slc
logo
Home   |    News
ජූනි 13, 2023
මනසිංහ – මදුශංක දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම විනාශ කරති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලබා දුන් ලකුණු 325 ක ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 19 ක් ඇතුළත බිඳ දැමු ලක්ෂිත මනසිංහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 194 ක පළමු ඉනිමේ වාසියක් අත්කර දීමට මූලිකත්වය ගත්තේය. තරගයේ දෙවැනි දිනයේ වැඩි කොටසක් වර්ෂාව වෙනුවෙන් සේදී ගියද දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 131 කදී නවතාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 194 ක වාසිය නිසා පහසුවෙන්ම දෙවැනි වතාවටත් පිට පිටම පන්දුවට පහර දීමේ වාරය දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට ලබාදීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හොඳින්ම අවකාශ තිබුණද දැනටමත් තියුණුව දඟ කැවෙමින් පවතින පල්ලෙකැලේ තණතීරුවේදී සිව්වැනි ඉනිමේ හඹා යෑමට සිදුවුවහොත් එය අවධානමක් වන බැවින් නැවතත් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල තීරණය කළේය.

එහෙත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට පෙර යළිත් වර්ෂාවෙන් තරගයට බාධා පැමිණීම නිසා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට අවස්ථාවක් නොලැබිණ. තරගය යළි ආරම්භ කිරීම සඳහා ක්‍රීඩාංගණ සේවකයින් දැඩි උත්සාහයක් ගත්තද විටින් විට වර්ෂාව ඇද වැටීම නිසා තරගය ප.ව. 4.25 ට දෙවැනි දිනට අත හැර දැමීමට තරග විනිසුරුවරු තීරණය කළහ.

දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ දකුණත් පිට දඟ පන්දු යවන මනසිංහට අමතරව පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය සඳහා පෙර සූදානම් කරන ඩිල්ෂාන් මදුශංක (කඩුලු 3 ක්) සහ ලසිත් ඇඹුල්දෙණිය අතර ඉතිරි කඩුලු 5 බෙදා ගත්හ. දිනයේ ආරම්භක පන්දු වාරයේදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් ඩිල්ෂාන් මදුශංක ජෝර්ඩ්න් හෝමන්ව දවා ගත්තේ පිතිකරුවාට සිතා ගැනීමටත් පෙරම පන්දුව කඩුල්ලේ වද්දවමිනි. දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම බිද දැමීම සදහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැය කරන ලද්දේ පන්දුවාර 40 ක් පමණි.

එක දිටම පන්දුවාර 9 ක් යැවූ මදුෂංක ලකුණු 31 ක් ඇතුළත කඩුලු 3 ක් ද සිත් ඇඹුල්දෙනිය ලකුණු 61 කට කඩුලු දෙකක් දවා ගනිද්දී ලක්ෂිත මනසිංහ පන්දුවාර 10 කදී ලකුණු 19 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඩිල්ෂාන් සමඟ අනෙක් පන්දුවෙන් වේග පන්දුව අතට ගත් මිලාන් රත්නායකට යැවීමට ලැබුණේ පන්දුවාර 4 ක් පමණි. පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 සදහා ලසිත් ඇඹුල්දෙණියවද නැතහොත් ප්‍රවීන් ජයවික්‍රමව කැඳවන්නේද යන්න තීරණයක් ගැනීම සදහා තේරීම් කමිටුව මෙම තරගාවලිය මිනුම් දණ්ඩක් කර ඇති බැවින් එම අන්තයෙන් ලසිත් ඇඹුල්දෙණියව කැඳවනු ලැබීය.

ඉදිරි පෙළ පන්දු යවන්නන් සිව්දෙනාම ඉතා සාර්ථක ලෙසින් පන්දු යැවීම නිසා කණ්ඩායමේ සිටින පරිණතම පන්දු යවන්නා වුණු රමේෂ් මෙන්ඩිස්ට එකම පන්දු වාරයක් හෝ යැවීමට අද දිනයේ අවස්ථාවක් නොලැබිණ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 83 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (ලසිත් කෲස්පුල්ලේ 98, ළහිරු උදාර 42, නුවනිඳු ප්‍රනාන්දු 10, කමිදු මෙන්ඩිස් 28, නිපුන් ධනංජය 13, ජනිත් ලියනගේ (01), ලක්ෂිත මානසිංහ 04, රමේෂ් මෙන්ඩිස් 78, ලසිත් ඇඹුල්දෙණිය 15, මිලාන් රත්නායක 23*, ඩිල්ෂාන් මදුශංක 04, සෙනුරන් මුතුසාමි 122/7,ක්වේනා මපාකා 43/2, ට්‍රිස්ටන් ස්ටබ්ස් 49/1)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (මැතිව් බ්‍රීට්ස්කේ 59*, ීගන් පීටර්සන් 19, ඩෙවල්ඩ් බ්‍රේවිස් 16, ලක්ෂිත මානසිංහ 19/5, ඩිල්ෂාන් මදුශංක 31/3, ලසිත් ඇඹුල්දෙණිය 61/2)

 

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee