slc
logo
Home   |    News
ජූනි 28, 2023
කොළඹ උතුර සහ මහනුවර ජයග්‍රහණ වාර්තා කරද්දී මංගල ශතකය පුළිඳුගෙන්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කො අද (28 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලියේදී සමාරම්භක දිනයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුර සහ මහනුවර කණ්ඩායම් සමත්වූහ.

මහනුවර ප්‍රදේශයේ පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් වන අස්ගිරිය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී මෙම තරග අද දිනයේදී ආරම්භ විය. මෙහිදී අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ දකුණු පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 51 ක ජයක් කොළඹ උතුරු කණ්ඩායම වාර්තා කරද්දී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගාල්ල පිලට එරෙහිව ලකුණු 88 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම් සමත්වූහ.

මේ අතර මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා (122) සමත්විය. පන්දු 89 ක් ඒ සඳහා වැය කළ පුළිඳු ඒ සඳහා හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක්ද එල්ල කර තිබුණේය. එම ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණ 303 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායමට අවස්ථාව උදාවිය.

එම ඉලක්කය හඹා යෑැමේදී ගාල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 46 අවසදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි.  ඒ අතර මැද පෙළින් පැමිණි හිරුන් ගාල්ලගේ පන්දු 80 කදී ලකුනු 61 ක් ලබා ගැනීමට සමත්විය. ඒ අතරින් දිනූක තෙන්නකෝන් සහ තරන විමලධර්ම කඩුලු 3 බැගින් දවා ගත්හ.

මේ අතර අනෙක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඉදිරි පෙළ කඩුලු 6 ම ලකුණු 29 කදී දවා ගැනීමට කොළඹ උතුරු කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත්වූහ. එහෙත් 7 වැනි කඩුල්ලට එක් වුණු ටෙනුෂ්ක නානායක්කාර (25) සහ යුතික ද සිල්වා (23) කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත් වෙමින් ලකුණු 111 දක්වා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළහ.

කෙසේ වෙතත් කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දුවිදු රණතුංග පන්දුවාර 7 කදී නිලකුණු පන්දුවාර 3 ක් ද සමඟ ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

කොළඹ උතුර – කොළඹ දකුණ අස්ගිරිය ක්‍රීඩාංගණයේදී

කොළඹ උතුරු කණ්ඩායමට ලකුණු 51 ක (ඩක්වර්ත් ලුවිස් න්‍යායයට) ජයක්

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 40.4 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (විහස් තෙව්මික 47, ඉනුක කරන්නාගොඩ 26, ශරුජන් ම්මුගනාතන් 19, ලිනාල් සුබසිංහ 14, රශ්මික හිරූෂාන් 11, සහන් මිහිර 24/3, පසිඳු විමන්ස 30/2, ෂෙනන් රොද්‍රිගෝ 28/2, විශේන් හැළඹගේ 38/2)

කොළඹ දකුණ පන්දුවාර 32.2 කදී සිටයලු දෙනා දැවී ලකුණු 111 යි – (තෙනුෂ්ක නානායක්කාර 25, යුතික ද සිල්වා 23, දුමිඳු සෙව්මිණ 12, දුවිඳු රණතූංග 27/5, විහස් තෙව්මික 32/4, උවින් පෙරේරා 11/1, ප්‍රවීන් මනීෂ 05/1)

 

මහනුවර – ගාල්ල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

මහනුවර කණ්ඩායමට ලකුණු 88 ක ජයක්

මහනුවර කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 303 යි – (පුලිඳු පෙරේරා 122, රහල් අමරසිංහ 20, සුපුන් වඩුගේ 47, දිනූෂ පීරිස් 47, මංජුල තුලරත්න 28, පැතුම් මලිත 41/3, එස්. කබිලේස්වරන් 39/2, මල්ෂ තරුපති 77/2, යූරි කොත්තිගොඩ 49/2)

ගෝල් කණ්ඩායම පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 215 යි – (ධනුජ ඉඳුවර 39, චාර්යය පරණවිතාන 23, හිරුන් ගාල්ලගේ 41, මල්ෂ තරුපති 32, තරුෂ දුමිඳු 11, කලන පැතුම් 32, දිතේනුක ඒකනායක 32/2, දිනූක තෙන්නකෝන් 12/3, තරණ විමලධර්ම 61/3, කවීෂ පියුමාල් 51/1, අබ්දූල් හකම 21/1)

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar