slc
logo
Home   |    News
ජූනි 29, 2023
රාගම සහ මුවර්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ ලකුණු 18.000ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, ඉනිමකින් හා ලකුණු 62කින් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පරාජයට පත් කළ මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 18.500ක් ලබා ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටී.

‘ඒ‘ කාණ්ඩයේ ලකුණු 17.815ක් ලබා සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ස්ථානයේ සිටින අතර, එස්එස්සී පිල ලකුණු 16.665ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ‘ඒ‘ කාණ්ඩයේ පිළිවෙලින් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 12.930ක්, යුද හමුදාව ලකුණු 12.630ක්, පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 4.565ක්, කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ලකුණු 4.020ක්, ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු   3.800ක්, බීආර්සී පිල ලකුණු 3.755ක් හා  නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය ලකුණු 3.645ක් ලබා සිටිති.

‘ඩී‘ කාණ්ඩයේ ලකුණු 16.575ක් ලබා සිටින බදුරලිය ක්‍රිකට් සමාජය දෙවැනි ස්ථානයේ සිටින අතර,  හලාවත මේරියන්ස් ලකුණු 12.745ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ‘බී‘ කාණ්ඩයේ පිළිවෙලින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 12.425ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 12.200ක්, එන්සීසී ලකුණු 4.765ක්, සෙබස්තියනයිට්ස් ලකුණු 4.490ක්, බ්ලුම්ෆීල්ඩ් ලකුණු 4.210ක්, ගුවන් හමුදාව ලකුණු 4.110ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ලකුණු 3.060ක් ලබා සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ සංවිධානය  කොට ඇත. ඒ අනුව මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ජූලි මස 23 දක්වා හා දෙවැනි අදියර අගෝස්තු මස 25 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වේ. ‘ඒ‘ හා ‘බී‘ වශයෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 22ක් එක්ව සිටින මෙම තරගාවලිය අවසන් මහා තරගය ද ඇතුලුව තරග 82කි.

අවසන්වරට පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව පළමු ඉනිමේ ජය අනුව කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) පිල දිනාගත් අතර, අනුශූරතාව ද්‍රවිඩ සංගම් පිලට (ටැමිල් යූනියන්) හිමි විය.අවසන් වරට පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙස කොළඹ ක්‍රිකට් සමාජයේ චමිදු විජේසිංහ හා තරගාවලියේ වීරයා ලෙස රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුෂ්ක සම්මානයට පාත්‍ර වූහ.

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ 29 ආරම්භවන තරග මෙසේය.

එන්සීසී – සෙබස්තියනයිට්ස් අතර තරගය එන්සීසී පිටියේදී

සීසීසී –  නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය සීසීසී පිටියේදී

යුද හමුදාව – කැන්ඩි කස්ටම් අතර තරගය පනාගොඩ යුද හමුදා පිටියේදී

එස්එස්සී –  මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී

කොල්ට්ස් – බීආර්සී කෝල්ට්ස් පිටියේදී

රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී

කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී

ගුවන් හමුදාව – මුවර්ස්  අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී

හලාවත මේරියන්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේදී

බදුරලිය –  ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee