංග ද සිල්වා 22/2)

සී.සී.සී. කඩුලු 7ට 156 (පන්දු වාර 20යි) – ( මිනෝද් භානුක 66, චමිඳු විජේසිංහ 17, පවන් රත්නායක 23, ළහිරු සමරකෝන් 31/4යි).

 

  • නිගම්බු ලකුණු 13කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි

එන්.සී.සී. පිටියේ ‘ඩී’ කොටසේ මේ තරගයේදී නිගම්බු කණ්ඩායමේ ඉරොෂ් ප්‍රනාන්දු (නොදැවී 40යි) සහ සචිඳු කොළඹගේ (13/3) දැක් වූ දක්ෂතා නිගම්බු කණ්ඩායමට ලකුණු 13ක ජයක් අත්වීමට මුල් විණි.

නිගම්බු කඩුලු 7ට 139 (පන්දු වාර 20යි) – (ඉරොෂ් ප්‍රනාන්දු නොදැවී 40, හිමාෂ ලියනගේ 27, ජීවක රශ්මික 21, මිතුන් ජයවික්‍රම 26/2, නිසල ආකාෂ් 6/1යි).

කැන්ඩි කස්ටම් කඩුලු 7ට 126 ( පන්දු වාර 20) – ( මිතුන් ජයවික්‍රම නොදැවී 54, සහන් කෝසල 21, සචිඳු කොළඹගේ 13/3යි).

 

  • පාණදුර ලකුණු12කින් පොලීසිය පරාජය කරයි.

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ’ කොටසට අයත් වූ මෙම තරගයේදී පාණදුර කණ්ඩායමේ රජීව වීරසිංහ සහ කොසාන් ජයවික්‍රම තුන් ඉරියව්වේම පෙන් වූ දක්ෂතා පාණදුර කණ්ඩායමට ලකුණු 12ක ජයක් ගෙනඒමට දායක විණි.

පාණදුර කඩුලු 6ට 155 (පන්දු වාර 20යි) – (රජීව වීරසිංහ නොදැවී 44, රසිඳු දවටගේ 34, නිමන්ත පීරිස් 22, කොසාන් ජයවික්‍රම නොදැවී 22, නලින් ප්‍රියදර්ශන 16/3, මලින්ද පුෂ්පකුමාර 31/1යි).

 පොලීසිය කඩුලු 9ට 143 (පන්දු වාර 20යි) – (රන්දුනු ගංගානාත් 35, ප්‍රියමල් පෙරේරා 27, නදීර බාලසූරිය 33, දනල් හේමානන්ද 13, කොසාන් ජයවික්‍රම 31/3, රජීව වීරසිංහ 20/3යි).

 

  • එන්. සී.සී. ලකුණු 56කින් චිලව් මේරියන්ස් පරාජය කරයි.

එන්.සී.සී. කඩුලු 6ට 187 (පන්දු වාර 20යි) – ( උපුල් තරංග 101, අහන් වික්‍රමසිංහ 38, කමිල් මිෂාර 18, නිපුන් ප්‍රේමරත්න 28/2, පුලින තරංග 38/2යි).

චිලව් මේරියන්ස් කඩුලු 9ට 131 (පන්දු වාර 20යි) – (කසුන් විදුර 80, රමේෂ් නිමන්ත 24, නිපුන් ප්‍රේමරත්න 12, ලසිත් ඇඹුල්දෙණිය 38/3, අසේල් සිගේරා 23/2, අෂේන් ඩැනියල් 10/3යි)

 

  • යුද හමුදාව කඩුලු 8කින් ගුවන් හමුදාව පරාජය කරයි.

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ’ කොටසට අයත් වූ මේ තරගයේදී යුද හමුදාවේ ලිලාන් රංගන සහ ගයාන් චන්ද්‍රබොස්ගෙ දක්ෂ පන්දු යැවීම හමුවේ ගුවන් හමුදා ඉනිම ලකුණු 66කට සීමා විණි.

ගුවන් හමුදාව සියල්ල දැවී 66 (පන්දු වාර 17.2යි) – (කෙමිර විජේනායක 16, චතුර රන්දුනු නොදැවී 10, ලිලාන් රංගන 16/4, ගයාන් චන්ද්‍රබොස් 5/2යි).

යුද හමුදාව කඩුලු 2ට 69 (පන්දු වාර 10යි) – (අෂාන් රන්දික නොදැවී 23, අසේල ගුණරත්න නොදැවී 20, කෙමිර විජේනායක 9/1)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee