slc
logo
Home   |    News
ජූනි 13, 2023
ලංකා ප්‍රිමියර් ලීග් මංගල වෙන්දේසියට ක්‍රීඩකයින් 360 ක්

sinhala editor

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය හෙට (14 දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 අදියර සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 360 දෙනෙක් වෙන්දේසිය සඳහා සුදසූකම් ලබා සිටිති. 2020 ආරම්භ වුණු ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන පළමු තරගාවලිය ලෙසින් මෙවර තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම මෙතෙක් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය හරහා සිදුවූ අතර, ඒ වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවූ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩක තෝරා ගැනීමක් සිදු කරන තෙවැනි ක්‍රිකට් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් 360ක් කාණ්ඩ දෙකකට වර්ග කොට ඇති අතර, ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කළ හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් වශයෙන් එම කාණ්ඩ දෙක වෙන්වේ. මෙවර තරගාවලියට විදේශීය ක්‍රීඩකයින් 156ක් ලියාපදිංචිවී සිටින අතර, දේශීය ක්‍රීඩකයින් 204ක් ද ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත්ව සිටිති.

වෙන්දේසිය පස්වරු 3ට ආරම්භ කෙරෙන අතර එය වෙන්දේසිය වට 51 කින් සමන්විත වේ. දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ බහුවිධ දක්ෂතා කෙරෙහි පූර්ණ අවධානය යොමුකරන බලයලත් කණ්ඩායම් පහේ කළමනාකාරීත්වය‍ අවම වශයෙන් ක්‍රීඩකයින් 16ක් තෝරා ගත යුතුය.  ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් වන අතර, එම සෑම කණ්ඩායමකටම දැනටමත් විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු කලින් අත්සන් කර ඇති බැවින්, තවත් විදේශීය ක්‍රීඩකයින් හතර දෙනෙක් මෙම වෙන්දේසියේදී තෝරා ගත යුතු වේ. එම සෑම කණ්ඩායමකටම වෙන්දේසියේදී වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

මෙවර තරගාවලියේදී තවත් කැපි පෙනෙන වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබිණි. එක් එක් කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මෙතෙක් වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් හයලක්ෂ පනස් දහසකින් (650,000) ඉහළ දමා තිබේ. අවසන් වසර වල සිදුකරන ලද ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමක් වෙනුවෙන් වෙන් කරන ලද උපරිම මුදල ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක් (350,000) වන නමුත් මෙම වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියනය (1,000,000) දක්වා වැඩි කර තිබේ.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිවු දෙනෙකුට සෘජුව ගිවිසුම් ගත වීමේ ඒ ඒ කණ්ඩායම්වලට හිමිවන අතර ඒ සඳහා උපරිමය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වැය කළ හැක.ඉතිරි ඩොලර් ලක්ෂ 5 ක මුදල වෙන්දේසියේදී භාවිතා කළ හැකි වේ.

අයි.පී.ජී. සමූහය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කටයුතු සංවිධානය කරමින් සිටී. තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩඩායමට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක් හා අනුශූරතාව වෙනුවෙන් මිලියන 25ක් පිරිනැමෙනු ඇත.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee